December 23, 2014

කෑමට එකතු කරන ලුණු

ලුණු යනු ප්‍රධාන වශයෙන්ම සෝඩියම් ක්ලෝරයිඩ් වලින් සමන්විත වුණු ඛනිජයකි. සත්වයන්ට ජීවත් වීම සඳහා ලුණු කුඩා ප්‍රමාණවලින් අවශ්‍ය නමුදු වැඩිපුර ශරීරගතවීම භයානක ප්‍රතිඵල ගෙන දිය හැකිය. මූලික රස වලින් එකක් වන ලුණු ආහාර රසකාරකයක් ලෙස ලොව පුරාම භාවිතා කෙරෙයි. ලුණු දැමීමආහාර කල් තබාගැනීමේ එක් ක්‍රමයකි.

මිනිස් පරිභෝජනය සඳහා භාවිතා කරන ලුණු, අපිරිසිදු ලුණු (උදා: මුහුදු ලුණු), පිරිසිදු ලුණු (මේස ලුණු) සහ අයඩීන් මිශ්‍රිත ලුණු වශයෙන් කිහිප ආකාරයකින් පවතියි. මුහුදු ජලයෙන් හෝ පාෂාණ නිධිවලින් ලබාගන්නා සාමාන්‍ය ලුණු ස්ඵටික සුදු, ලා රෝස හෝ ලා අළු පැහැ ගනියි. ආහාරයට ගන්නා ලුණු ඒවායේ ඛනිජ අන්තර්ගතය නිසා අළු පැහැයකින් දිස්වෙයි.
ලුණුවල අඩංගු ප්‍රධාන සංඝටක වන ක්ලෝරයිඩ් සහ සෝඩියම්අයන සියලුම ජීවීන්ට තම පැවැත්ම සඳහා කුඩා ප්‍රමාණවලින් අවශ්‍ය වෙයි. ශරීරයේ ජල අන්තර්ගතය පාලනයට ලුණු දායක වෙයි. නමුත් අධික ලෙස ලුණු භාවිතය අධි රුධිර පීඩනය, හෘදූයාබාධ මෙන්ම ආඝාතවලට වැනි භයානක රෝග තත්ව ඇති කිරීමට හේතු වේ. ලුණු භාවිතය අඩු කිරීමෙන් ඉතා පහසුවෙන්ම මේ මාරාන්තික රෝගවලින් වැළකී සිටීමට  හැකිය. අපේ සිරුරට ලුණු ලැබෙන ප්‍රධාන මාර්ගය වන්‍නේ ආහාර පිසීමේ දී එයට එක් කරන සෝඩියම් ක්ලෝරයිඩ් හෙවත් සාමාන්‍ය ලුණු වශයෙනි. අපේ සිරුරට ලැබෙන ලුණුවලින් 70%ක් ම ආහාරවලට දමන ලුණුවලින් ලැබේ. සකස් කළ ආහාරවලින් 20% කුත් ,ස්වභාවික ආහාරවලින් 10% කුත් අපේ සිරුර‍ට ලුණු ලැබේ.

මේ නිසා ආහාරයට ගන්නා සෝඩියම් ප්‍රමාණය පාලනය කිරීමට සීමා සෞඛ්‍ය බලධරයන් මගින් පනවා ඇත. අපගේ ශරීර ක‍්‍රියාකාරීත්වය සදහා ලුනු අත්‍යාවශ්‍ය වේ. නමුත් යම් සීමාවක් ඉක්මවා ලුනු ආහාරයට ගැනීම සුදුසු නොවේ.  සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෙකුගේ දෛනික ලුනු භාවිතය 1500mg ට වඩා අඩු වීම සෞඛ්‍යට වඩා හිතකර වේ. ටින්කරන ලද ආහාරවල නැවුම් බව ආරක්ෂාකිරීමට ලුණූ වැඩිපුර භාවිතා කෙරේ. 
නිවසේ ආහාර පිසීමකරන පුද්ගලයා මේ පිලිබදව අවධානය යොමුකිරීමෙන් අඩු වයසේදීම නිවසේ සාමාජිකයන්ට අධික රුධිර පීඩනය ඇතිවීමේ අවදානම වලක්වාගත හැකි සේම අධික රුධිර පීඩනය ඇති අයෙකුගේ එම තත්වය අවම ඖෂධ ප‍්‍රමාණයකින් පාලනය කරගත හැක. ලුණු වැඩියෙන් ආහාරයට ගැනීමෙන් සිරුරේ කැල්සියම් ඉවත්වීම  අධික වනනිසා ඇති සිරුරේ කැල්සියම් අවශ්‍යතාවයද ඉහළ යයි.වයස යාමත් සමග ලුණු මගින් සිරුරේ රුධිර පීඩනය ඉහළ යෑමේ අවධානම වැඩි නිසා වැඩිහිටි පුද්ගලයන් ලුණු භාවිතය අවම කිරිම ඉතා සුදුසුය.

බටහිර ක‍්‍රමයට පිසිනආහාර බොහොමයකට ලුණූ වැඩිපුර භාවිතා කෙරේ.
උදා :Ham, HotDogs, smokedmeat, Chips, other snacks
එලවලු සෝස් වර්ග චීස්වර්ග
ටින්කල හෝ පැකට් කරන ලද ආහාර ගැනීමේදී එහි අඩංගු ලවණ ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න.(එහි අඩංගු ලුනු ප‍්‍රමාණය 100mg වඩා අඩු දැයි පරීක්ෂාකාරී වන්න)
ආපනශාලාවලින් MSG (මොනෝ සෝඩියම් ග්ලූටමේට්/අජිනමොටෝ) එකතුනොකල ආහාර ඉල්ලුම් කරන්න. මෙය ආහාර රසගැන්වීමට භාවිතාකරන රසකාරකයකි. එහි සෝඩියම් ලවණයබහුලව ඇත.

ලුණු භාවිතය අඩු කරන්නේ කොහොමද?

  • ආහාර පිසීමේදී එකතුකරන ලුණු ප්‍රමාණය අඩුකරන්න.ඒ වෙනුවට තුනපහ සහ අනෙකුත් රසකාරක  (කරපිංචා, රම්පෙ වැනි) එක්කර ආහාරයේ රසය වැඩිකරගන්න.
  • ආහාරවලට එකතුකරන චීස් වර්ග සෝස් වර්ග අවම කරන්න.
  • නිතරම සැකසූ ආහාර වෙනුවට නැවුම් ආහාර (පලතුරු, එළවළු, මාළු, කිරි, බිත්තර සහ මස් වර්ග) ආහාරයට ගන්න (අලුත් මාළු, මස් වර්ග වල අඩංගු ලුණු ප්‍රමාණය සැකසූ හෝ ටින්කල මාංශමය ආහාරවලට වඩා අඩුය).
  • ටින්කළ ආහාර ගැනීමේදී සෑමවිටම එකතුකල ලුණු අවම හෝ ලුණු එක් නොකරන ලද ආහාර ගන්න.
  • සෝස්, අච්චාරු, ලුණුදෙහි, චට්නි, මස්ටඩ් ක්‍රීම් වැනි ලුණු අධිකව එක්කල ආහාර භාවිතය අවම කරන්න.
  • වෙළඳපලේ ඇති ස්නැක්, ක්‍රිස්ප්, පොටැටෝ චිප්ස් වලට වඩා අතරමැද සැහැල්ලු ආහාර ලෙස පලතුරු සහ එළවළු ආහාරයට ගන්න.ඔබේ දරුවාට ඒවා පුරුදු කරන්න.( ලුණු රස අපට කුඩා අවධියේදි සිට පුරුදු වී ඇති රසයකි. එබැවින් කුඩා දරුවන්ගේ ආහාරවලට එකතු කරන ලුණු ප්‍රමාණය ඉතා අවම කිරිමෙන් අඩු ලුණු රසකින් ඔවුහු සෑහීමට පත්විමට කුඩා කල සිටම පුරුදු වෙති.)
  • සැකසූ අහාර නිෂ්පාදනයේදී ඒවාට අධිකව ලුණු එක්කරනබව මතක තබාගන්න. එමනිසා නැවත ලුණු එකතු කිරීම අවම කරන්න.

සකස්කලේ:
පී.ඩී.පී ධනසේන
විද්‍යා හා තාක්ෂණ නිලධාරි අඹන්ගගකෝරළේ



0 comments:

Post a Comment