0


ඔයා වැඩ කරන්නේ Linux එක්කනම්, ඔයාගේ distro එකේ බොහෝ දුරට C++ compiler එකක් ඇතුලත් වෙලා තියෙන්න පුලුවන්. බොහෝ විට Linux වල තියන C++ compiler එක තමයි g++ කියන්නේ. ඒක GNU Compiler Collection එකේ එන Compiler එකක්.

Installing g++

මුලින්ම බලන්න ඕනේ g++ compiler එක පරිඝණකයේ ඇතුලත් වෙනවද කියල, terminal එක open කරල g++ කියල type කරල enter කරන්න. මේ වගේ line එකක් පෙන්නනවනම් දැනටමත් පරිඝණකයේ g++ compiler එක Install වෙලා තියෙන්නේ.

g++: fatal error: no input files
compilation terminated.



මේ වගේ line එකක් පෙන්නනවනම්.

command not found

එහෙනම් ඔයාට සිද්ද වෙනව g++ compiler එක Install කරගන්න. ලිනක්ස් වලදී g++ compiler එක Install කරනවිටදී ඔයාගේ Linux
distribution එක අනුව එම ක්‍රමය වෙනස් වෙන්න පුලුවන්. for example ඔයාගේ පරිඝණකය Ubuntu ලිනක්ස් නම් මේ විදියට type කරල compiler එක Install කර ගන්න පුලුවන්: 

aptitude install g++

ඔබේ පරිඝනකයේ වෙනත් Linux distribution එකක් නම් තියෙන්නේ ඔයාට ඒ distribution එකේ අදාල ක්‍රමයට g++ compiler එක Install කරගන්න වෙනව. google හරහා ඔයාට මේක ලේසියෙන්ම සොයාගන්න පුලුවන්. 

g++ පරිඝණකයේ ක්‍රියා කරවීම. 

g++ ක්‍රියා කරවීම ගොඩක්ම ලේසියි ඒකට මුලින්ම අපි පොඩි file එකක් නිර්මාණය කරගන්න ඕනේ. ඔයාලට පුලුවන් මේ සඳහා ඔයාලගේ පරිඝණකයේ තියන ඔනම text editor එකක් බාවිතා කරන්න. මං බාවිතා කරන්නේ gedit කියන text editor එක. 

#include <iostream>

int main ()
{
std::cout << "Hello, world" << std::endl;
}


මුලින්ම ඉහලින් තියන lines ටික ඔයාලගේ text editor එකේ ලියා ගන්න. (විශේෂයෙන්ම කියන්න ඔනේ මම මේ පාඩම් වල ඔයාලට දෙන source code ඔයාල copy කරල ඔයාලගේ text editor එකට ගන්න එපා මොකද programming ඉගනගන්නවා නම් අපි මුල ඉදන්ම අපේ typeing skill එක හදා ගන්න ඕනේ. මේ හැම code එකක්ම අකුරෙන් අකුර type කරොත් තමයි ඔයාට ඒ දෙවල් හොඳින් මතක හිටින්නේ.) ඊට පස්සේ hello.cpp විදිහට ඔයා ගේ source code එක save කරගන්න මතක ඇතුව file extension එක .cpp විදිහට දෙන්න. 

දැන් terminal window එකක් අරගන ඔයා file එක save කරපු folder එකට යන්න. ඊට පස්සේ මේ විදිහට type කරන්න. 

g++ hello.cpp -o hello

දැන් enter ඔබන්න. 

-o කියන option එකෙන් කරන්නේ output file එකට නමක් දෙන එක. ඒ option එක බාවිතා කරන්නේ නැතුව නිකම්ම "g++ hello.cpp" කියල දුන්නොත්, output file එක a.out කියන නමින් තමයි save වෙන්නේ. 

Running your program 

දැන් අපි බලමු කොහොමද අපි execut කරගත්ත program එක ක්‍රියාත්මක කරන්නේ කියල. අපි program එකට දීපු නම තමයි hello ඔයාට පුලුවන් ලේසියෙන්ම මේ විදිහට type කරල program එක run කරන්න. 

./hello

දැන් ඔයාලට මේ විදිහේ output එකක් ලැබෙන්න ඔනෙ.

Hello, world

හරි අපි දැන් Linux සඳහා programming පසුබිම සකසාගන අවසන්. තව දෙයක් කියන්න ඔනේ මම නම් ඉදිරි පාඩම් වලදී programming සඳහා බාවිතා කරන්නේ Code::Blocks IDE කියන program එක ඔයාලටත් අවශ්‍යනම් පුලුවන් මේ program එක install කරගන්න. එහෙම නැත්නම් ඉහත සඳහන් කර ආකාරයටත් ලේසියෙන්ම program නිර්මාණය කරන්න පුලුවන්. ඔයාල Code::Blocks install කරනවානම් g++ compiler එක Install කරාට පසුව Code::Blocks install කරගන්න. Ubuntu Software Center එකේ Code::Blocks IDE එක තියනව. 

Post a Comment

 
Top