facebook

LK Gossip News Stats

මම කැමරාවක් ඉදිරියේ නම් ලිංගික දර්ශනවලට පෙනී ඉන්නේ නෑ                                                             නෙතූ ප්‍රියංගිකා තවමත් නවක නිළියකි. සිංහාවලෝකනය, ජීවිතය ලස්සනයි චිත්‍රපට ඇතුළුව ටෙලි නාට්‍ය කිහිපයකින්ද ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීමට ඇය සමත් වූවාය.


නෙතූ කලාවට සම්බන්ධ වුණේ කොහොමද?
සිරස කුමරිය තරගයට යාළුවෙක් මා වෙනුවෙන් අයැදුම්පත්‍රයක් යවලා තිබුණා. ඒ තරගයේ අවසන් විසි දෙනා අතරට මම තේරුණා. ඉන් පස්සේ වෙළෙඳ දැන්වීම්, සංගීත වීඩියෝ, ටෙලි නාට්‍ය හරහා චිත්‍රපටවලට ආවා.
කලාවට එන්න නෙතූ මොනවාද කැප කළේ?
මම වාණිජ අංශයෙන් විශ්ව විද්‍යාලයට යන්න සමත්වුණු කෙනෙක්. ඒත් මම විශ්ව විද්‍යාලයට ගියේ නැහැ. මම නුවර එටිසලාට් එකේ රැකියාවක් කළා. කලාවට එන්න කිසිම අදහසක් තිබුණෙත් නෑ.සිරස ‘සමනලී’ නාට්‍යයට ආරාධනා ලැබුණාම මම එය භාරගත්තා. එතැනින් පටන්ගත් ගමන තමයි මේ.
තවමත් නුවර එටිසලාට් ආයතනයේ රැකියාව කරනවාද?
නැහැ. කලාවට දිගින් දිගටම ආරාධනා ලැබෙන කොට නිවාඩු ගන්න අමාරු නිසා මම රැකියාවෙන් ඉවත් වුණා. දැන් තාවකාලිකව කොළඹ පදිංචියට ඇවිත් ඉන්නවා.
නෙතූගේ ගම් පළාත කොහෙද?
මම පුස්සැල්ලාව ගමෙන් ආ කෙනෙක්.
ගොඩක් නළු නිළියෝ ටිකක් ජනප්‍රිය වෙනකොට ගම අමතක කරනවා නේද?
මම නම් එහෙම කරන්නේ නෑ. මට ගම මතකයි. පුස්සැල්ලාවේ අයගෙන් මම ලබන ප්‍රතිචාර මට වටිනවා.
Nethu Priyangikaකවුද මේ ගමනට උදව් කළේ?
විශේෂයෙන්ම මගේ අයියලා දෙන්නා, තාත්තා, මල්ලී සහ කලාවේ ගොඩක් අය මතක් කළ යුතුයි. මගේ ලොකු අයියාගේ බිරිඳ මට අම්මා කෙනෙක් වගෙයි.
ලස්සන වෙන්න නෙතූ මොනවාද කරන්නේ?
මං ලස්සනයිද? කිසිම විශේෂ දෙයක් කරන්නේ නෑ. මාස තුනකට වතාවක් සැලෝන් යනවා. එළවළු, පලා හොඳට කනවා. මගේ හිතේ ඉරිසියාව නෑ. මම හිත හොඳ කෙනෙක්.
කලා ජීවිතේ නෙතූට සීමාවන් තියෙනවාද?
අපි අපිටම එහෙම සීමා දාගන්න එක වැරදියි.
ගැනු ළමයකුට සීමාවන් නැතිව හැසිරෙන්න පුළුවන්ද?
ඒක අපේ වෘත්තිය නම් ඒක කරන්න අපි බැඳිලා ඉන්නවා. මම මගේ වෘත්තිය විදිහට රංගනය තෝරාගෙන ඉවරයි.
ලිංගික දර්ශනයකට නෙතූට ආරාධනා ලැබුණොත්?
ලව් සීන් එකක උපරිමය කරලා පෙන්වන්න මට පුළුවන්. ඒක මට බැරිකමක් නෑ. ඒත් මම එහෙම කරලා පෙන්වන්න යන්නේ නෑ.
ඒක සීමාවක් ‍නෙවෙයිද?
වෙන්න පුළුවන්. කැමරාවක් ඉදිරිපිට අපි එහෙම රංගනයක නියැලුණාම ප්‍රේක්ෂකයෝ අපිව මැන ගන්නවා. හැමෝම ‍නෙවෙයි මම කියන්නේ සීයට එකක් දෙකක් උදවිය. අපි කරන චරිත තුළින් අපිව මැනගන්න නිසා මම කැමරාවක් ඉදිරියේ නම් ලිංගික දර්ශනවලට පෙනී ඉන්නේ නෑ.
නෙතූට දැනට ලිංගික දර්ශනවලට ආරාධනා ලැබිලා නැද්ද?
තියෙනවා. හරිම ලස්සන ෆිල්ම් එකකට ආරාධනා ලැබුණත් මම තවම කල්පනා කරනවා එය භාරගන්නවාද, නැද්ද කියන කාරණය. ඒ පිටපතේ ටිකක් දරුණු විදිහට ආදරයේ උපරිමයේ සිප ගැනීමක් තියෙනවා. භාර ගන්නවාද නැද්ද අවසාන තීරණය තවම දුන්නේ නැ.
ජනප්‍රිය අය අඳින විදිහ ගැන මිනිස්සු බලාගෙන ඉන්නවා නේද?
ඔව්. හැමවිටම ඇඳුම් අඳිද්දී අපි ආදර්ශවත් විය යුතුයි. මොකද ඇස් දහස් ගණනක් අපි දිහා බලාගෙන ඉන්නවා.
මේ යන පාරේ නෙතූගේ බලා‍පොරොත්තු මොනවාද?
තව තව ඉදිරියට යන්න ඕන. ජනප්‍රිය වෙන්න ඕන. ලංකාවේ දක්ෂතම හොඳම නිළිය සම්මානය ගන්න ඕන.
නෙතූ ආදරය විඳිනවාද?
මට තිබුණු ප්‍රේම සම්බන්ධය දැනට මාස දෙක තුනකට කලින් නතර වුණා. එයා ගැන හිතේ ආදරය නැතිවුණු දාට මම ආපහු පෙම්වතියක් වේවි.
ඔයා නිළියක් වෙනවටද එයා අකැමැති වුණේ?
නැහැ. එයත් මේ ෆීල්ඩ් එකේම සීනියර් කෙනෙක්. ඒ ගැන එයාට ප්‍රශ්නයක් තිබුණේ නෑ.
එහෙනම් ඒක ඉනිමගට පයින් ගැහුවා වගේ වැඩක්ද?
නෑ, නෑ. ෆීල්ඩ් එකට එන්න එයා උදව් කළේ නෑ. මම මෙතැනට ආවට පස්සේ ගොඩක් දේවල් ගැන එයා මට කියා දුන්නා.
එයා නළුවෙක්ද?
නෑ. වෘත්තියෙන් නළුවෙක් ‍නෙවෙයි. ඒත් මට නම් නළුවෙක් වගේ ලස්සනයි.
හිරිකිත නළුවෙක් එක්ක ප්‍රේම ජවනිකාවක් කරන්න වුණොත්?Nethu Priyangika-4
අනිවාර්යයෙන්ම කරනවා. මගේ පෞද්ගලික කැමත්ත රැකියාවට අදාළ නැහැනේ.
චිත්‍රපටයකදී එහෙම දර්ශනයක් තිබිලාම නැද්ද?
දැනට නම් එහෙම නෑ. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ.
මීළඟ පෙම්වතා නළුවෙක් වේවිද?
නෑ. නෑ. එහෙම නෑ. ගායකයෙක්, නළුවෙක්, දොස්තර කෙනෙක්, හිඟන්නෙක් කවුරු වුණත් හැමෝම මිනිස්සුනේ. මොන වරද කළත් මට ගෙදර ඇවිත් එයාට කියන්න පුළුවන් නම් ඒ ඇති. එයත් එහෙම විවෘත විය යුතුයි.
නයනි බුද්ධිප්‍රිය
උපුටා ගැන්ම රිවිර