හිනැහෙණු සඳ මෙන්………

Share

ඔබේ කඳුලු ඔබට හොරෙන්
සොරකම් කර ඔබේ ඇසින්
සඟවන්නම් සදා මගේ
ඇසිපිය යට සිනා සෙමින්

මගේ සිනහ මගේ මුවින්
සොරකම් කර ඔබ වෙනුවෙන්
ඔබ මුවගේ පළදන්නම්
සිනා සෙමින් ලඟින් ඉඳන්

ඔබ අත් හැර මිය යනවිට
ඔබට හොරෙන් නොකිය ඉතින්
මගේ මතක ඔබට කියයි
හිනැහුන බව මා සමගින්

එවිට කඳුලු ගලා එතොත්
මා දෙන ලඟ වැටෙනු කලින්
නිදිගත් ඇසි පිල්ලම් යට
සඟවා හිනැහෙණු සඳ මෙන්………