ජාවා with නානා (part 13)

Share

කෝ ඊලග tutorial එක කියලා හැමෝම අහන හින්දා මම හිතුවා මෙ වැඩ අස්සෙම ලියන්න ඊලග tutorial එක….

අද මම ලියන්න යන්නේ හැමෝම ආස දෙයක් ගැන. එ තමයි command prompt එකෙන් කොහොමද input දෙන්නේ කියන එක.. මෙකට ක්‍රම ගොඩාක් තියනවා. මුලින්ම අපි බලමු easyම විදිහ.
එ තමයි arguments වශයෙන් දෙන එක..

මතක ඇතිනෙ කට්ටියට main method එකේ තියනව මෙහෙම කොටසක්. මෙන්න මේක තමයි දැන් අපි use කරන්න හදන්නේ…

Capture2

මෙන්න අපේ sample program එක

හිතන්නකො අපිට මොකක් හරි ඉලක්කමක් දක්වා තියන triangular numbers ටික ගන්න ඔන කියලා. මෙන්න ඒකට අපි ලියන්න ඕන program එක ලියන එක විදිහක්.

Capture3

දැන් අපිට තියන්නෙ මේක run කරලා බලන්න. compile කරන්න තියන්නේ සාමාන්‍ය විදිහටමයි.. මෙකේ හැටියට නන්..

Capture4

වෙනස තියන්නේ interpret කරන කොට. මොකද අපි input එක දෙන්නේ මෙතනදි.ඒක කරන්නේ මෙහෙමයි. හිතන්නකො අපිට 50 වෙනකන් තියන triangular numbers ටික ගන්න ඔන කියලා.එහෙනන් මෙහෙමයි input එක දෙන්නේ.

Capture5

මෙතනදි උනේ argument විදිහට අපි input එක ලබාදෙන එකයි.එතකොට අපි දෙන input එක a කියන variable එකට assign වෙනවා. අපිට input එකකට වඩා දෙන්න ඔන නන් අපි කරන්නේ

int a = Integer.parseInt(args[0]);
int b = Integer.parseInt(args[1]);
int c = Integer.parseInt(args[2]);
int d = Integer.parseInt(args[3]);

කරන එක…

මේ විදිහට ඕන තරම් input දෙන්න පුලුවන්.arguments save වෙන්නේ array එකක් විදිහට හින්දා තමයි 0 ඉදන් input දෙන්නේ.

එතකොට input දෙද්දි අපි space තිය තිය තමයි දෙන්නේ….

ඊලග කොටසෙදි අපි මේ ගැන තව දුරටත් කතා කරමු…

අදට මම මෙතනින් නවත්වනවා.අලුත් ටියුටොරියල් එකෙන් අද හෙටම හමුවෙමු.
මොකක් හරි අවුලක් තියනවනම් e-mail- charith_shaddow@yahoo.com
Facebook- charith shadow Winchester (naana)
දෙකෙන් එකකට message එකක් දාන්න.