HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අප දන්න අපේ දිවෙහි ‘රස සිතියම’ වැරදියි! විද්‍යාඥයන්ගේ නව සොයා ගැනීමක්!

අපි කුඩා කාලයේ දී පාසලේ දී ඉගෙන ගත්තේ දිවෙහි රස හඳුනන තැන් ඇති බවයි. ලුණු රස, තිත්ත රස, ඇඹුල් රස, පැණි හෝ මිහිරි රස වර්ග හඳුනා ගත හැකි විශේෂ තැන් දිවෙහි තියෙන බවයි. ඒත් දැන් විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා, ඒ සිතියම මුළුමනින් ම වැරදි බව. දිවෙහි ඇති දහස් ගණනක් වූ සංවේදකවලට වෙනසක් නැතිව ඕනෑම රසයක් හසුකර ගන්න පුළුවන් කියලයි, ඒ විද්‍යාඥයන් කියන්නේ. ඔවුන් කියන විධියට දිවෙහි සංවේදකවලින් අල්ලා ගන්නා ඕනෑම රසයක් ඒ කුමන රසයක් දැයි හඳුනා ගනු ලබන්නේ මොළයේ ඇති සෛලවලින්.

 
කොලම්බියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කියන විධියට රස හඳුනා ගන්නේ දිවෙන් නෙමෙයි, මොළයෙන්.
ඔවුන් කියන්නේ දිවෙහි ඇති දහස් ගණනක් වූ සංවේදකවලට වෙනසක් නැතිව ඕනෑම රසයක් හසුකර ගන්න පුළුවන් කියලයි, තිත්ත (රූපය ඉහළ), ඇඹුල් (අංක 2), ලවණ (අංක 3), යන රසත් පැණි හා මිහිරි රස (දිව අග) ආදී වශයෙන් ඕනෑම රසයක් දිවේ ඕනෑම තැනකින් දැනෙන බවයි, ඔවුන් කියන්නේ.

මේ පර්යේෂණ කළේ කොලම්බියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක්. ඔවුන් මේ සඳහා දිවෙහි තැන තැන විසිරී ඇති රසාංකුර 8,000ක් අධ්‍යයනයට හසු කර ගත්තා. එහි දී ඔවුන් තේරුම් ගත්තා සෑම රසාංකුරයකටම මූලික රස පහක් අල්ලා ගත හැකි බව. මෙයින් ඔප්පු වුණා, විශේෂ රස හඳුනා ගන්නට විශේෂිත තැනක නොමැති බව.

නිදසුනක් වශයෙන් පැණි රස දැනෙන්නේ දිවග‘ට පමණක් යන මතය බොරු බව ඔවුන්ගේ පරීක්ෂණයෙන් තහවුරු වුණා. ඒ වෙනුවට ඔවුන් සොයා ගෙන තියෙනවා, දිවෙහි ඇති සෑම රසාංකුරකින් ම ලැබෙන සංඥා විග‍්‍රහ කර අර්ථ දක්වන්නට හැකි විශේෂ නිරෝන වර්ගයක් මොළයේ ඇති බව, අපේ දිවේ සෑම රසාංකුරයක ම රස ග‍්‍රාහක 100ක් පමණ තියෙනවා. ඒවායින් තමයි, මොළයට සංඥා යවන්නේ.

මෙසේ යැවෙන තොරතුරු මොළයෙන් කෙසේ විග‍්‍රහ කෙරෙන්නේද යන්න තවමත් පැහැදිලි නැහැ. එහෙත් රස මොනවාදැයි හඳුනා ගැනීම සිදු කෙරෙන්නේ දිවෙන් නොව මොළයේ සෛලවලින් පමණක් බව විද්‍යාඥයන් තහවුරු කර ගෙන තියෙනවා. මේ නිසා අප ඉස්සර ඉගෙන තිබුණු දිවේ රස සිතියම වැරදි බව තහවුරු වුණා.

මේ සොයා ගැනීම කෙරුණේ විශේෂ රස වර්ග යෙදූ රසායනික මීයන්ට ආහාරය සඳහා ලබා දීමෙනුයි. ඉන්පසු මීයන් ඒ විශේෂ රසායනික ආහාරයට ගනිද්දී ඔවුන්ගේ මොළයේ විශේෂ නියුරෝන දැල්වෙනවා. ඒ බව විද්‍යාඥයන් නිරීක්ෂණය කළා.

මෙම පර්යේෂණයෙහි නිරතව සිටින මහාචාර්ය චාල්ස් සකූර් කියන්නේ මේ කටයුතුවල අවසාන ප‍්‍රතිඵලය වන්නේ මේ ආකාරයට මොළයේ රසාංකුර පාලනය කරන සෛල හැසිරවිය හැකි වූ විට වියපත් වීමේ දී රස නොදැනෙන තත්වයට පත් වූ අයට ප‍්‍රතිකාර කිරීමට ඉන් හැකියාව ලැබෙන බවයි.

 
අයිස් කී‍්‍රම් එකක රස බලන යුවතියක්. ඒ ඒ රස මොනවාදැයි හඳුනා ගැනීම සිදු කෙරෙන්නේ දිවෙන් නොව මොළයේ සෛලවලින් පමණක් බව දැන් විද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා. මෙම සොයා ගැනීම අප මෙතෙක් හඳුනා ගෙන සිටි රස දැනෙන සිතියම වෙනස් වෙනවා.

Post a Comment

1 Comments

  1. අලුත් දැනුමක් ලැබුවා........... අදයි මේ පැත්තට අාවේ............ දිගට ම ඒන්න පාර හදාගත්තා..................

    ReplyDelete