October 31, 2014

හැකිලූ විට දිගහැරෙන, දික්කළ විට හැකිලෙන Metamaterial

ද්‍රව්‍යවල ස්වභාවික ලක්ෂණ වෙනස් කර විශේෂිත ගුණ දක්වන ලෙස සකස් කර නිර්මාණය කරන නව කෘතිම ද්‍රව්‍ය Metamaterial සේ සරලව දැක්වේ.එලෙස ස්වභාවික ආකාරයට වෙනස් වූ සුවිශේෂී අයුරින් ආලෝකයට හා ශබ්දයට ප්‍රතිචාර දක්වන ආකාරයෙන් ද්‍රව්‍ය වල ව්‍යුහ වෙනස් කළ Metamaterial වර්ග දැනටමත් නිෂ්පාදනය කර ඇති බව වාර්තා වේ. මේ දක්වා විද්‍යුත් චුම්භක ලක්ෂණ සුවිශේෂී ලෙස කෘතීම ආකාරයෙන් ක්‍රියාත්මක කරන Metamaterial නිෂ්පාදන සඳහා පර්යේෂණ යොමු වී තිබුණි. එනම් ඒවා ආලෝකය හෝ ශබ්දය අස්භාවික ලෙස නැමීම වැනි ප්‍රතික්‍රියා දක්වන සේ සකස් කර තිබේ.

මෙම පර්යේෂණ ක්‍රමයට වෙනස් ලෙස North Western විශ්ව විද්‍යාලයේ ද්‍රව්‍ය විද්‍යාඥයකු සුවිශේෂී කාර්මික ගුණ සහිත Metamaterial නිෂ්පාදනය සඳහා පර්යේෂණ ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව එම පර්යේෂණ කණ්ඩායමට සෘණ සම්පීඩ්‍යතාවය සහිත ද්‍රව්‍ය නිෂ්පාදනය සැලසුම් කිරීමට හැකි වී තිබේ. හැකිලූ විට දිග හැරෙන, දික්කළ විට හැකිලෙන Metamaterial  නිෂ්පාදනය කිරීමට හැකි බව න්‍යායිකව සනාථ කර ඇත.

සරල ලෙස දැක්වුවහොත් ඔබ කුෂන් පුටුවක් තුල වාඩි වූ විට ඔබගේ බරට ප්‍රතිවිරුද්ධ බලයක් කුෂන් ක්‍රියාත්මක කරයි. එනම් කුෂන් එක හැකිලෙනවා (එබෙනවා) වෙනුවට දිගහැරීම සිදුවේ. මෙය ඉතා අසාමාන්‍ය තත්වයේ සැලසුමකි. අර්ථ දැක්වීම අනුව මෙලෙස හැසිරීම කුෂන් අස්ථාවර බවට පත් වීමක් ලෙස සැලකේ. එවිට කුෂන් ස්වයංක්‍රීයව ස්ථාවර තත්වයට කඩිනමින් පත්විය යුතුය. නමුත් කුෂන් වල ස්වාභාවික මෙම ගුණය සම්පූර්ණයෙන් අහෝසි කරමින් මෙවැනි Metamaterial කුෂන් සැකසීමට හැකි අයුරින් සාමාන්‍ය කුෂන්හි අභ්‍යන්තර ව්‍යුහ සැලසුම් කිරීමට North Western කණ්ඩායම සමත් වී තිබේ. මෙහිදී ස්ථාවර තත්වය යනු ස්වාභාවික තත්වයට වඩා හැකිලුණු හෝ දිග් ගැසුණු ස්වරූපයයි. මෙය සම්පූර්ණයෙන් ව්‍යාකූල නමුත් ඒ සඳහා නව විද්‍යාවේ පැහිදිලි කිරීමක් තිබේ.
ප්‍රසාරණය වීමේ ආවේණික ලක්ෂණ සහිත අංශු හතරක් තිරස් පෙළක් ලෙස සැකසුනු ද්‍රව්‍යයන් ගැන සිතන්න. අංශුවලට ප්‍රසාරණය වීමට අවශ්‍ය වුවත් අණු එකිනෙකට ආකර්ශනය වී ඇති නිසා ද්‍රව්‍යය ප්‍රසාරණය වීම වළක්වයි. ද්‍රව්‍යය ඇදීමෙන් අභ්‍යන්තර අංශු දෙකක් අතර ඇති දුර්වල බන්ධන බිඳී යනු ඇත. අභ්‍යන්තර අංශු අතර බන්ධනය බිඳී ගියද භාහිරෙන් තිබෙන අංශු එකිනෙක තව තවත් ආකර්ශනය වෙමින් ඊට ප්‍රතිචාර දක්වයි. එනම් ඇදීමට ප්‍රතික්‍රියාවක් ලෙස සම්පීඩනය නිර්මාණය වේ. එලෙසම හැකිලෙමින් අභ්‍යන්තර අංශු අතර පෙර පැවති දුර්වල බන්ධනය නැවත ඇති කිරීමෙන් ද්‍රව්‍ය නැවත ප්‍රසාරණය වේ. මෙය ව්‍යාකූලය. එහෙත් එය ක්‍රියාත්මක කළ හැකිය. Metamaterial වලින් නිර්මාණය වන නොපෙනී සිටීමේ හැකියාව ඇති ඇඳුම් හා වර්ණක නිපදවීමට අමතරව මේ ආකාරයේ Metamaterial මගින් අනාගතයේ පිපිරීමක් සිදුවීමට ආසන්න වූ විට හැකිලෙන හමුදාමය වාහන හෝ ආවරණ වැනි නොයෙක් නිර්මාණ බිහිවනු ඇත.

උපුටාගැනීම :
New mechanical metamaterial expands when you compress It, shrinks when you stretch it   -  by Clay Dillow ( New Scientist)

0 comments:

Post a Comment