2
මෙම බ්ලොග් අඩවිය මගින් ඔබට Hacking එහෙම නැත්නම් අනවසරයෙන් සිදුකරණ පරිඝණක ආශ්‍රිත ක්‍රියාකාර කම් පිලිබඳව දැනුවත් කිරීමේ පාඩම් මාලාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි පලමු අදියර වශයෙන් මොකක්ද මේ Hacking කියන්නේ කියල බලමු.

මුලින්ම දෙයක් කියන්න ඕනෙ Hacking කියන්නේ සම්පූර්ණයෙන්ම නීති විරෝදී දෙයක් ඉතින් ඔබ කාගේ හෝ දත්ත හොරා ගන්නවනම්, බලනවනම්, පද්දත්යක් අඩාල කරණවනම්, පද්දතියක් විනාෂ කරනවනම් එහි අවදානම ඔබ සතුයි.

Hacking කියන්නේ සම්ප්‍රදායික නොවන ක්‍රමයකට පද්දති සමග කටයුතු කිරීම. so එයින් අදහස් වෙන්නේ මේ වගේ දෙයක් උදාහරනයකට windows පරිඝනකයක යම් system file එකක් open කරන්න වෙනස් කරන්න උත්සහ කරනවානමි windows මෙහෙයුම් පද්දතිය මගින් ඒකට අවසර දෙන්නේ නෑ.
එතකොට ඔයාට පුලුවන් Linux live cd එකක් මගින් ඒ පරිඝනකය boot කරල අවශ්‍ය සියලුම system files, password files ඕන එකක් පාලනය කරන්න පුලුවන්. ඉතින් ඒක තමයි සම්ප්‍රදායික නොවන ක්‍රමයකට පද්දති සමග කටයුතු කිරීම කියන්නේ.

හොඳයි අපි බලමු කොහොමද මේ Hacking Attacks සිදු කරන්නේ කියල. මුලින්ම අපි දැනගතයුතු දෙයක් තමයි හරියට චිත්‍ර පටිවල වගේ එක පරිඝනකයක් ඉස්සරහ ඉඳගෙන පොඩි කෝඩ් එකක් type කරල විනාඩි 2,3 කින් Hacking Attacks කරන්න බෑ. ඒක සැබෑ ලෝකයේ Hacking Attacks සිදුවන විදිහ නෙමේ. Hacking Attack එකක් කරනවා කියන්නෙ ගොඩාක් අමාරු වැඩක්. එ්ක සමහර විට දවසක්, සතියක්, මාසයක් තුල සිදුවන ක්‍රියාවලියක් වෙන්න පුලුවන්. හොඳයි අපි හිතමු ඔයාට ඕනෙ යම් ප්‍රදාන පරිඝනකයක් එහෙම නැත්නම් sever එකක් Hack කරන්න එහිදී ඔයාට පුලුවන් ඒ පරිඝනකය තියන තැනට ගිහිල්ල ඒක උස්සගන දුවගන එන්න. එහෙම නැත්නම් පුලුවන්  ඒ පරිඝනකය ලඟට ගිහින් ඒක Linux live cd එකකින් boot කරල ඔයාට අවශ්‍ය කරන තොරතුරු pen drive එකකට දාගෙන එන්න. එහෙමත් නැත්නම් ඔයාට පුලුවන් අන්තර්ජාලය බාවිතා කරල වෙන තැනක ඉඳන් ඒ පරිඝනකයට ඇතුල් වෙලා ඒකෙ කියන තොරතුරු ගන්න නැත්නම් විනාශ කරන්න.

 මං හිතනව Hacking කියන දෙය පිලිබඳ යම් අදහසක් ඔබට තියනව කියලා දැන්. මං මේ පාඩම් මාලාව තුල Hackers ලා කවුද ඒ කියන්නේ black hat, white hat hackers ලා ගැන විස්තර කරන්න යන්නේ නෑ ඒක ඔයා දැනටමත් දන්නව ඇති මොකද හැම site එකකම තියනවනෙ. හොඳයි අපි ඊලඟ post එකේ ඉඳන් Hacking කරන්න පටන් ගමු. සුභ දවසක් මං ගියා.

Typing mistakes තියනවනම් සමාවෙන්න පලවෙනි post එකනෙ.
Next
Newer Post
Previous
This is the last post.

Post a Comment

 
Top