නෙතින් නෙත


නෙතින් නෙත අප ගැටුන දින දැනි හැඟුම් අද ඇත ඉහිරිලා
සුසුම් හෙලමින් කඳුළු දෙකොපුල් මතින් පැන යයි බේරිලා
සිතේ සිරගත කර තිබූ කවි එකින් එක ගෙන තෝරලා
ඇමිණුවත් කව් දමක් ඔබ හට අනේ අපි අද වෙන් වෙලා

ගතින් ගත එකිනෙකට දැවටුන මතකයන් අද තනි වෙලා
නුඹෙන් තොර වූ ලොවක අඳුරේ සිටින්නෙමි මම සිර වෙලා
පැතුම් ගොන්නක් සිතේ පොදි බැඳ තැබුව පය අද තද වෙලා
උන්නු මා මය වෙනස් වී නැත නැවති-නැත නුඹ පතාලා

විටින් විට සිත් මලට වට නෙක බඹරු බෝමැයි නිරතුරින්
එබව දැන දැන නුඹට ලං විමි බැඳ දහක් සිතුවිලි තුටින්
වෙනස් වේ යැයි නොසිතු සැම අද වෙනස් වී ඇත බෝ ලෙසින්
දතිමි අමතක කල හෙයින් නුඹ එකල තෙපලූ රස වදන්

Comments

  1. හොඳ සාහිත්‍යමය බ්ලොග් එකක්. අපේ බ්ලොග් දර්ශකයටත් මේක ඇතුල් කරන්න. මෙන්න දර්ශකයට පිවිසුම.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.