Thursday, November 13, 2014

දේශපේ‍්‍රමීත්වය සහ අපේ සිරි ලංකාව




අපි ඇත්තටම බැලූවොත් මේ රටේ බහුතරයක් ඉන්නෙ දේශපේ‍්‍රමීන්. මිනිස්සු මහින්දව රාජපක්ෂව බලයට ගේන්නෙම මේ දේශපේ‍්‍රමිත්වය නිසා. සංඝයාගෙන් ආශිර්වාද අරගෙන යුද්ධ කරපු දුටුගැමුණු වගේ තමයි අපේ මහින්ද රාජපක්ෂවත් මිනිස්සුන්ට පේන්නේ. ඒ අයට අනූව මහින්දත් සංඝයාට ගොඩක් භක්තියෙන් වැඩ කරපු, රටේ සිංහල ජාතියට තැනක් අරන් දීපු ශ්‍රේෂ්ට පුද්ගලයෙක්. ඒත් මේ ලඟකදි ඉඳන් මේ දේශපේ‍්‍රමිත්වයට කණකොකා හ`ඩල වගේ ගතියක් මට දැනෙනවා. දැන් රට ඇතුලෙ දේශපේ‍්‍රමීන් කල්ලි බෙදිල. ඔවුනොවුන් ගහගන්නවා. මොන දේශපේ‍්‍රමිය කියන දේ අහන්නද කියල හිතාගන්න බැරුව රටේ ජනතාව අසරණ වෙලා. ඇත්තටම ලංකාවේ මිනිස්සු කොයි තරම් පව් ද.. පොඞ්ඩක් ඇෙඟ් පතේ හයිය පෙන්නල මුස්ලිම් මිනිස්සුන්ට සද්දයක් දාලා සිංහල ජාතිය රැුකගන්න ආපු වීරයා තමයි ගලබොඩඅත්තේ ඥනසාර හාමුදුරුවො කියන්නේ. එතකොට රතන හාමුදුරුවො කියන්නේ කවුද. එයා තමයි බුද්ධාගම ආරක්ෂා කරගන්න දේශපාලනික වශයෙන් පත්වුණ හෙළ උරුමයේ ප‍්‍රධාන චරිතය. දැන් ඥනසාර හාමුදුරුවො බනිනවා රතන හාමුදුරුවන්ට ‘‘රතන කතා කරන්නේ වෙන මඟුලක්, රතන හාමුදුරුවො කොහොමද නිර්මාල් රංජිත් දේවසිරි එක්ක හරි අසාද් සාලි එක්ක හරි එකට වාඩි වෙන්නෙ’’ කියල. මම අහන්නෙ ඇයි එහෙම වාඩිවෙන්න බැරි කියල. මේකෙන් කියන්නේ දැන් රතන හාමුදුරුවන්ගෙ දර්ශනේ ඥනසාර හාමුදුරුවන්ටත් ඥනසාර හාමුදුරුවන්ගෙ දර්ශනේ රතන හාමුදුරුවන්ටත් ගැලපෙන්නෙ නැති මට්ටමකට ඇවිත්. ඔන්න දැන් මේ දේශපේ‍්‍රමීන් වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සුන්ට මොකද වෙන්නෙ කියන එකයි මට තියෙන ප‍්‍රශ්නෙ. මිනිස්සු යන්නෙ කාගෙ මඟුල් ගෙදරට ද? රතනගේ එකටද? ඥනසාරගෙ එකට ද?

ඇයි මිනිස්සු බහුතරයකට මේ දේවල් නොතේරෙන්නේ? ලංකාවේ ඉන්න මිනිස්සු ඒ තරමටම බබ්බු වෙන්න බැහැ. මේක දේශපේ‍්‍රමී තරඟයක් නෙමෙයි ද? අනෙකට වඩා තමන් දේශපේ‍්‍රමියෙක් වෙන්න දඟලන දැගලීමක් නෙමෙයිද? රටක ආගම හරි ජාතිය හරි අනිත් දේවල් වලට වඩා ඉස්මතු වෙනව කියන්නේ ඒ රටේ කිසිම ප‍්‍රගතියක් එතනින් එහාට සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ආගම ජාතිය කියන එක දියුණු රටකට ප‍්‍රධාන මාතෘකාවක් වෙන්න බැහැ. මිනිස්සුන්ට ලස්සන සංකල්ප ඔළුවට එන්න විදිහක් නැහැ ආගමයි ජාතියයි ඇතුලෙ ඒ අය හිරවෙලා ඉන්නකොට. අළුතෙන් දේවල් හිතන්න නම් මිනිස්සු මේ බැමි වලින් නිදහස් වෙන්න  ඕනි.

ඒ ටික නොතේරෙන තාක් ඥනසාරල, මහින්දල ගොඩාක් බිහිවේවි. අපි එතනම ඉඳීවි.. රට අතීතෙට යාවි..



No comments:

Post a Comment