Skip to main content

කොටන්න කලින් ...

පරිගණක ක්‍රමලේකනයෙදී වැදගත්ම දේ මොකද්ද?

අදාළ පරිගණක භාෂාව දැනගනීමද?
එහෙමත් නැත්නම් ක්‍රමලේඛන මුලධර්ම දැනගනීමද?

මම නම් හිතන්නේ වැදගත්ම තමන් කරන දේ මොකද්ද කියල පැහැදිලි අවබෝධයක් තිබීම.
එහෙමත් නැත්නම් තමන්ගේ 'logic' එක 100% පැහැදිලිව පරිගණකයට දෙන එක.
එහෙම දෙන්න නම්, මුලින්ම තමන්ගේ logic එක තමන් හරියට හදාගන්න ඕනේ.

ක්‍රමලේකනය කියන්නේ යම් කිසි ගැටලුවක් විසඳීමට දෙන ක්‍රමවේදයක්.
ක්‍රමලේකනයට අළුතින් එකතු වෙන අය කරන වැරැද්දක් තමයි මෙන්න මේ ක්‍රමවේදය මොකද්ද කියල තමන් මුලින් හිතන්නේ නැති එක. පරිගණක කියන්නේ ක්‍රමලේකනය අකුරට පිළිපදින යන්ත්‍ර විතරයි. ගැටළු විසඳන්න පරිගණක දන්නේ නැහැ. විසඳන ක්‍රමය ඔබ අකුරෙන් අකුර පරිගණකයට කිව යුතුයි.

එක පාරට කම්පියුටර් එක ඉස්සරහ කොටන්න ගන්න එපා. අරහෙන් මෙහෙන් කෝඩ් කෑලි කොපි කරන් එකට අමුණලා ගොඩ යන්න උත්සාහ කරන්නත් එපා. ඉස්සෙල්ලම පොඩ්ඩක් හිතන්න තමුන් මේ ගැටලුව විසඳන්නේ කොහොමද කියලා. ඊට පස්සේ විසඳුම ගැන high level අවබෝධයක් ආවාම ක්‍රමලේකනය පටන් ගන්න.

Remember, the best thing about computers is that they will do EXACTLY what the code (i.e. YOU) tell it to do. The worst thing about computers is also that they will do EXACTLY what the code (i.e. YOU) tell it to do.

PS: පහුගිය මාස කීපයේ විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ ක්‍රමලේකන පැවරුම් වලදී මේ වැරැද්දද හොඳටම දැක්ක නිසයි මේ ටික ලියන්න හිතුනේ. පැවරුම් භාර දෙන දවස ලං උණාම තමයි හැමෝම ගාල කඩාගෙන ඔලු ගිනි අරගෙන උදව් ඉල්ලං දුවන් එන්නේ!

Comments

  1. මමත් හැමෝටම කියන දෙයක් තමා computer එක ඉස්සරහා වාඩි වෙලා coding කරන්ට පටන්ගන්ට කලින් කොලේක design කරලා ඉන්ට කියන එක.. අඩුමගානෙ pseudocodes වලින්වත් ලියාගන්ට බැරිනම් solution එක මොකක්ද කියලා, coding වලදි අනාගන්න එක බුදු ෂුවර්..

    පරිගණක භාෂාවක් නොදැන වුනත් අපට solution එකක් design කරන්ට පුළුවන්.. ඒක ගොඩක් ළමයි තේරුම් ගන්නෙ නෑ..

    ක්‍රමලේඛනය

    ReplyDelete
  2. ක්‍රමලේඛනය කියන්නෙ programming ද?

    ReplyDelete
  3. මෙලෝ හසරක් තේරුන්නෑ යකෝ

    ReplyDelete
  4. අම්මපා මං ඔ්වා දන්නෙම නෑ මලයා

    ReplyDelete
    Replies
    1. මලයා..!! අම්මපා නිරෝගෙ හබී මේක දැක්කනම් එහෙම බුවා වහ කනවා.. :-D

      Delete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන