Wednesday, December 31, 2014

සල්මන් සමග පිළිසදරක්.


- By Saman Edirimunee -

ප්‍රශ්ණය - සල්මන් කාන් ඔබේ නම කුමක්ද.?
පිළිතුර - ශාරුක් කාන්

ප්‍රශ්ණය - ඔබ හදිසියෙම ලංකාවට ආවේ ඇයි..?
පිළිතුර - අක්ෂි කාච බෙදන්න..තව කිහිලි කරුත් අරන් ආවා.

ප්‍රශ්ණය - ජැකී යාළුවෙක්ද..?
පිළිතුර - නෑ යෙහෙලියක්. හොද කෙල්ල පංකාදු 7 යි.

ප්‍රශ්ණය - ආප්ප කෑවයි.
පිළිතුර - තාම කිකිළි කෙකර බානවා. බිත්තරේ දාපු ගමන් ආප්පෙ හදාගෙන කනවා.

ප්‍රශ්ණය - ඔබ ලංකාවට අළුත් කෙනෙක් නෙමෙයි. ලංකාව ගැන මොකද හිතෙන්නෙ.
පිළිතුර - ඉස්සරට වඩා පට්ට.

ප්‍රශ්ණය - ඉස්සර කිව්වෙ.?
පිළිතුර - මන්ද එහෙම තමයි කියන්න කිව්වෙ. ඇයි අවුල්ද...?

ප්‍රශ්ණය - නෑ. පට්ට. බැරි වෙලාවත් ලංකාවේ චිත්රපටියක රගපාන්න දුන්නොත් මොකද කරන්නේ...?
පිළිතුර - වහ කනව.

ප්‍රශ්ණය - මේ දවස්වල ලංකාවේ ඡන්දෙ ගැන මොකද හිතන්නෙ.?
පිළිතුර - මෙහේ ඡන්දයක් තියෙනවද..? අම්මට දේකාහේ හුඩු. දන්නව නම් එන්නෙත් නෑ.

ප්‍රශ්ණය - මෙහෙට එන්න සල්ලි කීයක් ගත්තද...?
පිළිතුර - සත පහක් ගත්තෙ නෑ, දෑත් ශක්තිමත් කරන්න ආවේ.

ප්‍රශ්ණය - මෙහේ ව්යාපාර කරන්න හිතන් ඉන්නවද.?
පිළිතුර - ඔව්.

ප්‍රශ්ණය - ඒ මොනවද.?
පිළිතුර - හරක් හොරකම. මෙහේ පට්ටෙට හරක්නේ. ස්ටෙජ් වල හිට ගොම.

ප්‍රශ්ණය - 8 වෙනිදට පස්සෙත් එනවද මෙහේ..?
පිළිතුර - ඊට කලින් මට යන විදයක් කියපං මල්ලි. උඹට පිං.

ප්‍රශ්ණය - වේදිකාවෙදි නම වරද්දලා කියද්දි මොකද හිතුනේ..?
පිළිතුර - මට හරියට ඇහුනෙ නෑ. ශාරුක් කාන් කෝල් එකක් දුන්නම තමයි දන්නෙ.

ප්‍රශ්ණය - ශාරුක් කාන් මොකද කොල් කරලා කිව්වේ...?
පිළිතුර - මචං මං ශාරුක් කාන්. මං ලංකාවෙද කියලා හොයලා බලලා අක්කට කෝල් එකක් දියන් කිව්වා.

ප්‍රශ්ණය - ඒ මොකද ඒ...?
පිළිතුර - ශාරුක්ගෙ ගෑණිට කවුද කෝල් කරලා කියලා ශාරුක් ජැකී එක්ක ලංකවෙ කියලා. එහේ ඩිවොස් නඩු.

ප්‍රශ්ණය - අන්තිමට මොකද්ද කියන්න තියෙන්නෙ...?
පිළිතුර - කෝටි 7 යි ගත්තෙ. තව 7ක් දාලා 14 ක් දෙන්නං පිං සිද්ධ වෙයි මාව ගෙදර ගිහින් දාපං.

10 comments:

  1. සලමන් නෑ වැරදුනා ශාරුක් ඛාන් ආප්පත් නොකාම මාරු උනේ ඇයි? අර ඇක්සිඩන්ට් කේස් එකට වැඩි යමක් තියෙනව මයෙ හිතේ.. උගෙ මූණ දැක්කගමන් මට තේරුණා උලක් උඩ ඉන්න එකෙක්ගේ වගේ හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් එම්බසියෙන් අම්බානක අහගෙන ගිහින් තියෙන්නේ..

      Delete
  2. ප්‍රශ්නය:- පොළොන්නරුවේ මුව දඩයමේ යමුද?
    පිළිතුර:- වැඩක් නෑනේ මචං, උඹලගේ තිස්සයා මුවාට විද්දනේ.

    ReplyDelete
  3. සමන් එදිරිමුණි ගැනත් වචනයක් කියන්න ඕනෙ මාතේ.මූ මහ පට්ට ටැලන්ට් පොරක්.තරුණයා පත්තරේ මූ කරපු විප්ලවේ මාරයි.පත්තරේට හිරවෙලා හිටිය සමන් පස්සේ රේඩියෝ ඩ්‍රාමාත් ලිවුවා.(තාමත් ලියනවද දන්නේ නෑ ).සමන්ගේ එදිරිගේ සාටරේ උපහාස රසෙන් පිරුන ආතල් කොළමක් වුනා වගේම ඒ පත්තරේට ඌ ලියපු නවකතා හැඟීම් වලින් පිරුන ඒවා.උගේ ගම ,ඒකේ අත්දැකීම් එකතුකරගන ඌ ලියපු පට්ට නවකතා සෙට් එකක් තියනවා.(ගම-උඩවලව=හරියට සඳරුවා අම්පාර ගැන ලියනව වගේ)

    ReplyDelete
  4. නියමයි. පිස්සු හැදනෙවා. සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  5. Enjoyed your language very much. Really great. Apart from politics, I laughed myself reading your language.The writer is extremely intelligent and gifted. I am indebted.
    Thank you very much.

    ReplyDelete
  6. Enjoyed your language very much. Really great. Apart from politics, I laughed myself reading your language.The writer is extremely intelligent and gifted. I am indebted.
    Thank you very much.

    ReplyDelete

Followers

Powered By Blogger