11 December 2014

ආස්චර්යයේ පාර පැනීම // Why did the politian cro$$ the road?



ස්ථානය අලුතෙන්ම  කාපට් දමා නැගුනු ආස්චර්යයේ මාවතක් . එහි වේගයෙන් දෙපැත්තට යන එන වාහන පෙළ පාලියකි . ජීප් පිරිවරා යන වැන් , ලoගම බස් බැනර් කොඩි ගසා ගෙන යත්. පාර පැනීමට බලාපොරොත්තුවෙන් පාර අයිනට වී සිටින ගැමියෙකි . ඔහු අතේ පනිට්ටුවකි . ඔහු අසළට  තරුණ ගැටයෙක් පැමිණෙන්නේය .

ආ මාමේ කොහේද මේ පාන්දරම ?

අර නළ  ලිඳ ගාවට යන්න කියලා බං 

උදේම නා ගන්නද ?

නෑ බං  දොට්ට යන්න හදනකොට දැක්කේ වතුර ඉවරයි කියලා . ඉස්සරනම් ගුරුපාර දිගේ ටුක් ගාලා ගියා . වතුර පනිට්ටුවක් ගත්තා 
දැන් මේ රෙද්ද සන්අර්දනේ හින්දා , යකෝ දොට්ට යන්න පාර පනින්න වරුවක් බලන් ඉන්න ඕනේ නේ.

ඒ වුනාට මාමේ ,මේක සංවර්ධනේ නේ ..අර අපේ ඇමති තුමා කියන්නා වගේ ලංකාවේ ආර්ථිකය නැගිටින්න මේ පාරවල් , අර UDA කැට  අල්ලපු ජෝගින්  ට්‍රැක්  එහෙම නැතුව බෑනේ 

අනේ මට නම් ඕවා තේරෙන්නේ නෑ  කොල්ලො

පනින්න තව ටිකක් බලන් ඉන්නවෙයි වගේ මාමේ . අද ලොක්කාගේ රැස්වීම අරහේ.. අනිත් කට්ටියගේ රැස්වීම මෙහේ. ඒ අස්සෙන් නිවාඩු දවස හින්දා ට්‍රිප් යන කට්ටියත් වැඩියි වගේ 

හ්ම්ම් , පාර පනින්න සෑහෙන වෙලාවක් ඉන්න වෙයි වගේ.

ඒ වුනාට මාමේ , අර කට්ටියනම් එහාට මෙහාට පනිනවා නිකන් බට්ට පනින්නා වගේ .

බඩත් පුරු පුරු ගානවා බං  දැන් නම් 

මාමේ මේ සමහරු ආපුවහමයි දන්නේ එහෙම උන් හිටියා කියලා .

ඒකනේ  බං   ...අර මේ ලඟදි ආවේ විනෝදාංශ පිලිබඳ නියෝජ්‍ය ඇමති කෙනෙකුත් . ඒ කියන්නේ මුද්දර එකතු කිරීම , මිතුරු මිතුරියන් ඇසුරු කිරීම , නවකතා කියවීම වගේ විනෝදාන්ස වලටත් ඇමති කෙනෙක් ඉඳලා නේ බං ...හෙහ් හෙහ් හෙහ් 

ඒක නෙමේ, මාමා ගේ විනෝදාංශ එහෙම මොනවද 

දැන් නම් ඉතින් මේ ආච්චර්යේ පාරේ දෙපැත්තට යන වාහන බලා ගෙන ඉන්න එක තමා කොල්ලෝ


පලි : කිරි කිරියේ කොන්ක්‍රීට් වැටි, රට පුරා සංවර්ධනයේ මාවත් දිගහැරී  ඇත . හැටට හැටේ පාගා ඒවායේ වාහන පේලි ඇදෙති  .සංවර්ධනයේ මාවත දිගේ වේගයෙන් යන එවුන්ට , එහෙම ගියාට කරන්නට එහෙම කියා රාජකාරියක් නැත . ඒ මාවත් දෙපස බලා සිටින්නවුන්ටද ඒ පාරෙන් ඒ හැටි වැඩක් නැත . පාර එළ ය. ගමනාන්තය ගැන අදහසක් එහෙමට නැත.එහෙම බලන කොට සංවර්ධනයේ මාවත දිගේ අපි කරන්නේ විනෝද චාරිකා යාම සහ දෙපස හිට ගෙන එහි යන එන වාහන ගණන් කිරීමය . එහෙව් රටක වැදගත්ම අමාත්‍ය ධුරය විනෝදාස්වාදය පිලිබඳ ඇමති ධූරයම යයි මට විටෙක සිතේ .

6 comments:

  1. හයිවේ එව්වට බයි පාස් තියෙනවා, හරිද? ඒකෙන් ගිහිං වතුර ගෙනෙං මාමෙ.
    ඵලකය ගහල තනි පිටුවෙ ඇඩ් එකක් දාලා විවෘතකල ටොයිලට් එකක් නැද්ද මාමෙ?

    ReplyDelete
    Replies
    1. ජනාධිපතිතුමාගේ සන්කල්පයක් අනුව හදපු එකට යන්න තව පාරක් පනින්න ඕනේ. ඒකට බයිපාස් නෑ. මොකෝ එක ගමට එක වැඩයි නේ

      Delete
  2. උද්‍යාන සහ විනෝදාස්වාද පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය..

    කව් ද දන්නේ නෑ ඒකේ ඇමතියා...

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඒ අමාත්‍යාංශයත් ලොක්කාම තියාගෙන වගේ

      Delete
  3. රටේ බහුතරයක් ජනතාව ඉල්ලන්නෙ ඔය ආතල් එක තමා... බලන්න ඔය මාමත් මාසයක් දොට්ට යන්නෙ නැතුව හිටියත් ලොකුමාමාට කතිරෙ ගහන්නෙ නැද්ද කියලා....

    ReplyDelete
    Replies
    1. එකනෙ වැඩේ.. යහපාලනය නේමේ ජනතාවගේ ඉල්ලීම ජහ පාලනය.. ලොක්කා ඒක දන්නවා.. ඒකනේ ජනමූල ගුලි දෙන්නේ

      Delete

Have commented