0
මේ පෝස්ටුවෙන් විස්තර කරන්නේ මොකද්ද මේ DNS හා කොහොමද DNS Attacks එකක් ක්‍රියාත්මක කරන්නේ කියලා. මුලින්ම අපි බලමු මොකක්ද මේ DNS කියන්නේ කියල. අන්තර්ජාලය සමග තදින්ම බැඳී පවතින දෙයක් තමයි මේ DNS. යම් පරිඝනකයකට වෙබ් ලිපිනයක් ඇතුල් කරල ඒ අදාල web site එකට යාමේදි වෙබ් ලිපිනය ඇතුල් කළ අවස්තාවෙ ඉඳල අදාල web site එක එම පරිඝනකයේ දිස්වන අවස්තාව දක්වා කාලය තුල තමයි මේ DNS මැදිහත් වීම සිද්ද වෙන්නේ. ඒ කොහොමද කියනවා නම් ඔබේ පරිඝනකය ඇතුලු අන්තර්ජාලයේ තියන සෑම පරිඝනකයක්ම මේ web site වල ලිපිනයන් (උදා www.facebook.com )  හඳුනන්නේ නෑ ඒ මොකද සෑම web site එකකටම එයට ආවේනික වු ip ලිපිනයක් (උදා 31.13.79.144 ) තියනවා ඒ ip ලිපිනය මගින් තමයි පරිඝනකය අදාල web site එක හඳුන ගන්නේ. නමුත් මිනිසුන්ගේ පහසුවට වෙබ් ලිපින බාවිතා කරන නිසා. අපි වෙබ් ලිපිනයක් ඇතුලත් තළ විට DNS මගින් ඒ වෙබ් ලිපිනයට අදාල IP ලිපිනයට අපේ පරිඝනකය යොමු කරීම තමයි මේ DNS මගින් සිදුකරනු ලබන්නේ.

ඉතිං මං කලින් කිවුව වගේ පරිඝනක වෙබ් ලිපින හඳුනන්නේ නෑ ඒ දේ ප්‍රයෝජනයට අරන් තමයි මේ DNS Hack කිරීමක් කරන්න පුළුවන් වෙන්නේ. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියල.

ඔයා ඔයාගේ පරිඝනකයට යම් වෙබ් ලිපිනයක් ඇතුල් කරනව කියල හිතමු. එහිදී යම් පිලිවලකට තමයි ඒ ඇතුලත් කල වෙබ් ලිපිනයට අදාල ip ලිපිනය සොයා ගන්නේ. එහිදි ඕනෑම පරිඝනකයක තියනව (TCP/IP Method එක බාවිතා කරන - TCP/IP ගැන පස්සේ පාඩමකින් කියල දෙන්නම් ඈ) Hosts කියල system file එකක් ඉතිං අපි ඇතුලත් කළ වෙබ් ලිපිනයට අදාල ip ලිපිනය මුලින්ම පරිඝනකය හොයන්නේ මේ Hosts File එකේ. hosts එක කියනවනම් අපි ඇතුලත් කරපු වෙබ් ලිපිනයේ ip ලිපිනය 10.1.10.1 කියල කිසි කතාවක් නෑ පරිඝනකය ඒක පිලිගන්නව. windows වල නම් මේ hosts file එක තියෙන්නේ C:\Windows\System32\Drivers\etc වල. හරි අපි හිතමු අපි ඇතුලත් කළ වෙබ් ලිපිනයේ ip ලිපිනය මේ hosts file එකේ නෑ කියල. ඊළඟට පරිඝනකය ip ලිපිනය හොයන්න යොමුවෙන්නේ Local DNS එකට. ඉතික් මේ local dns එක බොහෝ විට ඔයාගෙ DSL modem එක නැත්තන් wifi router එක එහෙමත් නැත්නම් ඔයාට පොඩි Network එකක් තියනවනම් ඒකෙ server machine එක වෙන්න පුලුවන්.  මේ local dns එකෙත් ip ලිපිනය හොයාගන්න බැරි වුනොත් ඊලඟට යනව Public dns එකට. 

ඉතින් මේ විදිහට තමයි DNS ක්‍රියාවලිය සිද්ද වෙන්නේ.
ඉතිං මේ DNS Hack කිරීමකදි සිදු කරන්නේ hosts file එක වෙනස් කිරීමක්. ඒ කියන්නේ අපිට පුලුවන් www.facebook.com කියන වෙබ් ලිපිනයේ ip ලිපිනය විදිහට වෙනත් ip ලිපිනයක් ලබා දෙන්න උදා 127.0.0.1 කියන ip ලිපිනය ලබාදුන්න කියල හිතන්නකෝ. ඊලඟ අවස්තාවේ පරීඝනකයට www.facebook.com කියන වෙබ් ලිපිනය ඇතුල් කරහම පරිඝනකය මුලින්ම hosts file එකේ මේ වෙබ් ලිපිනයට අදාල ip ලිපිනය හොයනව එතනදි hosts file එක කියනවනම් මේ වෙබ් ලිපිනයට අදාල ip ලිපිනය 127.0.0.1 කියල පරිඝනකය කොහෙත්ම එතනින් එහාට local dns එකටවත් public dns එකටවත් යන්නේ නෑ hosts එකෙන් දෙන ip ලිපිනය පිලිගන්නවා.

හොඳයි අපි බලමු windows පරිඝනකයක කොහොමද මේ hosts file එක වෙනස් කරන්නේ කියල. මුලින්ම කියන්න ඕනෙ මේක කරන්න නම් අනිව Administrator Account එකකින් log වෙලා ඉන්න ඕනෙ.

මෙන්න මේ තැන තමයි hosts file එක තියෙන්නේ.
 
 අපිට පුලුවන් මේක right click කරලා open with > notepad දෙන්න.

එතකොට මෙන්න මෙහෙම එකක් තමයි දකින්න ලැබෙන්නේ.
ඉතින් මේ file එකේ තියන 127.0.0.1       localhost කියන තැනට යටින් තමයි අපිට ඕන කරන ip ලිපිනය හා වෙබ් ලිපිනය දෙන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි hosts file එක වෙනස් කරහම පෙනෙන්නේ.
ඊට පස්සේ මේ hosts file එක save කරල පරිඝනකයේ web browser එක open කරල www.facebook.com හො facebook.com ලෙස ඇතුල් කරල බැලුවොත් පෙනෙයි මෙන්න මේ වගේ error එකක් එනව.
ඉතින් ඔය විදිහට තමයි මේ hosts file එක වෙනස් කරන්නේ. ඔයාලට පුලුවන් 127.0.0.1 කියන තැනට  වෙන ඕනම ip ලිපිනයක් දාල වෙනස් කරගන්න.

ඊලඟ ලිපියෙන් මං ඔයාලට කියල දෙන්නම් කොහොමද මේ DNS Attacks එකක් වෙනත් පරිඝනකයනට දෙන්නේ සහ මේක බාවිතා කරල මොනවද කරන්න පුලුවන් කියල උදාහරනයක් විදිහට phishing attack එකක් වගේ කරන්නේ කොහොමද කියල.

තව දෙයක් කියන්න ඔනේ හැමවිටම මේ Hacking කියන දෙය නරකට බාවිතා කරනව කියල දෙයක් නෑ මේ දේවල් හොඳ විදියට බාවිතා කරන්නත් පුලුවන්. අපි හිතමු ඔයාගෙ ගෙදර නංගිල මල්ලිල හරි ළමයි හරි ඔය facebook සහ තව ඔය අනවශ්‍ය දේවල් වලට යොමු වෙලා තියනවනම් ඔයාට පුලුවන් ඒ web sites list එක අරගෙන hosts එකට add කරල ඒ sites වලට යන එක නවත්තලා දාන්න. ඉතින් ඒ වගේ හොඳ දේවල් වලටත් මේ Hacking බාවිතා කරන්න පුලුවන්. සුභ දවසක් එහෙනම් ඊලඟ ලිපියෙන් හම්බ වෙමු.

Post a Comment

 
Top