VB.net 3 පාඩම - වේරියබල් භාවිතය.

12:03 PM

පරිගණක වැඩසටහනකදී යොදා ගන්නා නොයෙක් දත්ත ‍රැස්  කිරීම සදහා විද්‍යුත් මතකය අවශ්‍ය වේ. පරිගණකය තුලදී සාමාන්‍ය මෘදුකාංගයක් සේ  විෂුවල් බේසික් ක්‍රියාත්මක වන විට ක්‍රමලේඛන වලට අවශ්‍ය දත්ත එම මෘදුකාංගයට යොදා ගන්නා මතකය තුලම ‍රැදේ. එහෙත් ඊට පිටින් ගොස් පරිගණකයෙන් අමතර මතකයක්ද ලබා ගත හැකි ක්‍රම තිබේ. මෙසේ අමතර මතකයක් ලබා ගත හැක්කේ වේරියබල් යොදා ගෙනය. එවිට අමතර මතකය තුල වැඩි දත්ත ප්‍රමාණයක් රදවමින් වඩා කාර්යක්ෂමව වැඩසටහන් ලිවීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් පුළුවන.
සෑම වේරියබල් එකක් පාහේම පහත දැක්වෙන මූලික කොටස් වලින් යුක්තවේ.

* කීවර්ඩ් එක
* වේරියබල් එකෙහි නමා
*As පදය
* ඩේටා ටයිප් එක හෙවත් ඇතුලත් කරන දත්ත වර්ගය
මේ අනුව විෂුවල් බේසික් තුල සකසන වේරියබල් එකක පොදු ආකෘතිය මෙසේය.

[කීවර්ඩ් එක] [නම] As [ඩේටා ටයිප් එක]
Dim Softlanda as Integer

මෙහි Dim යන්න වේරියබල් එකෙහි කීවර්ඩ් එකයි. එය වේරියබල් එක යොදන තැන අනුව වෙනස් කර ගත යුතුය. ලියනු ලබන කෝඩ් පේළියක් විෂුවල් බේසික් භාශාව විසින් හදුනා ගන්නේ මෙම කීවර්ඩ් එකෙනි. මෙහි මීළගට ඇති Softlanda යන්න වේරියබල් එකෙහි නමයි. එය අවශ්‍ය පරිදි වෙනස් කරගත හැක. වේරියබල්  එකෙහි නමට පසුව යොදන As පදය අනිවාර්යයෙන්ම යෙදිය යුතුය. එයින පසුව Integer ලෙස යොදා ඇත්තේ ඩේටා ටයිප් එකයි. එය වේරියබල්  එක තුළට යොදනු ලබ දත්ත වර්ගය අනුව වෙනස් කළ යුතුය.
වේරියබල් හා කීවර්ඩ් වර්ග.
වේරියබල් එකක් සැකසීමේදී කීවර්ඩ් එක යොදන්නේ වේරියබල් එක යොදන තැන අනුවය. විෂුවල් බේසික් තුල භාවිතා කරන වේරියබල් වර්ග, ප්‍රොජෙක්ට් වේරියබල් (Project variable), ෆෝම් වේරියබල් (Form variable), ප්‍රොසීජ වේරියබල් (Procedure variable) ලෙස වර්ග තුනකි. එහි භාවිතයන් පහත පරිදි වේ.

විෂුවල් බේසික් තුල භාවිතයට ගන්නා තවත් දත්ත වර්ග හා එහි විස්තර : http://msdn.microsoft.com/en-us/library/47zceaw7%28v=vs.100%29.aspx

ප්‍රොසීජ වේරියබ් (Procedure variable).

වේරියබල් වර්ග අතරින් කුඩාම ප්‍රදේශයකදී ක්‍රියාත්මක වන වේරියබල් වර්ගය හෙවත් කුඩාම වේරියබල් වර්ගය ප්‍රොසීජ වේරියබල් වේ. මේවා ක්‍රියාත්මක වෙන්නේ එක් කොන්ට්‍රෝල් එකකට අදාලව තනි ඉවෙන්ට් එකක් තුලය. උදාහරණයක් ලෙස වින්ඩෝ එකක් මතට බට්න් එකක් යොදා ක්ලික් කිරීමට අදාලව ප්‍රොසීජ වේරියබල් එකක් සැකසුවහොත් වේරියබල් එක ක්‍රියාත්මක වන්නේ එම බට්න් එක ක්ලික් කිරීමේ සිද්ධියේදී පමණි. ප්‍රොසීජ වේරියබල්, Dim හෝ Static යන කීවර්ඩ් දෙකෙන් එකක් යොදාගෙන ලිවීමට පුලුවන. ඒ සදහා පහත දැක්වෙන උදාහරණ දෙක සලකා බලන්න. මෙම කෝඩ් කොටස ලියා ඇත්තේ බට්න් එකක් ක්ලික් කිරීමේදී පමණක් ක්‍රියාත්මක වීමටය.

Static x As Integer
Dim y As Integer

ෆෝම් වේරියබල් (Form variable).

ෆෝම් වේරියබල්. එකක් ප්‍රොසීජ වේරියබල් එකකට වඩා වැඩි ප්‍රදේශයක ක්‍රියාත්මක වේ. මෙය යොදන්නේ සම්පූර්ණ වින්ඩෝ (ෆෝම්) එකකටම අදාලවය. ඒ නිසා ඒම ෆෝම් එක තුළ ඇති සියලුම කොන්ට්‍රෝල් තුලදීත් ඒවා තුල ඇති සියලුම ප්‍රොසීජ තුලදීත් මෙම වේරියබල් එක ක්‍රියා කරයි. මේ නිසා වින්ඩෝ එක මත ඇති එක් බට්න් එකකින් දත්ත ඇතුලු කර තවත් බට්න් එකක් මගින් එම දත්ත භාවිතා කිරීමට පුලුවන. ෆෝම් වේරියබල්  Dim හෝ Private යන කීවර්ඩ් දෙකෙන් එකක් යොදා ගෙන ලිවීමට පුළුවන. පහත දැක්වෙන්නේ මෙම කීවර්ඩ් දෙක යොදා ගෙන ලියා ඇති ෆෝම් වේරියබල් දෙකකි.

Private x As Integer
Dim y As Integer

ෆෝම් වේරියබල් සැකසිය යුත්තේ ෆෝම් එකට අදාළ කෝඩ් තුල ප්‍රොසීජ වලට අදාල කෝඩ් වලට පිටින්ය. ඒ අනුව Class MainWindow ලෙස පටන් ගන්නා ෆෝම් එකෙහි ආරම්භක කෝඩ් පේලියට පහලින් මෙම කෝඩ් කොටස ලිවිය යුතුය.


ප්‍රොජෙක්ට් වේරියබල් (Project variable).

ප්‍රොජෙක්ට් වේරියබල් එකක් සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක තුලදීම ක්‍රියාතමක වෙයි. ඒ අනුව ප්‍රොජෙක්ට් එක තුළ ඇති සෑම වින්ඩෝ එකක් තුලදීම ක්‍රියාත්මක වේ. එබැවින් එක් ප්‍රොජෙක්ට් වේරියබල් එකක් සැකසූ පසු එම ප්‍රොජෙක්ට් එකතුල ඇති සියලුම වින්ඩෝ තුලදීත්, එම වින්ඩෝ එක තුල ඇති සියලුම කොන්ට්‍රෝල් තුලදීත් එම වේරියබල් එක භාවිත කල හැක.මේ නිසා එක් වින්ඩෝ එකකදී ඇතුලත් කරන දත්තයක් තවත් වින්ඩෝ එකකදී භාවිතා කිරීමට අවශ්‍ය නම් ඒ සදහා යොදා ගත යුත්තේ ප්‍රොජෙක්ට් වේරියබල් එකකි. මෙම වේරියබල් එක සදහා භාවිතා කරන්නේ Public නම් කීවර්ඩ් එකයි. මෙම ප්‍රොජෙක්ට් වේරියබල් එක සැකසිය යුත්තේ මොඩියුල් එකක් තුලයි.
ප්‍රොජෙක්ට් එක සදහා මොඩියුල් එකක් ලබා ගන්නට Solution Explorer වින්ඩෝ එකතුල ඇති ප්‍රොජෙක්ට් එකෙහි නම මත රයිට් ක්ලික් කර එවිට ලැබෙන මෙනූ එකෙන් Add > Module යන්න හරහා ගොස් මොඩියුල්  එකක් ලබා ගත යුතුය. එවිට මොඩියුල් එකට අදාල කොඩ් වින්ඩෝ එකක් ලැබෙනු ඇති. වේරියබල් අදාල කෝඩ් ලිවිය යුත්තේ මෙහි ඇති මොඩියුල් එකට අදාල ප්‍රධාන කෝඩ් කොටස වන Module Module1 හා End Module යන අතරය. Public a3 As Integer යනු මෙහි සකසා ඇති වේරියබල් එකකි.


වේරියබල් නම් කිරීම.

වේරියබල් එකක් සැකසීමේදී වේරියබල් එකෙහි නම හා එය යොදන තැන පිළිබදව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. මෙසේ නමක් ලබා දීමේදී පහත කරුනු සැලකිල්ලට ගත යුතුය.

* එකම ප්‍රොජෙක්ට් එකතුල එකම නමින් වේරියබල් දෙකක් සැකසිය නොහැක.

* වේරියබල් එකෙහි නම ආරම්භ කළ යුත්තේ අකුරකිනි, අවශ්‍ය නම නෙමේ මැද කොටස සදහා ඉලක්කම් භාවිතා කලහැක.

* වේරියබල් එකක වචන දෙකක් අතර හිස් ඉඩක් නොතැබිය යුතුය. එසේ අවශ්‍ය නම් ඒවෙනුවට අන්ඩර්ස්කෝ ලකුණ ( _ ) භාවිතා කලහැක.

* වේරියබල් එක සදහා නමක් ලබා දීමේදී %, &, !, #, $ යන සලකුණු භාවිතා කළ නොහැක.

* වේරියබල් එකක නමක් සදහා භාවිතා කලහැකි උපරිම අකුරු ගණන 255 කි.

මීට අමතරව විෂුවල් බේසික් තුල වෙන් කර ඇති Dim, If, Else, Select, Case, Do, For, While, Until, With, Loop, Next යනාදී වචන වේරියබල් නමක් සදහා භාවිතා කළ නොහැක.

දත්ත ඇතුලු කිරීම

වේරියබල් එකක් සදහා දත්ත ඇතුළු කිරීමේ පොදු ආකෘතිය සහ උදාහරණ මෙසේය.

නම = දත්තය
intSoftware = 12

මෙහිදී intSoftware නම් වේරියබල් එකක් සදහා 12 නම් සංඛ්‍යාව ඇතුළු කර ඇත.
වේරියබල් එකක් සදහා දත්ත ඇතුළු කරන ආකාරය තේරුම් ගන්නට පහත දැක්වෙන වැඩසටහන සකස් කර බලමු. මේ සදහා වින්ඩෝ එක මතට බට්න් (Button) එකක් හා ලේබල් (Label) එකක් යොදා ගත යුතුය. මෙම ලේබල් එක Label1 ලෙස නම් කර ගත යුතුය. දැන් බට්න් එක ඩබල් ක්ලික් කොට, කෝඩ් ව්න්ඩෝව වෙත පිවිස, එයට අදාලව පහත දක්වා ඇති ආකාරයට කෝඩ් ලිවිය යුතුය.

        Dim intA As Integer
        Dim intB As Integer
        intA = 20
        intB = 30
        Label1.Content = intA + intB

මෙහි පළමු හා දෙවන පේළියේදී intA හා intB ලෙස් වේරියබල් දෙකක් සකස් කර ඇත. තෙවන හා සිව්වන පේළියේදී එම වේරියබල් තුලට පිලිවලින් 20 හා 30 යන සංඛ්‍යා ඇතුළු කර ඇත. පස් වන පේළියේදී එම වේරියබල් දෙක එකතුකර එම එම අගය ලේබල් එකේ කන්ටෙන්ට් ප්‍රොපටිය වෙත යොමු කිරීමයි. වැඩසටහන ක්‍රියාත්මක කල පසු වේරියබල් දෙකෙහි එකතුව ලේබල් එක මත ඔබට දැක ගත හැක.

මෙවර පාඩමේ විෂුවල් බේසික් ප්‍රොජෙක්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න  : http://www.mediafire.com/download/gaia11txdu1i0gb/Variable.rar

පසුගිය පාඩම් සදහා 

පළමු පාඩම     : http://softwarelanthaya.blogspot.com/2014/08/visual-basic-net.html
දෙවන පාඩම   : http://softwarelanthaya.blogspot.com/2014/09/vbnet-2.html

Share this

Related Posts

Previous
Next Post »

1 comments:

Write comments

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon