හන්තාන කඳු වැටිය

"හන්තාන කදු වැටිය
එදා වාගෙයි අදත්"

සියොලඟ ම කිළිපොලන
හැඟුම් දෙන මේ ගීය
ඇසෙන හැම විටක දිම
සිහි නැගෙයි අතීතය
හන්තාන අහියස දි
ඇරඹි ඒ පෙම් ගීය
කොළඹ දී දෙකඩ වී
දුන් වියෝ දුක් ගඟුල
නොකඩවා ගිලිහෙනා
කඳුලු බිඳු තර කරන
නුඹෙ රුව ද සිහි කරයි
තල තලා හඳුන් පොත

Comments

  1. වැව් ඉවුරේ දිය රළ පෙරසේම බිදෙනවා
    නුග ගස් පෙළ අප නැතුවත් තව දළුළනවා
    සරසවි බිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවා
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා....................

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.