Tuesday, December 16, 2014

හුරේ මෙවරත් අපිම තමයි එක (We are the first)


ලංකාව කියන්නේ ආසියාවේ ආශ්චර්යම තමයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. නැත්නම් දැනට බලන්න පුළුවන් දත්ත අනුව පසුගිය වසර 4 දී  මේ අංශයෙන් ලෝකයෙන්ම එක වෙලා තියෙන්නේ අපේ අය. අපිව පරද්දන්න බංගලි කාරයෝ, ඉන්දියන් කාරයෝ, ඉතියෝපියන් කාරයෝ ලොකු ට්‍රයි එකක් ගත්තා මෙවරත් එත් අපි දිනුවා. මේ ජයග්‍රහණයට දායක වූ පාසල් හා විශ්ව විද්‍යාල සිසුන්, රාජ්‍ය හා පුද්ගලික අංශ සේවකයන්, විශ්‍රාමික පුද්ගලයන් ඇතුළු සැමට සුබපැතුම්.

කෝ කෝ තවම කියන්න බැරි වුනා නේ මේ ජයග්‍රහණය කුමන අංශයකින්ද කියලා. මෙවරත් අපි දිනුවේ ගුගල් වල sex සර්ච් කරලා. මෙන්න ජයග්‍රාහී රටවල්
google sex search 2014
ලොකු කරන්න ක්ලික් කරන්න

වෙන එකක් තබා අපි කොතරම් දියුණුද කියනවා නම් ජොබ් ගැන ගොසිප් ගැන සින්දු ගැන සොයනවාටත් වඩා අපි සෙක්ස් ගැන හොයනවා. මෙන්න දියුණුව
Compare Sex. Gossip, Jobs, Video, Songs
ලොකු කරන්න ක්ලික් කරන්න
එසේම ලෝකයේ පසුගිය වසරේදී වැඩිපුරම සොයන ලද වචනය facebook වේ. එම වචනය ලංකාවේදී sex වලට පරාජය වීමද තවත් ජයකි. එනම් අප සාමාන්යෙන් දන්නා පරිදි අපේ බොහෝ දෙනා facebook බාවිතා කරයි ලංකාවේ එයටත් වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලය මගින් සෙක්ස් සොයයි.



මෙහෙම උනත් ගිය වසර වල වගේම මේ වතාවෙත් තවත් වැදගත් අංශ වලින් ඉදිරියෙන් ඉන්නවා මෙන්න ගියවර ඒ ගැන මම විස්තර කල ලිපිය 

සොයා බැලීමට දත්ත පවතින පසුගිය වසර 10 සඳහා ගතහොත් සමස්තයක් ලෙස ඉදිරියෙන්ම සිටින්නේ අපි වේ. සමහර විට ලංකාවට ඉන්ටර්නෙට් ආ දවසේ සිට සිටින්නේද අපිම විය හැක. පසුගිය වසර 10 යේ දී අප පළමු 6 දෙනා අතර සිටීමද විශේෂත්වයකි

2004 - 6 වෙනියා
2005 - 4 වෙනියා
2006 - 4 වෙනියා
2007 - 5 වෙනියා
2008 - 3 වෙනියා
2009 - 5 වෙනියා
2010 - 4 වෙනියා
2011- 1 වෙනියා
2012- 1 වෙනියා
2013- 1 වෙනියා
2014- 1 වෙනියා

මේකත් තව ටික දවසකින් ගොසිප් කාරයෝ, පත්තර කාරයෝ පට්ට ගහන නිවුස් එකක් වේවි. ගුගල් සමාගමෙන් නිකුත් කල වාර්ෂික වාර්තාව අනුව මෙවරත් අපි සෙක්ස් වලින් එක කියලා. නමුත් මේ එහෙම වාර්තාවක් නොවේ. මේක පසුගිය කාලයේ මිනිසුන් ගුගල් හි සෙවුම් කලේ කෙසේද කියා බලා තම වෙබ් අඩවි සාර්ථක කරගැනීමට වෙබ් අඩවි හිමිකරුවන් සඳහා ඇති මෙවලමක්. ඕන වචනයකට ඇති ඉල්ලුම බලන්න මේකේ සර්ච් කර බලන්න
http://www.google.com/trends/

2014/12/15 දින පලකරන ලද ලිපියේ අඩුපාඩු කිහිපයක් තිබුණු බැවින් අද(2014/12/16) දින වැදගත් තව  කරුණු කිහිපයක් එක් කරන ලද බැවින් එයට පෙර කියවූ අය නැවත කියවා බලන්න.

32 comments:

  1. Replies
    1. ආසියාවේ ආශ්චර්යය.

      Delete
    2. බලාපල්ලා නව ජනාදිපති ආවම ඔය ප්‍රශ්නේ ඉවරයි

      Delete
  2. Replies
    1. බෑන්ඩ් එක මෙන්ඩිස්.

      Delete
    2. ගල් බොන නොදියුණු උන් තමයි sex සොයන්නේ

      Delete
  3. හුටා
    එක දිගට තුන්වෙනි වරටත්

    ReplyDelete
    Replies
    1. එක දිගට සිවු වෙනි වරටත්. ඒගැන නැවත ලියුවා බලන්න.

      Delete
  4. අයියෝ සල්ලි.....!!

    ReplyDelete
    Replies
    1. අම්මා ගහයි බැට් එකෙන්.

      Delete
  5. @ මහා කලු සිංහල සහබ්,

    අරේවා!!!!!!! වී ආ ද චැම්පියන්ස්!!!!!!!!!!!!
    හික්z!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  6. මේ සිංහල අපගේ රටයි අප නිතරම සෙක්ස්ම බලයි.
    ජය වේවා
    ලංකා මාතා

    ReplyDelete
    Replies
    1. සෙක්ස් බල බල අතේ ගXX

      Delete
    2. @උඩ ඇනොට
      එක නම් යස අදහස

      @යට ඇනොට
      සෙක්ස් බල බල හිතෙන් හුXX

      Delete
  7. ආවුස් අප්පා..

    ReplyDelete
  8. මේකෙන් ගන්න පුලුවන් හොඳම නිගමනය තමයි අපේ රටේ ගොඩක් අයට තාම ඉංග්‍රීසි කථාකරන බාෂාවෙ යෙදුම් ගැන අවබෝධයක් කෑ කියන එක
    සෙක්ස් වෙනුවට යොදන්න පුලුවන් වචන සිය ගනන් කියෙනවා

    ReplyDelete
    Replies
    1. අනිවාර්න්ම් එක තමයි නිගමනය. ඒ වගේම අන්තර්ජාලය පුද්ගලයන්ට ලන්වීමෙදී දැන උගත්කම, ඉංග්‍රීසි දැනුම බලපාලා නැහැ කියන එක සතුටට කරුණක්

      Delete
    2. මෙතනදී මෙම අගයයන් ලබා ගන්නේ යම් රටක යම් වචනයක් සොයනලද වාරගනන එම රටේ අන්තර්ජාල සම්බන්ධතා ගණනින් බෙ‍දලා නම් පොදු අන්තර්ජාල සම්බන්ධතා පාවිච්චි කරන පිරිස වැඩි රටවල අගයයන් ඉහල යනවා

      Delete
  9. මකසි කාලෙකින්..

    අර විදුලි සංදේශ එකෙන් වෙබ් අඩවි බ්ලොක් කරනව කියල කියද්දිත් බය නැතුව කප් එක ගහනව අපේ කට්ටිය..

    උඩ ජගත් කියපු කතාව ඇත්ත, ලැයිස්තුවෙ පළවෙනි රටවල් හතම තුන්වෙනි මට්ටමේ රටවල්. මට මතක විදිහට මකසි ගිය අවුරුද්දෙ ලිපියෙ මේක ගැන කිව්ව. (ඉන්දියාවෙ ඉතින් උපරිම දියුණුව වගේම උපරිම නොදියුණුකමත් තියෙනවනෙ.)

    අර ප්‍රස්තාරෙ හැටියට ගොසිප් කියන ජාතිය යුද්ධෙන් පස්සෙ වගේනෙ එකපාරටම මතු වෙලා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. මේවා නීතිවලින් පාලනය කරන්න බැහැ. බලමු ලබන වසරේදී මොනවා වේවිද කියා.

      //අර ප්‍රස්තාරෙ හැටියට ගොසිප් කියන ජාතිය යුද්ධෙන් පස්සෙ වගේනෙ එකපාරටම මතු වෙලා තියෙන්නෙ..// එක නම් ඇත්ත. එතනත් තියෙන්නේ නොදැනුවත් කම. අපේ බුවාලා ප්‍රධාන පුවත්පත් වල සයිට් වලට යන්න දන්නේ නැහැ නිවුස් හොයන්න ගහන්න දන්නේ ගොසිප් වචනය ගහලා ගොසිප් අඩවියකට ගිහින් අර පුවත්පත්වලින් කොපිකරපු නිවුස් බලනවා.

      Delete
  10. ලංකාවේ ලිංගික නිදහසක් නැහැ. ලිංගික හැන්ගීම් සංස්කෘතියෙන් පාලනය කරන්න හදන රටවල් වල තමයි අන්තර්ජාලයෙන් ස්වයංවින්දනය කරන්නේ.

    ReplyDelete
    Replies
    1. මෙතන එක හේතුවක් එක අනික් එක ඉංග්‍රීසි නොදැනුවත් කම. මේ ගැන මම ගියවසරේ පලකල ලිපියේ විස්තර කළා.

      Delete
  11. මේකට හේතුව කපල් එහෙකට නිදහසේ යන්න එන්න තැනක් නෑ සහ ලංකාවෙ බහුතරයට වැලක් බලන්නෙ කොහොමද කියල අවබෝධයක් නෑ. අහෝ දුකකි!

    ReplyDelete
    Replies
    1. කපල් වලටම වෙන්වුණු විහාරමහාදේවී පාක් එකට ගියත් වොයෙජර්ලා පිරිලා. ඉන්ටර්නෙට් යන්න දන්නේ නැති උන් හැමතැනම ඉන්නවා ඇස් ආතල් ගන්න බලාගෙන

      Delete
  12. ආදරයට සීමා මායිම් තහංචි ගොඩාක් තියෙනවා අපේ සමාජය ඇතුලෙ...කපොල් එකකට ලං වෙලා කථා කරන්නත් බැරි තරමයි සමහර වෙලාවට...ඉතිං ඒ අයගෙ චිත්ත සන්තානය දවන හැගීම් අන්තර්ජාලයෙදි අකුරු වෙන්නෙ මේ විදියට සර්ච් කොටුව ඇතුලෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නේ තියෙන්නේ ඔය ආදරයට සීමා මායිම් තහංචි දාන උපාසකයොත් ඔය සෙක්ස් බලන ගොඩේම ඉන්න එකයි.

      Delete
  13. අඩේ දැන්ම කිව්වා නම් ජනාධිපති අපේක්ෂකලා දෙන්නා ඔ්වාට තරගෙට උත්තර හොයලා දෙයි...........

    ReplyDelete
    Replies
    1. උන් දන්නේ සංස්කෘතික පොලීසියක් දාලා පිළිතුරු හොයන්න විතරයි.

      Delete
  14. ගියවසරේ ඔබ පල කළ ලිපිය කියෙව්වට පස්සෙ මං ඒ ගැන ටිකක් වැඩිපුර අවධානය යොමු කළා. ඔබ හරියටම හරි ම.ක.සි. !!
    තමුන්ටම කියලා පරිගණකයක් නැති තරුණ පිරිස් Internet Cafe වල පිහිටෙන් මේ වගේ දේවල් හොයනවා. ඒත් සෙවුමට යොදා ගත යුතු වචන ගැන නොදැනුවත් නිසා, සරලවම දන්න එකම වචනය අැතුළත් කරලා සෙවීම ක්‍රියාත්මක කරවනවා.
    තමන්ටම පරිගණකයක් තිබෙන උදවිය අතරෙත් මේ තත්වය බහුලයි.

    තවත් වැදගත් හේතුවක් මං දැක්කා. ඒ තමයි, පරිගණකය හැසිරවීමට දැනුම තිබුණත්, නිසි පරිගණක-සාක්ෂරතාවයක් නොමැති වීම.
    බහුතරයකගේ වෙබ් බ්‍රව්සර් මෘදුකාංග වල මුල් පිටුව ලෙස පවතින්නේ ගූගල් සෙවුම. Address Bar එක අැතුළේ තමුන්ට අවශ්‍ය වෙබ් අඩවි ලිපිනය (Domain address) අැතුළත් කරලා කෙලින්ම අදාල අඩවියට යන්නෙ බොහොම සුළු පිරිසක් විතරයි.
    තමුන් දවසේ පැය විසිහතරම භාවිතා කරන ෆේස්බුක් වෙබ් අඩවියටවත් facebook.com කියලා Type කරලා යන්නෙ නෑ බහුතරයක්. ඒ වෙනුවට එයාලා තමුන්ගේ වෙබ් බ්‍රව්සරයේ මුල් පිටුවේ තියෙන සෙවුම තුළ, තමන්ට යාමට අවශ්‍ය අඩවිය අැතුළු කරලා, එයින් ලැබෙන සෙවුම් ප්‍රතිඵල වලින් අදාල අඩවියේ සබැඳිය මත click කිරීම තමයි ඔවුන් භාවිතා කරන ක්‍රමය.

    දවසක් මගෙ හිතවතෙක්, Google chrome වෙබ් බ්‍රව්සරය විවෘත කරලා, එහි Home page ලෙස තිබුණු Google අතුරු මුහුණතේ "google" type කරලා, ඒ ලැබුණු සෙවුමේ ඉහලින්ම තිබුණු http://google.com සබැඳියෙන් නැවත Google සෙවුමට ගිහින්, එතැන "facebook" type කරලා, ඒ ලැබුණු සෙවුම් ඵලයෙන් ලැබුණු https://www.facebook.com සබැඳියෙන් තමයි Facebook අඩවියට ගියේ මගෙ අැස් ඉදිරිපිට ම යි!! මට පොලොව පලාගෙන යන්න තරම් ලැජ්ජා හිතුණා.
    අැයි දෙයියනේ මේ මිනිස්සු Google එකට යන්නෙත් Google එකේම හොයලා නේ!!!

    ReplyDelete
  15. ඔබේ බ්ලොග් අඩවිය දැක්කේ අයි. මාතලන්ගේ කොමෙන්ටුවක් දැකයි. ලංකාවේ මිනිසුන් සෙක්ස් ගැන හෙවිම වරදක් හැටියට දකින්නේ ඇයි ? එය සාමාන්‍ය මිනිස් අවශ්‍යතාවයක් නොවේද?
    --එසේම මගේ බ්ලොගයට ලින්ක් එකක් දැමීම ගැන ස්තුතියි.

    ReplyDelete