2014/11/06

මගෙ සිංහ සීවලී

මගෙ සිංහ සීවලී
තුංග චණ්ඩ මිඟිදා මේ වන ගැබ
වීර්යවන්ත එකසර කෙසරා මම
මා පි‍්‍රය දියණියනේ - මොළකැටි දියණියනේ

මේ රුදු වනගැබ මාර සෙනඟ හා
සටන් වැදී හද පිපිරී
හැන්දෑ කලුවර ගුලි කරගෙන හිත
පියවර මැන එමි දුකසේ
මළපුඬු විසකුරු හලාහලින් පිරි
මහ වනයම අමතක වී
ලෙන් දොරකඩ පිපි නුඹේ සිනා වත
රිදී පහන් වැට දැල්වේ

සිත පිරිමැද දුක නිවන කතාවක
සඳුන් සිහිල මැද දැවටී
මහ වන මැද දුක් කරදර පිරිපත
හිරු දුටු පිණිසේ වියැකේ 
දවසක ලෙන තුළ මා තනිකර නුඹ
සැඟවී යන බව නොදැනී
තුංග චණ්ඩ මිඟිදා නුඹ අබියස
මුව පොව්වකු වී හිනැහේ

No comments:

Post a Comment