Tuesday, October 21, 2014

තවත් ජනප්‍රිය විවිධාංග බ්ලොග් එකක් "අටම්පහුර"

යකාගේ අයියා සල්ලි 

 ඉස්සර මං චුට්ටං කාලේ මට ඔයා මාර පොරක් සල්ලි
ඒ කාලේ මට ඕන ඔනම දෙයක් ඔයා දෙනවනේ සල්ලි
හම්බ නොකෙරුවට මං  සල්ලි
තාත්තගේ සාක්කුවෙන් ගිහින් ගෙනත් දුනා සල්ලි
අම්මගේ පර්ස් එකෙන් මං කොච්චර උස්සල ඇද්ද සල්ලි
අක්කට දෙන බස්ගාස්තුවේ ඉතුරු සල්ලි
කැටෙන් කොච්චර උස්සනවද සල්ලි
අහල පහල ඇන්ටිලගේ ඉතුරු සල්ලි
අංකල්ලගේ සිකරට් සල්ලි
ගෙදර ඉතුරු සල්ලි
බෝගහේ බැදපු බාර සල්ලි
කොච්චර ගැලෙව්වද මං සල්ලි
අනුන්ගේ පුවක් විකුනපු සල්ලි
හොර පොල් වල සල්ලි
කැට ගහපු ජිල් ගහපු සල්ලි
කුට්ටං පොලේ පිටවාසි අල්ලපු සල්ලි
පහලවේ මල විසිපහට වික්ක සල්ලි
මන්තර කාරයොත් එක්ක අන්දල ගත්ත සල්ලි
කරපු වැඩේට මස් රාත්තල ඉල්ලපු සල්ලි
ඒ කාලේ මා එක්කම උන්න සල්ලි
අද මාව දාල යන සල්ලි
මට කෙලවන සල්ලි
අසරණ කරන සල්ලි
මාව හිර කරන සල්ලි
දෙයියන්ගේ මල්ලි නෙමෙයි සල්ලි
යකාගෙ අයියා නේද සල්ලි 


පිවිසුම

http://atampahura.blogspot.com/


1 comment: