ජීවිතේ එක් ශීතල නිශාවක..,
වැරදුනා මට අන්තිම..,
බස් රිය…
පොදි බැදන් ජීවිතය…,
කර මතින් රාජකාරිය…,
ඔරලොසු කටු කරකැවෙන…නිශාව …,
දැනුනෙ නෑ දිගුව ඇති බව…
ඈතින් පෙනේ ලාම්පු එලි..මීදුම කපන..,
හපුතලේ කන්ද නගිනට තතනන …ලොරියක..,
යා යුතුයි…ඔවුනට පෙනෙනෙ දෙසකට..,
දන්නවා ඔවුන්..ජීවිතේ බර හොදටම…
අතදමා..එල්ලිලා..වේගය බාලවුනු ලොරියට…
කිය කියා හඩනගා…ආගිය විස්තර..තරගෙට….
හඬනවා…එංජිම….බෑ බෑ කියන තරමට…
ගෙවෙනවා..ජීවිතය…දින..පැය..තත්පර…ගනනට…
එදා සිට සෑම රාජකාරි දිනකම…
නොවරදවා…වරදවා අන්තිම බස් රිය….
එල්ලුනා අහඹු ලෙස හමුවුනු ලොරියක….
උගත් දේ බොමැයි…..බදුල්ලට එනකොට… !
[…] – වැරදුනා බස් රිය – […]