Friday, November 14, 2014

118. රවී වටේ රවීගේ ගමනේ තවත් වටයක් ඇරඹුණු වගයි!

අද දින, රවී වටා රවීගේ ගමනේ තවත් වටයක් ඇරඹීම නිමිති කොටගෙන ඉතාමත් දීර්ඝ වූත්, හරවත් වූත්, සාරගර්භ වූත් දේශනයක් බඳූ වූ බ්ලොග් මාගලක් වියා ගන්නට සිතා උන්නද, පසුගිය සති තුන හතර පුරා මට සිදු වූ වින්නෑම්බෑසිය කරන කොටගෙන එම මාගල වියා ගැනීමට නොහැකි වූ බව සතුටින් දන්වා සිටිමි.

(වින්නෑම්බෑසිය නම් අපේ දරු පැටවු දෙදෙනා බලා කියා ගන්නට ඉන්නා ලලනාව දීපවාලි සමරන්නට කියා පසුගිය මස 19 වනදා දින 10ක නිවාඩුවක් ලැබ ගොස් එය මසක් පුරා සිත්සේ සපුරා නැවත මේ දේශයට ගොඩ බසින්නට නැකත හදාගෙන තිබුණේ ඊයේ දිනයේ අපර භාග තුන පසු වී විනාඩි දහ හතට වීමයි‍. එතෙක් ලලනාවගේ ගොඩ බැස්ම බාලගිරිගේ ඇල්ම බැල්මට හසුවීම නිසා කියා නිම කළ නොහැකි තරම් වූ කරුණු කාරණා ගණනාවකට දෙන්නා දෙමහල්ලන්ට මුහුණ  පෑමට සිදුවිය.

ඔහොම තමයි ලු ජීවිතේ! ආයේ මොනවද ඉතිං. දැන් ඒ කතාව අහවරයි. නමුත් ලලනාව විරවාගෙන දුක් මූඩ් එක ප්‍රදර්ශනය කරමින් ඉන්නේ මං බැන්නේ නැති නිසා විය යුතුය. අපරාදේ එන මගට හදාගෙන ආපු නිදහසට කාරණා ටික. ඔය ටික කියා ගන්න වට දහයක් පහළොවක් කැරකුණා නෙව. හොඳ වැඩේ! බැන්නට වඩා හපන්ලුනේ බැන්නේ නැතුවම! කීයටවත් බනින්නේ නැහැ. බනින්නේ ම නැහැ).

ඉතිං මාත් ආශ්‍රය කරන්නේ වාං පතුල් නිර්මාපකයින් නෙව. මටත් යන්න ආපු ගමන අමතක වෙන්න පටන් අරං වටේ පිටේ තියෙන තොරම්බල් කඩ දැක්කහම.

තු හාලේ බත් තුන් වේලට කන කලට
වී පොතු පොකුරු පොකුරු හැපුනු දුකට
නන් දොඩවා ජන මන දොල සෙලෙව්වට
න් පිං දී ආයූ පතමු අපේ රවි අයියාට

වීසා අරං එතෙර ගියේ රස්සාවක් කරන්නටයි
ස්සාව පසෙකට ලා කරන්නේ බ්ලොග් ලිවිල්ලමයි
සිංහල දත් සියලු දනට කියවා රස විඳින්නටයි
සැරදේවා! රවී මැතිඳු දිගාසිරි ලැබ වැජඹෙන්නයි

ගණන් ගන්ට එපා සහෘදයනි, ස්‍රැතිද, මාත්‍රාද, සේරම උඩ යට මාරු වෙලා වගෙයි මට ම පේන්නේ... ඒවා හදන්න ගියොත් අද එළි වෙන්න කලියෙන් මේක පළ කරනවා බොරු!. මේ දැන් අටවා ගත්ත පේළි අට පිළිබඳ ව කෝප නොගෙන රවීනන්ද වීරසිංහ නම් වු අප සහෘදයාට සුභ පතනට එක්වන මෙන් ඉල්ලා සිටින්න කැමතියි.



48 comments:

  1. රවීනන්ද වීරසිංහ අයියාට හැපිම හැපි බර්ත්ඩේ එකක් වේවා!!! :D :D :D :D :D :D :D :D :D :D

    නියම කවි පේළි ටික රන්දි අක්කේ. ස්‍රැති මාත්‍රා මාරු වුනාට මොකෝ, රැප් කරලා ගත්තහම පංකාදු පහයි! :D

    ReplyDelete
    Replies
    1. සිත්තමි,

      / රවීනන්ද වීරසිංහ අයියාට හැපිම හැපි බර්ත්ඩේ එකක් වේවා!!! :D :D :D :D :D :D :D :D :D :D /

      මොකද බොල මේ හැටි සිරික්කිය? හැපි බර්ත්ඩේ කිව්වම මොනවද ඔහෑටි ඔය කැකිරි පලන්ට තියෙන්නෙ? :D :D :D :D :D :D :D :D :D :

      Thanks Madam…:)

      Delete
  2. උඹට මූණු පොතෙන්නම් සුභ පැතුවා, නමුත් ලෑන්ඩ් ලේඩිත් මෙච්චර කරුණාවෙන් කියලා තියෙන එකේ තව පාරක් සුභම සුභ උපන්දිනයක් වේවා මචෝ.

    ReplyDelete
  3. ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා රවී!!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි හැලප....:)

      Delete
  4. රවී අයියාට සුභ උපන්දිනයක් වේවා.....

    ReplyDelete
  5. රවී අයියට සුබම සුබ උපන්දිනයක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ්...:)

      Delete
  6. හැපී බි' ඩේ එකක් වේවා ..!!!!! අඩේ අප්පා ඉංගිරිසියෙන් කෙටි කරලා ලියන එක සිංහලෙන් ලිව්වම වැරදි අදහස් එනවා නේ ... :D

    ඒ නිසා සුභ උපන්දිනයක් වේවා ...

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      කිව්වත් වාගෙ බීඩේ කිව්වම එහෙම එකකුත් තියනව නෙවද? ඔය බිඩේ වැඩේ නම් මහ එපාම කරපු ජංජාලයක්.ඕකෙං අදාල කාර්යය කරගන්ට ගිහිල්ල මම අදාල ඉස්තානෙ ඇරෙන්ට අනික් හැම තැනම තෙමාගත්තු වාර අනන්තයි. අප්‍රමාණයි...:) අනික මොකා ඩිසයින් කරපු එකක්ද මන්ද නිකං ඉඩ ඇහිරෙනව විතරයි නෙව.

      ස්තූතියි පැතුම්...:)

      Delete
  7. සුභ වේවා !

    මට හිතුනේ ජෝතිස්ස පෝට්ටුවක් කියල බං !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෑම්....

      දන්නෙ නැද්ද අර මහගෙගෙ වැඩනෙ ඔය......හෙහ්,හෙහ්,

      Delete
  8. සුභ උපන් දිනක් වේවා !!!!!!!!!!!!!!!!!!!!!11

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබටත් විදානේ ....:)

      සී.ජේ. විදානපතිරණ කිව්වම නිකං සී.ජේ.සරත් එන්. සිල්වා කිව වගේනෙ...:)

      Delete
  9. සුභම සුභ උපන් දිනයක් වේවා!

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ..ඒක් මානවික්ස්...තෑන්ක්යූ...තෑන්ක් යූ...:)

      Delete
  10. රවි අයියාට සුබ උපන්දිනයක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි...ස්තූතියි...:)

      Delete
  11. මොකෙක් උනත් කමක් නෑ අපේ අර මාගල් රවියා නෙමෙයි නං.. ඕං නන්දරවි සිංහරවි අයියට අපිත් බොක්කෙන්ම සුභ උපන්දිනයක් කියල පතනවා.. හෙට ඉතිං ලොක්කා එළියේ ටොයිලට් එකට ගිහින් ගිනි පිට කරන්න්න හොදේ.. හැක්.. ජය

    ReplyDelete
  12. රවී...................

    සුභ ම සුභ උපන්දිනයක් ෙව්වා................. කුගැගීප සුභ පැතුම්....

    ReplyDelete
    Replies
    1. කුරුටු ළමයි ඔක්කෝටම ස්තූතියි...:)

      Delete
  13. හැපී බර්ත්ඩේ ටූ යූ...
    හැපී බර්ත්ඩේ ටූ යූ...
    හැපී බර්ත්ඩේ ටූ ඩියර් රවී අයියා..
    හැපී බර්ත්ඩේ ටූ යූ... :D

    කේක් වගේ පෝස්ට් එකක් ඕනේ.. !!!

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ මිත්‍ර ද්වාරයෙන් පිවිසූ එළෝ සතුන්....අන්න එහෙම සිංදුවකුත් තියෙනව නේද බං?...

      ස්තූතියි කළ්‍යාණ මල්ලි...ස්තූතියි ..:)

      Delete
  14. මගෙ ප්‍රොෆයිල් පින්තූරෙට සිංහය ඉන්නව කියල කෝචෝක් කරේ මෙක තමයි එහෙනං!

    මාගල් තව තවත් ලියුමට
    වාං පතුලද රබර් කෙරුමට
    තවත් දහසක් කතා කියුමට
    පතමි ජය සැප උපන්දිනයට

    ඔන්න වීරසිංහයට මේ වළි සිංහයගෙන් උණුසුම් උපන්දින සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. / මගෙ ප්‍රොෆයිල් පින්තූරෙට සිංහය ඉන්නව කියල කෝචෝක් කරේ මෙක තමයි එහෙනං! /

      මම??????..එහෙම එකක් කලාද?..ඒ කවද්ද බං?...සාමාන්‍යයෙන් මම එහෙම දේවල් කරන්නෙ නම් නෑ...:(

      ස්තූතියි ඔබටත් ඉන්දික...:)

      Delete
  15. බීලා කාලා සතුට සැමරීමට මගෙනුත් හෙල්ප් එකක් ඕනද....

    නිරෝගීමත් ජීවිතයකට සුබ පැතුම්!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. අරූ,

      නුදුරු අනාගතයෙදිම එහෙම මොකක් හරි අපි කරමු.....ස්තූතියි අරූ....

      Delete
    2. දෙන්නම පොත් ලියන්නනේ යන්නෙ කොහොමත්, එකපොතක් ලිව්වනම් කොහොමද, ඒක unprecedented කොන්සෙප්ට් එකක් වෙයි. චැප්ටර් එකක් ගන්නව ඒක කාලයකට ( උදා 1982 - 1985 දක්වා ) මුලින් ( age before beauty ! ) අරූගෙ memoirs ලියනව ඊට පස්සෙම රවිගෙ ඒව. overlap වෙන තැනුත් එයි. ඒ වගේම එකම කාලයක ලංකාවෙ ස්ථාන දෙකක ලඟ වයස දෙන්නෙක්ගේ සමාන හෝ වෙනස් අත්දැකීම් එකම තැනක කියවන්න පුලුවන් )

      Delete
  16. රවී අයියාට සුභ උපන්දිනයක් වේවා.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි එදිරි...:)

      Delete
  17. සුභ උපන්දිනයක් වේවා! :)

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තූතියි අශාන්!!

      Delete
  18. පහු වුණත් කිව ඔන්න
    අවුරුද්දට දෙඅවුරුද්දකින් වයසට පලෝ
    හිහි

    සුභ උපන් දිනයක් වේවා රවි අය්ය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්...:)

      Delete
  19. රවී වගේ හැමදාමත් බැබලෙන්නයි
    සඳු වගේ හොඳ සිසිලක් ගෙනදෙන්නයි
    තරු වගේ කොයි කවදත් දිලිසෙන්නයි
    රවීයියා යන යන තැන ජය ගන්ටයි..

    සුබ උපන් දිනයක් වේවා වන්ස් ආගෙන්..:D

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු නයා!!! උඹ මල්ලි කවියක්ම ලියල නේද? තැන්ක්යූ..තැන්ක්යූ..තැන්ක්යූ..

      උඹ නියමයි තොරන් වල කවි කියන්න........

      " ඊළඟ කොටුවෙන් පෙනෙන්නෙ ක්‍රිස්නජිනා පැන දුවනව. "
      " ජූතකයා *** *** ******* **** ***** "

      " ඔන්න ඉතින් මේ වෙලාවෙ දිවියක් ඥානෙට පෙනෙනව...."
      " මසුරු සිටානන්ගෙ දුවට ******** ***** ***** "

      මරු කවිටික බන්..... එක පාරක් දෙකක් දාල උච්ච ස්වරයෙන් ඔව්ව කියල මට අවවාද කරල ලියුමකුත් ගැහැව්ව...:)

      Delete
  20. සුභ උපන් දිනයක් වේවා රවිනන්ද
    ( සරත් නන්ද වගේ නෙමෙයි තනි නමක් නේද? ඔය නම ඇහැව්වමයි. මොකක්ද තේරුම ?)

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      / ( සරත් නන්ද වගේ නෙමෙයි තනි නමක් නේද? ඔය නම ඇහැව්වමයි. මොකක්ද තේරුම ?) /

      රවිනන්ද නෙවෙයි අපේ ලෑන්ඩ් ලේඬි උත්තමාවට අකුරක් මිස් වෙලා..රවිනන්දන වෙන්න ඕන....තනි නමක්....

      " ණශූර විපුල දැනුමැති නන්දෙස පතල කීර්තිභාවශේෂෝපගත දන මන නිති පොබයන..." අන්න ඒකයි ප්‍රා මගේ නමේ තේරුම....:)

      Thanks Pra...:)

      Delete
    2. /////රණශූර විපුල දැනුමැති නන්දෙස පතල කීර්තිභාවශේෂෝපගත දන මන නිති පොබයන//////
      ඡන්ද පෝස්ටර් එකකට කියාපු බඩු....ඔන්න ඔහොම තමයි අලුත් ප්‍රවනතාවයකට මග පෙන්නන්න ඕන...අපේ පුතා.. ගමේ එකා... බොක්ක රත්තරන් වගේ ටැග් ලයින්ස් ..ටූ ස්ටේල් මෙයා...මීට මැටි ඇමති කෙනෙක්ගේ කැම්පස් ගිය වයිෆ් කෙනෙක්.

      Delete
    3. //කීර්තිභාවශේෂෝපගත// = depreciated reputation?

      Delete
    4. මටත් ඔය කීර්තියගෙ බාව ශේෂවෙලා කියන එක ගැන අවුලක් තිබ්බ! ඔන්න දීහන්කො ගොරිල්ල තුමාට උත්තර!

      Delete
    5. Pra & Indika,

      / ඔන්න දීහන්කො ගොරිල්ල තුමාට උත්තර! /

      ඔන්න කිව්ව එකක්...හෙහ්,හෙහ්...ගොරිල්ලෙක් නෙවෙයි බං ඒ ඇවිල්ල හිට නිත්තෑවෙක්.... :)

      / මටත් ඔය කීර්තියගෙ බාව ශේෂවෙලා කියන එක ගැන අවුලක් තිබ්බ!  /

      //කීර්තිභාවශේෂෝපගත// = depreciated reputation? /

      කීර්තිභාවශේෂෝපගත කියන වචනෙ මෙතනට ගැලපෙන්නෙ නම් නෑ....මම අර නිකං ආතල් එකට වගෙ දැම්මට...හෙහ්,හෙහ්,...ඒ මොකද කියනවනං ( දන්නවද කතා පවත්වද්දි නිතරම ඔහොම කියන සුප්‍රසිද්ධ පුද්ගලයෙක් හිටිය....මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහත්මයා නොහොත් කැළෑ ජෝන් ) කීර්තිභාවශේෂෝපගත උනාය කියන්නෙ කීර්තිය ඉතුරු කරල වල කජ්ජ ගැහැව්ව කියන එක....:)

      Delete
  21. හැපිම හැපි මෙව්වා එකක් ...ආ මේ බර්ත්ඩේ එකක් වේවා! ෂුවර් එකටම බොන්ට වෙන්ටෑ ලෑස්ති කරගෙන උන්නේ.. හොඳ වැඩේ ! වැඩේ දෙල් වුනායින් ! හිකිස්

    ReplyDelete
    Replies
    1. Maneka,

      / හොඳ වැඩේ ! වැඩේ දෙල් වුනායින් ! /

      මොනවා කියනවද මන්ද මේ අම්මණ්ඩි......හා..හා..බලාගෙන... ඔහොම වාලධිය පාගාගන්ට ගියොත් ඕක කැඩිල යයි බොහොම ඉක්මනටම...හෙහ්,හෙහ්,

      Thanks Maneka...:)

      Delete
  22. ර්විනන්ද වීරසිංහ....අප්පුච්චේ..සෑහෙන ගාම්භීර නමක් නෙව. රජ කාලේ නමක්. බොහොම පින්බර උපන්දිනයක් වේවා රවී අයියාට.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...