එන්න… රතු හඳ බලන්න…

Share

 

ඉතාමත් දුර්ලභ සිදුවීමක් වන රතු සඳක් (Red Moon) දර්ශණය වීම අද ලොව බොහෝ රට වලට දර්ශණය වනු ඇත. මෙම වසර තුල අභ්‍යවකාශ කැලැන්ඩරය තුල සිදු වන්නා වූ දෙවන රතු සඳ දර්ශණය වන මෙම සිදුවීම “Blood Moon” යනුවෙන්ද හඳුන්වනුයේ චන්ද්‍ර‍යා රක්ත වර්ණයෙන් දර්ශණය වීම නිසාය.

මෙම අපූර්ව දර්ශණයට හේතුව වනුයේ පෘතුවියේ “Umbra” යනුවෙන් හඳුන්වන සෙවනැල්ල චන්ද්‍රයා මත පතිත වීමයි අවසන් වරට රතු සඳක් දර්ශණය වී ඇත්තේ 2014 අප්‍රේල් 15 වනදා වන අතර මීලඟ ආසන්නතම සිදු වීම 2015 අප්‍රේල් 4 වනදා සිදු වනු ඇත.

රතු සඳක් නිර්මාණය වීමට චන්ද්‍රග්‍රහණයක් සිදු විය යුතුය. චන්ද්‍රග්‍රහණයකදී පෘතුවියේ සෙවණැල්ල විසින් සඳවත වසා ගත්තද රතු සඳක් නිර්මාණයේදී සිදු වනුයේ පෘතුවි වායුගෝලය හරහා ගමන් ගන්නා සූර්ය කිරණ වර්තනය වී එය සඳ මත පතිත වී ඒ හරහා රතු පැහැයෙන් යුතුව චන්ද්‍රයා දර්ශණය වීමයි.

සඳ නැගීමේදී ශ්‍රීලංකාව ඇතුලු රට වලට මෙය දර්ශණය වනු ඇති අතර ඇමරිකාවේ සහ ඕස්ට්‍රීලියාවේ ඇතැම් කොටස් වලට පූර්ණ වශයෙන් මෙය දර්ශණය වන විට අප්‍රිකාව, යුරෝපය සහ මැද පෙරදිගට මෙම චන්ද්‍රග්‍රහණය දර්ශණය නොවනු ඇත.

1412336227129_wps_27_Untitled_jpg1412336215482_wps_26_Path_NASA_GFSC1_jpg

Reference – http://www.dailymail.co.uk/