October 23, 2014

අවසන් වරට ජීවත් වූ සංචාරක පිජන් පක්ෂියා

දැනට අවුරුදු 100 කට ඉහත දී විද්‍යාත්මක ප්‍රජාව මහත්සේ වැදගත් කොට  සැලකූ , ඇලුම් කරන ලද කුරුල්ලෙකුගේ අවසානය දක්නා ලදී. ඇයගේ නම “ මාර්තා “ නම් විය. අවසන් වරට ජීවත් වූ සංචාරක පිජන් පක්ෂියා ඇය විය.

1914 වර්ෂයේ දී සින්සිනාටි  සත්වෝද්‍යානයේ ඇයගේ කූඩුවේ දී මිය  ගිය අතර එය සංචාරක පිජන් විශේෂවල  Ectopistes migratorius  හි අවසානය ලෙස සනිටුහන්  කරන ලදී.
මාර්තාගේ අවසානයට දශක කිහිපයකට පෙර එනම් 1800 මුල් කාලයේ දී සංචාරක පිජන් උතුරු ඇමරිකාව පුරා හොදින් ජීවත් වූ සත්වයෙක් විය. ලෝකයේ බහුලවම ව්‍යාප්ත වූ කුරුළු විශේෂය බවට පත්විය. සංඛ්‍යාත්මක ලෙස සලකා බලන  කල බිලියන 1-5 අතර විය. විශාල ගණාවාස ලෙස ඔවුන් ජීවත් වූ අතර එම ගණාවාස සැතපුම් ගණන් විහිදී පැතිරුණි. ඔවුන් සවස් කාලයේ   ඉගිලුනු විට ඉහල අහස කළුවර විය. නමුත් දඩයම් කිරීම හා වාසස්ථාන අහිමි වීම හේතු කොට ගෙන විශේෂ සංඛ්‍යාව අඩු විය.

වර්ෂ 1870-1890 අතරතුර  කාලයේ දී සංචාරක පිජන් පක්ෂියාගේ සැලකියයුතු අඩුවීමක් සිදු වූ අතර වර්ෂ 1900 න්  පසු කිසිදු සංචාරක පිජන් පක්ෂියකු  හෝ වනාන්තරවල දක්නට නොතිබුණි.
මාර්තා ඇතුළුව එකම පක්ෂියෙකු පමණක් චිකාගෝ විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යාඥ ඕට්ස් විට්මාන් අතැතිව සිටි අතර අභිජනනය සිදුකරද සාර්ථක නොවීය. ඇයගේ මියයාමෙන් පසු අයිස් කුට්ටියක් තුල තැන්පත් කොට ( frozen) ස්මිත්යෝනියාවට යවන ලද අතර එහි අවුරුදු 80 ක පමණ කාලයක් මහජනයා  හට  ප්‍රදර්ශනය කිරිමට තබන ලදී.  මෙය අභාවයට යන සත්ත්ව විශේෂවල සංස්කෘතිකමය සංකේතයක් ලෙස පවතී.
සංචාරක පිජන් පක්ෂියාගේ අවසානය මෙය බව අවබෝධ කර ගැනීමට බොහෝ ජනයාට අපහසු විය. නමුත් මෙම පක්ෂියා මිය ගොස් වසර කිහිපයකට පසුවද වනාන්තරවල මොවුන් දක්නට ලැබුණු බව සමහර පුද්ගලයන් පවසන ලද බැවින් සංචාරක පිජන් පක්ෂීන් පිලිබද තවදුරටත් සොයා බැලීමට මේ පිලිබද නිපුණ පුද්ගලයන් විසින් ප්‍රයත්න දරණ ලදී.

එච්. එස්. ද සොයිසා
විද්යා හා තාක්ෂණ නිලධාරී - ගාල්ල කඩවත් සතර

උපුටා ගැනීම : http://www.popsci.com/article/science/last-passenger-pigeon-died-100-years-ago-today?dom=PSC&loc=recent&lnk=2&con=the-last-passenger-pigeon-died-100-years-ago-today

0 comments:

Post a Comment