2014/11/22

වෙන්වීම

සැඟවුණා නුඹෙ
සුවඳ සුසුමක සැඟවුණා
කඳුලු සීතල මැදින් දෙකොපුල
පුරුදු උණුසුම තැවරුණා

තනි වුණා ගං දෑල
දෙවුරක තනි වුණා
ගිලිහුණා පියසලනු බැරි වී
අත්තටු ද ගිලිහුණා

ගිලිහුණා නොපිපීම
නටුවෙන් ගිලිහුණා
ගොලු වුණා ගී ගයනු බැරි වී
තුඬ තුඬ ම ගොලු වුණා

No comments:

Post a Comment