Monday, December 22, 2014

දැන් අපිට සන්තෝෂයි!!!

ඊයේ ආරංචියක් ආවා ඔලුවිල් වරාය අසල නාවික හමුදා කඳවුර හකීම්ගේ ඡන්ද ටික අරගන්න ජනාධිපතිතුමා ඉවත් කරලා කියලා. නමුත් මේ වෙනකම් ඒ ගැන කිසිම පක්ෂ විපක්ෂ දේශපාලකයෙක් කට ඇරලා නෑ. ආණ්ඩුව ඒක බොරුයි කියන්නෙත් නෑ. විපක්ෂය ඒක ඇත්තෙයි කියන්නෙත් නෑ. දෙපැත්තෙ ම ඉන්නවා රට දැය සමය වෙනුවෙන් දිවි දෙන්න සුදානම් ඈයෝ. ඇයි මේ දෙපැත්ත ම නිහඬ? මුන් දෙගෛාල්ලන් ම මේ වෙලාවේ රටට හෙන ගැහුවත් කට අරින්නේ නෑ, ඒක තමන්ගේ ඡන්ද මල්ලට අවාසි නම්. අනෙක මුන් තමන්ගේ බලය වෙනුවෙන් ඕන ම සක්කිලි වැඩක් කරන්න සුදානම් කිසිම ප්‍රතිපත්තියක් නෑති කල්ලි දෙකක්. දැන් අපි හිත හදා ගන්න ඕන ඔලුවිල් වරාය මිස කෑම්ප් එකක් නෑ. හකීම් එහෙම ඉල්ලීමක් කළේ නෑ. හකීම් එහෙම ඉල්ලීමක් කරන්න නම් කෑම්ප් එකක් තියෙන්න එපායැ.. නේද? හරි දැන් අපිට සන්තෝෂයි! ඊයේ පෙරේදා ඔස්ට්‍රේලියාව, පකිස්ථානය ලබපු මිහිරි අත්දැකීම් ළඟඳිම භුක්ති විඳින්න ලැබෙන කල් උණු දිය හැලියේ නටපල්ලා...

1 comment:

Niranjan said...

මටත් මේ වගේ ගැටලු නිසා මේ ගමන ඡන්දය කිසිම ප්‍රධාන පක්ෂයක් වෙනුවෙන් පාවිච්චි කරන්න හිත හදාගන්න බැරිවයි ඉන්නේ.

 
සිය රට දේ සිරි සැප දේ !