It wasn’t a dream, I’m still here……? ගෙවත්තේ කොම්පෝස්ට් නිෂ්පාදනය!


carbon_nitrogen_graph

මා කලින් සටහනේ කියවන හෝ නිකම් ක්ලික් කරන පිරිසගේ දත්ත දැමුවේ හේතුවකට. එනම් මේ පිරිස ඉතා කුඩා සංඛ්‍යාවක් කියන්න. මෙයිනුත්, බලපු හෝ කියවපු සටහන් වල දත්ත දැමුවොත්, මේ ලියන දේ වලිනුත් වැඩිපුර කැමැත්තක් ඇත්තේ මොනවාටද යන්න ඔබ‍ට පෙනේවි. නමුත් එය මා දාන්නේ නැහැ. නමුත් දන්නවා.

මා යමක් කියන්න උත්සාහ කරපු හා මා ඉගෙන ගත් දේවල් ඇසුරින් ලියපු සටහන ක්ලික් කරලා තියෙන්නේ ඉතා සුළු පිරිසක්. එයිනුත් කී දෙනෙකු කියවුවාදැයි කවුද දන්නේ?

මා ලියන්නේ, අනෙක් වැඩ ඉවර කරලා ලැබෙන වේලාවෙන්. එයට මගේ අනෙක් විනෝදාංශ ද ඇතුලත්. එනම් ඒවාත් ඉවර කරලා ලැබෙන නිදහස් වෙලාව තමයි මේ. හැබැයි මේ දේ වුණත් යම් අරුතක් ඇතිව කරන්න මට අවශ්‍යයි. කියවන කිහිප දෙනා අතුරින් පෙනෙන දෙයින් මට බලාපොරොත්තුකඩ කර ගැනීමට වෙළා නැහැ.

සරල රසාස්වාදය මා ප්‍රිය කරනවා. එයිට එහාට අප යමක් කියවන්න, බලන්න හා ලියන්න අවශ්‍යයි. මොකද සමහරවිට අපේ ආකල්ප රඳා පවතින්නේ, වෙනස් වන්නේ ඒ මත. මා ප්‍රාට කලින් සටහනේ දුන්න පිළිතුර වාගේ අප, විවේචනයෙන් එහාට ගොස් ජීවිතය දිහා බලන්න ඕනේ. මේ විවේචනය කරන්නේ නිකම් විනෝදයක් සඳහා නම්, එය මා කලින් සටහනක ලියා ඇති පරිදිම කාලකන්නිකමක්. කාලකන්නින් වැඩිපුර ඉන්නා ගමක, පලාතක, රටක, ජාතියක ප්‍රගතියක් ඇති වන්න හැටියක් නැහැ.

උපේක්ෂා ලියපු මෙන්න මේ සටහන මගේ අවධානයට ලක් වුණේ, එහි විවේචනයන් එහාට ගිහිං විසඳුමකුත් අඩංගු නිසා. මෙන්න මෙවා තමයි මාත් කියන්නේ. අපට ඒකීය මිනිසුන් වශයෙන් සමහර විට දෙන්න පුළුවන් ඉතා සුළු දායකත්වයක්. නමුත් එවැනි මිනිසුන් ලක්ෂ ගණනකගේ සුළු දායකත්වය, අන්තිමට මහා ප්‍රතිඵල වලට පාර කපනවා.

රටක අනික් ප්‍රශ්න, චන්දය දීම, ආකල්ප වෙනස් කර ගැනීම, දුප්පත්කමින් ගොඩ ඒම යනාදී සියල්ලටම මෙවැනි සුළු දායකත්වයන් තමා අවශ්‍ය. ලෝකේ ඉතා කුඩා දිවයිනක් වන ලංකාව, ලෝකේ ලොකුම දේවල් කරන්නට දත කාල, අන්තිමට ලබු ඇටයක තරම්වත් දෙයක් කරන්නේ නැහැ. ඕස්ට්‍රේලියාව වගේ රටවල්, ඉතා කුඩා ව්‍යාපෘති වලින් පටන්ගෙන ලෝකෙම අල්ලනවා. අන්තර්ජාලයේ නිකම් ජබුං ගහන පිරිස් පවා මෙය තේරුම් ගන්න බවක් පෙනෙන්න නැහැ.

ගෙවත්තේ කොම්පෝස්ට් නිෂ්පාදනය යනුවෙන් ලියපු පළමු සටහනට පාර කැපුවේ උපේක්ෂා ගේ ඒ බ්ලොග් සටහන.

ගමෙන් නගරය පිරිස් සංක්‍රමණය වීම අමුතු දෙයක් නොවේ. ප්‍රධානම දේ මේ අය එන්නේ රැකියා, එනම් ජිවන මාර්ග සොයාගෙන. දැන් මාත් එයිට එහාට ගිහින්, සදහටම ඉපදුන රටත් දාල ඇවිත් ඉන්නේ.

ඕස්ට්‍රේලියාව ගත්තොත්, මේ වන විට සංක්‍රමණික විසා ලබා දීම වසර හයකට පසු ඉහලම අගයක් ගන්නවා. OECD දත්ත වලට අනුව මෙසේ සංක්‍රමණය වන පිරිස් පුරවැසි භාවය ලබා ගැනීම 46.6% කින් වැඩි වෙලා තියනවා. වසර 2012/13 දත්ත අනුව අලුත්ම ප්‍රවණතාවය තමා වැඩිම පිරිසක් විසා වලට ඉල්ලුම් කරන්නේ ඉන්දියාවෙන් (40,100), දෙවෙනි රට ලෙස චීනය (27,300) හා ඉන්පසු සාම්ප්‍රදායිකව වැඩිම පිරිසක් කලින් ඉල්ලුම් කරපු රට වන බ්‍රිතාන්‍යය එනවා (21,700). මේ ගැන ලියපු Canberra Times පත්තරේ තිබුණේ ඉන්දියාව හා චීනය මිනිසුන් මේ විසා සොයන ප්‍රධාන මිනිස් උල්පත කියායි.

අන්න ඒ වගේ පුතේ, ආසියාවේ ඇතුලේ දිනකට 120, 000 ක් දෙනා ගමෙන් නගරයට එනවා. ඔව් එක දවසකට මෙච්චරක් දෙනා සංක්‍රමණය වෙනවා. මේ එන පිරිස් විශාල ප්‍රශ්න වලට පාර කපනවා. නිසි පරිදි නිවාස නැති කම නිසා හා ඒවාට වත්කමක් නැති නිසා මුඩුක්කු සමාජ ඇති වෙනවා. දැනට ගණන් බලල තියෙනේ අන්දමට 2030 වසර වන විට ලෝකයේ බිලියන දෙකක ජනතාවක්, එනම් ඒ වන විට ලෝකයේ ඉන්න ජනතාවගෙන් හතරෙන් පංගුවක් මෙවැනි අඩුපහසුකම් නාගරික මුඩුක්කු වල දිවි ගෙවනු ඇති.

මෙයට විසඳුම, මේ මිනිසුන් ඒ තැන් වලින් නැවත එළවා, චීන්නුන්ට ඒ ඉඩම් විකුණා, ගතමනාව සාක්කුවේ දමා ගැනීමද? නැත්නම්, රටේ දුප්පත් කම නැති කෙරෙන දීර්ග කාලින වැඩ පිළිවෙලක් ඇති කිරීම හෝ එයට පරිසරයක් ඇති කිරීමද? මේවා සාමාන්‍ය චන්දදායකයාගේ සිතට නැගෙන්න අවශ්‍ය දේවල්.

නාගරික ජනගහණය වැඩි වීමේදී කොහොමත් සිදුවන දෙයක් තමා ජන-ඝනත්වය ඉහල යාම. මොකද ඉඩම් වැවෙන්නේ නැහැනේ. මේ ජන ඝනත්වය වැඩි වීම නිසා තව ප්‍රශ්නයක් එනවා. එනම් මිනිසුන් ජනනය කරන කසල ප්‍රමාණයත් ඉහල යනවා. මේවා කොහෙද දමන්නේ, ඒවාට මොනවාද කරන්නේ? චීනුන් ඇවිත් කසල ගෙන යාවිද වැනි ප්‍රශ්න ගණනාවක් එනවා.

ඉස්සර රේඩියෝවේ ගිය මුවන් පැලැස්ස ඉවර වුණේ මෙන්න මේ වගේ.

කවුද බලපන් පිනා අර වලවුව පැත්තට එන්නේ?

  • ආ, මේ කදිරානේ!

මල හත්තිලව්වයි, කදිරෝ මොකෝ මේ ලේ පෙරාගෙන!

(තව කොටසක් ලබන සතියේ).

අන්න ඒ වගේ, කොම්පෝස්ට් ගැන දැන ගන්න නම් ඊළඟ සටහන කියවන්න.

http://whatcom.wsu.edu/ag/compost/fundamentals/needs_carbon_nitrogen.htm

පලි
දැන් කෝ කොම්පෝස්ට් හැදිලි කියා සිත නරක් කර ගන්න එපා. මෙය අන්තිමට සංක්‍රමණය පිලිබඳ සටහනක් වුණා. එයට මගේ කලින් සටහනක ලියපු දෙයක් හා ‘ඇනෙක්ඩෝටල් එවිඩන්ස්’ හෝ ‘කැෂුවල් ඔබ්සර්වේෂන්’ අනුව වෙනත් තැන් වල පළ කෙරෙන අදහස් වලට පොඩි ඌන පූරණයක්. හෙක්!

6 Comments

Filed under Agriculture, Energy, Lifestyle, Opinion

6 responses to “It wasn’t a dream, I’m still here……? ගෙවත්තේ කොම්පෝස්ට් නිෂ්පාදනය!

  1. කුරුටු ගෑ ගී පවුර

    අගේ අැති බ්ලොගයක්………….. ඒත් අාවේ අදයි……………. දැන් දිගට ම ඒන්න පාර හදාගත්තා…………… ලියමු ………………………

  2. ස්තුතියි ඔබට කුරුටු! පරණ සටහන් බලන විට, ඒවායේ කොමෙන්ටු දමපු අය දැන් මෙතනින් හැලී ඇත්තේ මන්ද කියා කල්පනා කරන්න නම් එපා, එන්න අප හා රැඳී ඉන්න ! 🙂

  3. නුවර කුමාරි

    මගේ සටහන බලා ඔබ යමක් ලියන බව කියපු හින්ද මම ටිකක් ඇහැගහගෙන වගේ උන්නේ.. හික්..! නමුත් කෝ ඔබ මාව රිසයිකල් බින් එකට දාල!!

    හරි හරි…. ලියමු ලියමු… මම කැමතියි ලියනවා නම්. මතයන්, සම්මතයන් එලියට එනවා නම්. මොකද මගේ පරම්පරාවට හිතන්නට ආහාර බොහොම හිඟ දුර්භික්ෂ කාලයක් මේක.

  4. හපොයි රිසයිකල් බින් දාල කොහොමද?
    දැන් මෛත්‍රී හදිසියේ වත් ෆේල් වුනොත්, කරුණා නම් මේ පැත්තට එන එකක් නැහැ. ආවත් එයාට තියන මිනීමැරුම් චෝදනා නිසා හරි අමාරුයි ගොඩ යන්න. මුදිතා ඉස්කෝලෙන් පස්සේ කොහේ ගියා දැයි කිසිවෙකු දන්නේ නැහැ.
    ඊළඟට ඉන්නේ ඔබයි. මාර (මරා) පරාජය කිරීම සඳහා ඔබ සුදානමින් සිටින්න! 🙂

  5. නුවර කුමාරි

    ඩස්ට් බින් නොදා රිසයිකල් බින් දැම්ම කිව්වේ, ආයෙත් එන්න අවස්තාවක් තියෙන හින්ද. වෙන මුහුණුවරකින් හරි… වෙලාවට එහෙම බේරුණේ !

    මෛත්‍රී ට, කරුණා ට, මුදිතා ට තියෙන්නේ ක්‍රියාත්මක වෙන්න. මට තියෙන්නේ ‘උපේක්ෂාවෙන්’ බලා ඉන්ට. ( උපේක්ෂාවෙන් වැඩකරනවා කියල එකක් අහල හොරයි වගේ දැනෙන්නේ නැද්ද?) මාර දූවරු නැත, ඉන්නේ පුතාලා තුන්දෙනෙකි. උන් නම් මාරම මාරය !

  6. වෙලාවට මාර දුවණියන් නොවී, පුත්‍රයන් වුණේ. නැත්නම් නිරාපරාදේ කඩයප්පන් කථා අහන්න තිබුනා! 😀

    විහිළු පැත්තකට දැමුවොත් හරි ඇත්ත කතාවක්. කවදද උපේක්ෂාවෙන් වැඩ කෙරුවේ? උපේක්ෂාවෙන් නිකම් බලා ඉන්න එකනේ කරන්නේ. ඔය හැමෝම කරන්නේ. එයිට වඩා දෙයක් කරන්නත් බැහැ නේද මේ වාතාවරණය ඇතුලේ. ටික දිනකට කඩේ වහන්නයි මා හිතා ඉන්නේ. කොට කෑලි සමගින් හමුවෙමු!

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.