Wednesday, November 26, 2014

ලයිට්පීක්-අධිවේගී තොරතුරු හුවමාරු ක්‍රමයක් එළි දකී!


ලයිට්පීක්

අධිවේගී තෙරතුරු හුවමාරු ක්‍රමයක් එළි දකී!

පරිගණක උපාංග අතර තොරතුරු හුවමාරුවට දැනට යොදා ගන්නේ තඹ කම්බි හෙවත් තඹ සන්නායක කොටස්ය. එහෙත් ඒ වෙනුවට ප්‍රකාශ තන්තු හෙවත් (Optical Cables) යොදා ගත හැකි ක්‍රමයක් ඉන්ටෙල්(Intel) සමාගම සොයා ගෙන තිබේ. ඒ නව තාක්ෂණය නම් කොට තිබෙන්නේ ලයිට්පීක් (LightPeak)’ කියාය.


          ලයිට්පීක් ක්‍රමයේදී, සියුම් ප්‍රකාශ තන්තු යොදා ගෙන දැන් තිබෙන ඕනෑම පරිගණක උපාංගයක් එකිනෙකට සම්බන්ධ කරන්නට පුළුවන මව්පුවරුවේ තඹ ලෝහයෙන් මුද්‍රිත පරිපථ හරහා කෙරෙන විදුලි හුවමාරුවීම් සියල්ල කරන්නට ලයිට්පීක් ප්‍රකාශ තන්තු යොදාගත හැක.

මෙතැන තිබෙන විශේෂ වාසි අතරින් කැපී  පෙනෙන්නේ ලයිට්පීක් තන්තු හරහා තොරතුරු හුවමාරු කළ හැකි වේගයයි. එය තප්පරයට ගිගාබයිට් 10 (10Gbps) කි.මේ වේගය අනුව තෙරතුතරු හුවමාරු ‍වෙන විට බ්ලූරේ ඩිස්ක්(Blue Ray Disk) එකක රැදවිය හැකි ගිගා බයිට් 25ක් (25GB) තරම් තොරතුරු ප්‍රමාණයක් තවත් තැනකට Copy කරන්නට ගත වෙන්නේ තප්පර 30කි.

දැන් තිබෙන අලුත්ම USB Port Interface එක වන USB 3.0 Port එකක වේගය හෙවත් (Super speed USB) වේගය 5Gbps කි.ඒ අනුව බලන විට ලයිට්පීක් තාක්ෂණය වේගවත්ය. 2020 වන විට ලයිට්පීක් වේගය 100Gbps වැඩිකළ හැකි බව Intel සමාගමේ ජේසන් ෂීලර්ගේ මතයයි.

ලයිට්පීක් ක්‍රමයේදී යොදා ගන්නා ප්‍රකාශ තන්තුව කෙස්ගසකින් භාගයක් තරම් සියුම් විෂ්කම්භය මයික්‍රොන 62.5 (62.5µ) වූ එකකි. සාමාන්‍ය ප්‍රකාශ තන්තුවක් වීදුරු වලින් තනා තිබෙන නිසා එය කැඩෙනසුලුය. එහෙත් ලයිට්පීක් තනා තිබෙන්නේ විශේෂ ප්ලාස්ටික් (Ultem Plastic) වර්ගයකින් නිසා නැමෙනසුලු බව වැඩිය. දූවිලි සහ වෙනත් ගැස්සීම් වලට ඔරොත්තු දෙන මෙය මීටර් 100ක දුරකට තොරතුරු හුවමාරු කළ හැකිය.


  [Source: විජය පරිගණක]

වැදගත් උනා නම් කොමෙන්ටුවක් දාලම යන්න. ඔබේ අදහස්, අවවාද, තර්ක අපිට ගොඩක් වටිනවා.

Comment එකක් දාන්න