1
C++ programming වල මූලික ආකෘතිය හඳුනා ගනිමු.

හම්... බොහෝදුරට  අපි C++ program වල මූලික කරුණු අවබෝද කරගන අවසන්. අවසාන වශයෙන් කරන්න තියෙන්නේ ප්‍රබව කේතයේ දළ සැලැස්ම අවබොද කරගන්න එක තමයි.

[include statements]
using namespace std;

int main()
{
    [your code here];
}

මොකද වෙන්නේ ඔයාට මේ එක කොටසක් හරිි මග හැරුනොත්?

බැරි වෙලාවත් ඔයාට include statement එක එහෙම නැත්නම් using namespace std යන්න යොදන්න අමතක වුනොත් ඔයාගේ program එක compile කිරීමේදී අසමත් වෙනව. program එක නිවැරදිව compile වෙන්නේ නෑ කියන්නේ compiler එකට හඳුන ගත නොහැකි යම් දෙයක් ඔයාගේ කෝඩ් එකේ ඇතුලත් වෙනව කියන එකයි. ඒක සමහර විට syntax වැරැද්දක් වෙන්න පුලුවන් එහෙමත් නැත්නම් ඔයාට header file එක include කරන්න අමතක වෙලා වෙන්න පුලුවන්. ඔනම compiler අසමත් වීමකදී අවම වශයෙන් එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක errors අපිට දැක ගන්න පුලුවන් එම අසමත් වීමට හේතු වශයෙන් ඉදිරිපත් කරන. උදාහරනයක් වීදිහට මේ error එක බැලුවොත්.

error: 'cout' was not declared in this scope

මේ වගේ error message එකක් ආවොත් අපි මුලින්ම බලන්න ඔනේ අපේ program එකේ උඩම කොටසේ තියන include statement එක නිවැරදිව යොදලද කියල.

මේ Compiler errors සෑම විටම හඳුනා ගැනීම පහසු නෑ. අපි හිතමු ඔයාට semicolon එක යොදන්න අමතක වුනා කියල ඒ වගේ අවස්තාවකදී සෑම වර්ගයේම Compiler errors ඔයාට දකින්න පුලුවන්. මුලදිම නම් මේ Compiler errors හඳුන ගන්න එක අමාරු වෙන්න පුලුවන් නමුත් බාවිතයත් සමග ඒක ඔයාලට හුරුවෙයි.

ඔබේ ක්‍රමලේකනය තුල අදහස් දැක්වීම.(Commenting)

programming ඉගන ගන්නවනම් ඔයා තව දෙයක් දැනගන ඉන්න ඔනේ ඒ තමයි කොහොමද code එකක් ඇතුලේ යම් අදහසක් හෝ විස්තරයක් ඇතුලත් කරන්නේ කියල. අලුතින් programming ඉගන ගන්න කෙනෙක්ට ඒක ඉතාමත් වැදගත් දෙයක්. එමගින් පුලුවන් අපේ code එකේ යම් ස්තානයක හෝ යම් line එකක ක්‍රියාකාරීතවය එම කොටස ඉදීරීයේම විස්තර කරල තියා ගන්න. මේ comments බාවිතය programming වල හොඳ පුරුද්දක් විදියට තමයි සලක්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්නේ කියල.

ඔයා යම් කෙොටසක් comment එකක් විදිහට ඇතුලත් කරොත් code එක run වීමේදි එම කොටස compiler එක විසින් මගහැර යනවත. // සලකුන යෙදීම මගින් තමයි compiler එකට යම් කොටසක් comment එකක් බව දැනුන් දෙන්නේ. මෙම සලකුන යෙදීම නිසා එම සලකුනේ සිට ඉදිරියට ඇති සම්පූර්ණ line එකම comment එකක් විදිහට කමයි compiler එක හඳුන ගන්නේ. නමුත් අපිට මෙය බාවිතා කල හැක්කේ එක line එකක comment එකක් සඳහා පමනයි. අපට අවශ්‍ය නම් line කීපයක කොටසක් comment එකක් ලෙස පලකරන්න එහිදී අපි බාවිතා කරන්නේ මෙම සලකුනු දෙකයි /* සහ */ මෙම සලකුනු දෙක අතර තමයි අපි අපේ comment එක යොදන්න ඔනෙ.

උදා :-

// මෙම line එක පමනක් comment එකක් වේ.
මෙම line එක comment එකක් නොවේ. (එනම් මෙය code එකේ කොටසක්)

/* පලවන line එක සහ
දෙවන line එක යන දෙකම comments වේ
*/

අපිට මෙය තව දෙයකට බාවිතා කරන්න පුලුවන් ඒ තමයි අපිට අවශ්‍ය නැත්නම් යම් statement එකක ප්‍රතිපලය දකින්න අපිට පුලුවන් එම statement එක comment out කරන්න. උදාහරනයක් විදිහට අපිට අවශ්‍ය නැත්කම් cout statement එකේ ප්‍රතිපලය දකින් ඒක comment out කරන්න පුලුවන්. උදා :-

#include <iostream>

using namespace std;

int main ()

{
// cout << "HEY, you, I'm alive! Oh, and Hello World!\n";
}


අපේ code එකේ යම් වැරැද්දක් තිබුනොත් එම ස්තානය හරියටම අඳුර අපිට මේ ක්‍රමය බාවිතයෙන් පුලුවන් මම ඒ ගැන ඉදිරියේදී පැහැදිලි කරන්නම්.

programmer කෙනෙක් වගේ හිතන්න පුරුදු වෙමු.

programmer කෙනෙක් කියන්නේ නිතරම පරිඝණක සමග ගනුදෙනු කරන කෙනෙක්ට. ඉතින් හොඳ programmer කෙනෙක් වෙන්නනම් අපි පරිඝණක තේරුම් ගන්න ඔනෙ. ඇත්තටම පරිඝණකයක් කියන්නේ ගොඩක්ම literal දෙයක් ඒකට සිංහල තේරුමක් ගැන මට අදහසක් නෑ මං හිතන විදිහට literal කියන්නේ පදගථාර්ත වගේ අදහසක් තමයි. කොහොම හරි පරිඝණක කියන්නේ අපි කියන දේ විතරක්ම කරන උපකරණයක්. පරිඝණකයට බෑ හිතල දෙයක් කරන්න. අපිට පරිඝණකය ලවා යම් දෙයක් කර ගැනීමට අවශ්‍යනම් අපට ඒ කාර්ය්‍ය කරන ආකාරය අකුරෙන් අකුර විස්කර කරන්න වෙනව. ඒක ටිකක් කලකිරවනව තමයි නමුත් ඒක තමයි ඇත්ත.

නමුත් වාසනාවකට වගේ අපිට පුලුවන් programming කරද්දි, ඔයා එකපාරක් පරිඝණකයට යම් කාර්ය්‍යක් කරන ආකාරය විස්තර කරොත් එම කාර්ය්‍යට නමක් දීල තියන්න. so අපි නැවත එම කාර්ය කරගැනීමේදී අපට අර සියලු විස්තරයන් ඇතුල් කිරීමට අවශ්‍යතාවයක් වෙන්නේ නෑ. ඔයාලට මේක හොඳින්ම තේරුම් ගන්න පුලුවන් අපි functions එක්ක වැඩකරන්න ගත්තු ගමන්.

හොඳයි අපි දැනට අපේ පලවෙනි program එක හදල ඉවරයි. ඒ වගේම එතනින් එහාට අපි තව දේවල් ටිකක් ගැන කතා කරා. මං හිතනව දැන් බොහෝ දුරට ඔයාලට C++ Programming කියන දේ ගැන අදහසක් ඇති කියල. මං කැමතියි ඔයාලගෙන් යම් අදහසක් දැන ගන්න මේ පිලිබඳ මම මේ පාඩම් මාලාව කරගන යන ක්‍රමය හොඳයිද? ඔයාලට හොඳින් තේරෙනවද? අඩුපාඩු තියනවද? මොකද ඔයාලට මේක හොඳින් තේරෙන්නේ නැත්නම් මං මේ කරන දෙයින වැඩක් නෑ. හොඳයි ඊලඟ පාඩමෙන් Variables බාවිතය පිලිබඳ තමයි කියල දෙන්නේ. අපි ඒ පාඩමෙන් නැවත හමුවෙමු.

Post a Comment

 
Top