0 Shares

අන්තර්ජාලය කියන්නේ ලෝකෙයේ තියෙන ලොකුම තොරතුරු ගබඩාව කියලා හදුන්වන්න පුලුවන්. නමුත් අන්තර්ජාලයට ඇබ්බැහි වීම තුලින් වටිනා කාලය අපතේ යවා ගත්ත මිනිසුන් මිලියන ගණනක් මේ ලෝකේ ඉන්නවා. විශේෂයෙන් පාසල් ළමුන් පවා Facebook වගේ Social Networks වල, එහමත් නැත්තම් YouTube වගේ වෙබ් අඩවි වල දවසට පැය 10, 12 ගත කරනවා කියන එක නොරහසක්. විශේෂයෙන් ඔහුන් අපතේ යවන්නේ ඔහුන්ගේ ඉගන ගැනීමේ කටයුතු කරගන්න පුළුවන් වෙලාවයි.

Simple Time Track

හුගක් අයට තියන ප්‍රස්නයක් තමයි Facebook වගේ වෙබ් අඩවි වල ඉන්න විට කාලය ගත වෙනවා කියල දැනෙන්නේ නැති එක.

ඒකට හොදම විසදුමක් විදියට Simple Time Track කියන Google Chrome Extension එක හදුන්වන්න පුළුවන්.

මේ Google Chrome Extension එකෙන් ප්‍රයෝජන ගන්නේ කොහමද?

Simple Time Track කියන Google Chrome Extension එකට හැකියාව තියනවා ඔබ අන්තර්ජාලයේ ගත කරන කාලය මනින්න.

උදාහරනයක් විදියට ඔබ Facebook වලට ලොග් වෙන විට මේ Extension එක මත Click කර New Task විදානය ලබා දෙන්න. ඉන් පසු ඔබ කැමති නමක් දී Play Button එක ඔබන්න. එතැන් පටන් Extension එක මගින් කාලය ගණනය කරනු ලබනවා. එමගින් ඔබට පුළුවන් කොතරම් වෙලාවක් ඔබ Facebook තුල සිටියාද කියල දැනගන්න. එමගින් ඔබට යම් තාක් දුරකට කාලය කළමනාකරණය කරගන්න පුළුවන්.

ඔබගේ එදිනෙදා වැඩ අනුව ඔබට අවශ්‍ය ඕනෑම දෙයකට මෙය යොදාගන්න පුළුවන්. උදාහරනයක් විදියට මම, මේ බ්ලොග් එකට පොස්ට් එකක් ලියන්න පටන් ගන්න අවස්ථාවේ මේ Extension එක Run කරනවා. එමගින් පුළුවන් බ්ලොග් පොස්ට් එක ලියන්න කොතරම් වෙලාවක් ගියාද කියලා දැනගන්න.

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

Leave a Reply