ශාක විද්‍යා සංගමයේ වාර්ෂික ප්‍රජා සත්කාරය සාර්ථකව අවසන් කෙරේ

Share

විද්‍යා පීඨයේ ශාක විද්‍යා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප්‍රජා සත්කාර වැඩසටහන සහ ශාක විද්‍යා අංශයේ වාර්ෂික ක්ෂේත්‍ර චාරිකාව පසුගිය ඉල් මස 29 හා 30 යන දෙදින තුළ පැවත්වුණා. එම වැඩසටහන් දෙකම අති සාර්ථකව නිම කිරීමට හැකිවීම පිළිබඳ එහි මූලික බර කරට ගෙන කටයුතු කල ශාක විද්‍යා සංගමයේ සංවිධායක මණ්ඩලය වශයෙන් අපට ඇත්තේ මහත් සතුටකි.

ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ මාතර, අකුරැස්ස ලේනම කණිෂ්ඨ විද්‍යාලය සඳහා අවශ්‍ය පහසුකම් සපයා දීම සිදු කෙරුණා. මෙම පාසල තෝරා ගැනීම සඳහා අපට සහය දුන්නේ අකුරැස්ස කළාප අධ්‍යාපන කාර්යාලයේ නිළධාරී මණ්ඩලයයි. ලේනම කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති එන්. සමරවීර මහතා ඉන්පසු ක්‍රියාකාරීව දායකත්වය සපයමින් පාසලට තදින්ම අවශ්‍ය වී තිබුණු පහසුකම් කිහිපයක් අපවෙත දැනුම් දුන්නා මෙන්ම ඉන්පසු අපත් සමඟ සම්බන්ධතාවයන් පවත්වාගනිමින් ඉතා හොඳ සහයෝගයක් ලබා දුන්නා. ඒ අනුව විද්‍යාලයට අත්‍යවශ්‍යව පැවති පානීය ජල සපයා ගැනීම මෙන්ම අනෙකුත් අවශ්‍යතා සඳහා ලිඳක් සහ මෝටර් පද්ධතියක් ද, ප්‍රාථමික අංශය සඳහා විදුලි බලය ලබා දීම ද සෞන්දර්යය අංශය සඳහා අවශ්‍ය සංගීත භාණ්ඩ කිහිපයක් ලබා දීමද යන භාරදූර වගකීම අපට පැවරුණා.

Matara Lenama School

ඉන්පසු ඉතාම උනන්දුවෙන් හා වගකීමෙන් කටයුතු කල අපහට රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න මුළු වටිනාකමකින් යුතු භාණ්ඩ හා මුදල් ප්‍රමාණයක් එක් රැස් කර ගැනීමට හැකියාව ලැබුණා. මෙම කර්තව්‍ය සඳහා ශාක විද්‍යා අංශයේ ආචාර්ය මණ්ඩලයෙන් ලැබුණු සහය ගැන විශේෂයෙන්ම මතක් කලයුතු වෙනවා. ශාක විද්‍යා අංශයේ අංශාධිපතිනිය වන  ආචාර්ය සුධීරා රන්වල මහත්මිය, ශාක විද්‍යා සංගමයේ ජේෂ්ඨ භාණ්ඩාගාරිකතුමිය වන ආචාර්ය ප්‍රදීපිකා සපුතන්ත්‍රී මහත්මිය සහ අනෙකුත් සියළුම ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන්ගේ මුදල් ආධාර මෙන්ම නොමඳ සහය අපවෙත ලැබුණා. අවශ්‍ය ලියකියවිලි සකසා ගැනීමට මෙන්ම නිසි මඟපෙන්වීමෙන් කටයුතු කිරීම ගැන ඒ සියළු දෙනාට අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.

එමෙන්ම විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමා ගැන විශේෂයෙන් මතක් කලයුතු වෙනවා. එතුමාගේ සහය අපහට නොලැබුණා නම් මේ කටයුත්ත කිසිවිටෙකත් අපට සාර්ථක කර ගත නොහැකි වෙනවා. එමෙන්ම කටයුත්ත සඳහා විශ්වවිද්‍යාල බස් රථය මෙන්ම අනෙකුත් අවශ්‍යකා සපයා දුන් කොළඹ විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ ලේඛකාධිකාරිතුමා ඇතුළු අනෙකුත් සියළුම කාර්ය මණ්ඩලයට අපගේ ස්තුතිය පුද කර සිටිනවා.

එමෙන්ම මුදල් ආධාර මෙන්ම විවිධ ආකාර වලින් සහය ලබා දුන් ව්ද්‍යාපීඨයේ සියළුම අංශවල අධ්‍යන කාර්ය මණ්ඩලයේ සාමාජික මහත්ම මහත්මීන්ටද අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සියළුම සාමාජිකයින්ට ද, විද්‍යා පීඨයේ සියළුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද නන් අයුරින් සහය ලබාදුන් සියළුම දෙනාටද ඉතා ගෞරවයෙන් ස්තුතිය පුද කර සිටිනවා. විශ්ව විද්‍යාලයෙන් අප හට රුපියල් හැට දහසකට අධික මුදල් ආධාර ප්‍රමාණයක් එකතු කර ගැනීමට මේ සියලුම දෙනාගේ සහය අප හට ලැබුණා.

ඒ සඳහා ව්‍යාපාරික බවතුන්ගේ නොමඳ සහයද අප වෙත ලැබුණා. ලිඳ සහ ප්‍රාථමික අංශයට විදුලි බලය ලබා දීම සඳහා අවශ්‍ය වන බොහොමයක් භාණ්ඩ අප හට එම ව්‍යාපාරික බවතුන් විසින් ලබා දුන්නා. ඒ ආයතන වල මහත්ම මහත්මීන්ටත් අප ස්තුතිය පුද කර සිටිනවා. මේ අයුරින් අපවෙත ලැබුණු නොමසුරු දායකත්වයන්ගෙන් ළිඳ සහ මෝටර් පද්ධතිය සහ  විදුලි බලය සඳහා අවශ්‍ය භාණ්ඩ හා උපකරණ ලබා ගත්තා. රුපියල් හතලිස් පන්දහසකට ආසන්න වටිනාකමකින් යුතු පෙරදිග සංගීත භාණ්ඩ මිලදී ගැනීමට ද අප වෙත ලද ආධාර මුදල් වලින් අපට හැකි වුණා.

සියළුම කටයුතු සූදානම් කර ගැනීමෙන් අනතුරුව පසුගිය 29 වන දා අප ලේනම කණිෂ්ට විද්‍යාලය බලා පිටත් වුණේ ලිඳ සහ ප්‍රාථමික අංශයේ විදුලි පද්ධතිය විවෘත කිරීමේ අරමුණ ඇතිවයි. මෙහිදී විදුහල්පතිතුමා ඇතුළු අනෙකුත් ආචාර්ය මණ්ඩලය ඉතා විශාල උත්සවයක් ඒ සඳහා සූදානම් කර තිබුණු අතර අපව ඉතා ගෞරවයෙන් ඒ සඳහා පිළිගනු ලැබුවා. ශාක විද්‍යා අංශය වෙනුවෙන් ශාක විද්‍යා අංශයේ හිටපු අංශාධිපතිණී මහාචාර්ය ශාමලා තිරිමාන්න මහත්මියත්, ආචාර්ය හෂේන්ද්‍රා කත්‍රිආරච්චී මහත්මියත්, ආචාර්ය චන්ද්‍රිකා නානායක්කාර මහත්මියත්, ජිනේන්ද්‍රා දිසානායක මෙනෙවියත් කණිෂ්ඨ අධ්‍යන මණ්ඩලයේ සාමාජිකයින් හා ශාක විද්‍යා සංගමයේ සාමාජිකයින් මෙම වැඩසටහන සඳහා සහභාගී වුණා.

10454381_10152643339933611_5332620266484919534_n

10801595_10152643335573611_5064868621911669419_n

10556389_10152643343178611_7515491390245369511_n

උදෑසන ඉතා ප්‍රණීත ආහාර වේළකින් අපට සංග්‍රහ කිරීමට එම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය මෙන්ම දරුවන්ගේ දෙමව්පියන් කාරුණික වුණා

1459050_10152643344763611_3927033388231333427_n 1656051_10152643345703611_3572979428632690143_n

ඉන්පසු ජාතික ගීය ගායන කිරීමෙන් අනතුරුව උත්සවය ආරම්භ කෙරුණු අතර මහාචාර්ය ශාමලා තිරිමාන්න මහත්මියගේ  සුරතින් පාසලට මංගල දියවර ලබා දීම සිදු කෙරුණා.

10805543_10152643372768611_8464264916740251062_n 10522905_10152643372008611_518577710295260418_n

10423924_10152643375393611_1503915456066565794_n 1794734_10152643371373611_424147076762147848_n

IMG_2861 IMG_2857 IMG_2858

ඉන්පසු ප්‍රාථමික අංශය සඳහා ආලෝකමත් කිරීම සඳහා අවශ්‍ය විදුලි බල පද්ධතිය ක්‍රියාත්මක කෙරුණේද මහාචාර්ය ශාමලා තිරිමාන්න මහත්මියගේ සුරතිනුයි.

DSC003861509315_10152643395803611_4434919718645832126_n 10410322_10152643397853611_4258005757084074995_n 10301428_10152643407858611_3600079624924897309_n

පොල්තෙල් පහණ දැල්වීමෙන් අනතුරුව උත්සවයේ ඉදිරි වැඩකටයුතු ආරම්භ වුණා

10614171_10152643382233611_1111288468901609876_n

10690202_10152643383008611_8107342811663212791_n

10427338_10152643384473611_5980656337609881033_n 10462897_10152643384438611_2721616883529617332_n 10389010_10152643385043611_7680090309425139058_n 10734175_10152643386448611_3589636065206015055_n

10432546_10152643386528611_4232539482681453045_n

ඉන්පසු පැමිණ සිටින අමුත්තන් කිහිප දෙනෙක් සභාව ඇමතූ අතර දරු දැරියන්ගේ දක්ෂතා රැගත් නැටුම් ගැයුම් කිහිපයක්ද ඉදිරිපත් කෙරුණා. එහිදී විද්‍යාලයේ ගුරුමණ්ඩලයේ කිහිප දෙනෙක්ද සභාව ඇමතූ අතර අපගේ මහඟු සද්කර්තව්‍යයේ වටිනාකම මෙන්ම ඒ සඳහා ඔවුන්ගේ පැවති අවශ්‍යතාව සහ අඩුපාඩුවද  විස්තර කර දෙනු ලැබුවා. මෙය පැමිණ සිටින සියළු දෙනාටම හැඟීම්බර අවස්ථාවක් වූ අතර අප ලද ජයග්‍රහණය ගැන සියුම් සතුටක් මෙන්ම ආඩාම්බරයක් ද සිත් තුළ ජනිත කරන්නට ඒ කථාවන් සමත් වුණා.

10367553_10152643411828611_4084928865627170838_n 1526436_10152643410678611_6171419090243775589_n 10635727_10152643415148611_3160377880569492657_n 10440923_10152643413983611_1899055852995909992_n

1533733_10152643409398611_2688939970044538506_n 13751_10152643413368611_5592454170568048380_n

1897769_10152643409373611_2689561075301477170_n

10013793_10152643414178611_8240427340685158668_n 10653563_10152643417203611_802517432370136644_n 10704155_10152643417948611_6905191279862924411_n10155614_10152643419263611_3843550937061985479_n

ඉන් පසුව සංගීත භාණ්ඩ බෙදා දෙනු ලැබුවා.

10306483_10152643352368611_3538213558530648477_n (1)

උත්සවය නිමා වීමෙන් අනතුරුව ක්ෂේත්‍ර චාරිකාව ආරම්භ කෙරුණා. එහිදී හම්බන්තොට මිරිජ්ජවිල වියළි කළාපීය උද්භිද උද්‍යානය නැරඹීම මූලික තැනක් ගනු ලැබුවා.

10421093_10152643426758611_2472041975668130876_n 10177867_10152643427688611_2435951031070005269_n 1536421_10152643428548611_4854262108773820408_n

ඉන්පසු හම්බන්තොට වරාය නැරඹීමටද මෙය අවස්ථාවක් කරගත්තා.

1920125_10152643421043611_5414469113283359047_n 10402498_10152643421543611_8463353689214155672_n 10698666_10152643423093611_6045282770882761630_n

එදින රාත්‍රියේ නවාතැන් ගත්තේ බෝගහපැලැස්ස සංචාරක බංගලාවේ ය.

1
IMG_3098පසුදින උදෑසන 5ට පමණ චාරිකාවේ ප්‍රධානතම අංගය වන යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට යන ලදි. එහිදී සුවිශේෂී සතුන් විශාල ප්‍රමාණයක් දැක ගැනීමට හැකි වූ අතර කලාතුරකින් දැක ගැනීමට හැකි සතුන් වන අලියා, දිවියා දැක ගැනීමට ලැබීම විශේෂ කරුණක් වුණා.

10390431_10205078728475257_7188468912306276306_n
ඡායාරුපය සඳහා අනුග්‍රහය: දුලාන් ඉලංගසිංහ මහතා

10259338_10152643435838611_3837365143067836806_n
10612726_10152643437993611_5203804973827431476_n 10421270_10152643448368611_8412984137595625935_n 11362_10152643438158611_7241606563418473924_n 1533718_10152643440798611_2938411646081196868_nමෙහිදී ඉතාමත්ම සුවිශේෂී කරුණක් වූයේ ගොඩබිමට ඉතාම ආසන්නයෙන් පිහිනා ගිය ඩොල්ෆින් මසුන් කණ්ඩායමක් මුණ ගැසීමයි. එය එම මුහුදු වෙරලේ අතිශයින්ම විරල දර්ණයක වූ අතර අප සමඟ ගමන් ගත් සෆාරී රථ වල රියදුරු මහතුන්ද එම දර්ශණාය දුටු පළමු අවස්ථාව එය විය.

යාල වනෝද්‍යානය නැරඹීමෙන් අනතුරුව යෝධ වැවට සම්බන්ධ දර්ණීය ඇලක් වන යෝධ ඇලෙන් අප සියළු දෙනාම ස්නානය කිරීම චාරිකාවේ විනෝදජනකම අවස්ථාවක් විය. ඉන්පසු දිවා ආහාරයෙන් අනතුරුව නැවත කොළඹ බලා පිටත් විය.

සියළුම කටයුතු ඉතාම සාර්ථකව අවසන් වූ අතර එම කාර්යයන් සාර්ථක කර ගැනීමට උපකාර කල සියළු දෙනාටම නැවතත් ස්තුතිය පුද කර සිටිනවා. එමෙන්ම චාරිකාව සඳහා අප සමඟ එක් වූ ශාක විද්‍යා අංශයේ ආචාර්ය මණ්ඩලයේ මහත්මීන්ට ද කණිෂ්ඨ අධ්‍යන මණ්ඩලයේ මහත්ම මහත්මීන්ටද තුන් වන වසර සහෝදර සහෝදරියන්ට ද අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.

පුබුදු නවරත්න
උප සභාපති – ශාක විද්‍යා සංගමය 2014/2015