අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Giver (2014) | හැඟීම් දැනීම් වලින් තොර ලෝකයක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

The Giver (2014 )

ඔන්න දවස් කිහිපයකට පස්සේ තවත් එකක් අරගෙන එන්නයි හදන්නේ. කරනවා කියලා අරගෙන නම් දැන් දවස් කිහිපයක් වෙනවා. නමුත් වැඩ රාජකාරි නිසා ඉක්මණට දෙන්න බැරි උණා. ඒකට සමාවෙන්න ඕනේ ඉතිං.. මේක නිකුත් වුණේ අගෝස්තු 15 වැනිදා. IMDb එකට අනුව 6.8 ක් ලැබිලා තියෙනවා. Phillip Noyce ගෙන් අධ්‍යක්ෂණය.

මුලින්ම කියන්න ඕනේ මේ ෆිල්ම් එක බලපු කිහිප දෙනෙක් මට කිව්වා අපෝ වැඩක් නැහැ කියලා… මම නම් ඒ මතය විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒ එයාලට මේ ෆිල්ම් එක තේරුනේ නැති නිසා තමයි එහෙම කියන්නේ. කල්පනාවෙන් සංවේදීව බලන්න ඕනේ. ඇක්ෂන් ෆිල්ම් බලන අය නම් නොබැලුවට කමක් නැහැ, මොකද ඒ අය බලාපොරොත්තු වෙන කලබලකාරී බව මේකේ නැති නිසා. නමුත් ඇත්තටම මේ ජිවිතේ මොකක්ද කියන දේ තේරුම් ගන්න ගොඩක් වැදගත් වෙන සලරුවක් තමයි මේක.

මොනවද මේ හැඟීම් දැනීම් කියන්නේ. මේ දේවල් ඇති වෙන්නේ කොහොමද? පොඩ්ඩක් හිතලා බලන්න. අපි ඉපදුන මොහොතේ ඉඳලා ලැබෙන අත්දැකීම් වලින් නේද මෙව්වා ලැබෙන්නේ. මොහොතක් හිතන්න ඒ ලැබෙන දැනෙන දේවල් අපි අපේ මොලේ රඳවා ගන්නවා. ඒ නැවත පාවිච්චිය සඳහා, එතකොට ඒක අළුත් දෙයක් වෙන්නේ නැහැ. අළුතෙන්ම තේරුම් ගන්න ඕනේ නැහැ මොකද අපි ඒ ගැන කලින් දන්නා නිසා. දැන් හිතන්න බලන්න ඒ පරණ මතකයන් නැති උණොත් මොනවා වෙයි ද? හිතා ගන්නත් බැහැ නේද? දෙමව්පියන් ඥාතින් වගේ ලඟින් හිටි අය.. ආදරය සෙනෙහස වගේ හැඟීම් කියන්න බැරි තරම් අනන්ත දේවල් තියෙනවා. අපේ මුළු ජිවිතයම රැදිලා තියෙන්නේ මේ මතකයන් එක්ක තමයි..

හරි මේ කතාව දිග හැරෙන්නේ මෙහෙම මතකයන් නැති කල ප්‍රජාවක් ඉන්න ලෝකයක් ගැන.. ඉපදුන දා ඉඳන්ම දරුවන්ව එයාලගේ වෘත්තීය ගැන තමයි අවධානය යොමු කරන්නේ, ඒ කියන්නේ වැඩ කරන සමාජයක්. මේකේ ජෝනාස්, ෆියෝනා සහ ඈෂර් කියලා හොඳම යාළුවො තුන් දෙනෙක් ඉන්නවා. “සදාකාලික මිතුරන්” මෙයාලා තුන් දෙනාට වෙනස්ම රැකියා තුනක් ලැබෙන්නේ. ෆියෝනා දරුවන් බලා ගන්නියක්. ඈෂර් ගුවන් නියමුවෙක්. ජෝනාස් ට ලැබෙන්නේ ඒ සමාජයේ ලැබෙන්න ඕනේ හොඳම වෘත්තීය. එයාට තියෙන්නේ අනිත් හැමෝගෙන මතකය ගබඩා කරගෙන තියා ගන්න. කොහොමද වැඩේ.. ගිවර් තමයි මේක කලින් කරලා තියෙන්නේ, එයා දැන් වයස නිසා නව කෙනෙක්ට අවස්තාව ලැබිලා.

මේ සමාජයේ ජිවත් වෙන කිසිම කෙනෙක්ට මතකයන් නැහැ. ඒක කරන්නේ එන්නත් මාර්ගයෙන්. නමුත් ජෝනාස් මේ එන්නත් ගැනීම හොරෙන් නතර කරනවා. ඒ වගේම එයාගේ යාළුවා ෆියානා ටත් කියලා දෙනවා. ඒ නිසා ඔවුන්ට හැඟීම් දැනීම් දැනෙන්න පටන් ගන්නවා. එයාලා මේ නිසා තේරුම් ගන්නවා ජිවිතේ කියන්නේ මේක නෙමේ මෙතන වෙන දෙයක් තියෙනවා කියලා. මෙයාලා සෑබැ ජීවිතය මොකක්ද කියලා හොයාගෙන යන වෙහෙසකර ගමනක් ගැන තමයි මේ ෆිල්ම් එකෙන් කියවෙන්නේ.

අද නම් කියෙව්වා වැඩියි ද මංදා.. ඒත් කමක් නැහැ හිතට දැනුණු සලරුවක් නිසා ටිකක් වැඩිය දන්නෙම නැතුව කියෙව්වා. අනිවා හැමෝම බලන්න. මම කියන දේ මොකක් ද කියල… එහෙනම් මම දැනට ගියා, හැමෝටම සුබ දවසක්!!!! 

The Giver (2014)  on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

397E7EBEB4A9EB32264F87A9E73B42D7552BE9E5

752 MB (BR) කොපිය මෙතනින් බාගන්න

A57B8BD19A577CB5530357CF9CAE9C11350313F6

1.76 GB (BR) කොපිය මෙතනින් බාගන්න

D3BE3F92F299C778CCEBE60912F404B64B2355CF
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

53 thoughts on “The Giver (2014) | හැඟීම් දැනීම් වලින් තොර ලෝකයක්… [සිංහල උපසිරැසි සමඟ]

  • thanks for subtitles

    Reply
  • ස්තූතියි බ්‍රෝ සබ් එකට

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • Bohoma sthuthi sahoo..parana film 1k dn baana gaman..jayen jaya..

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • Sameera, film eka beluwama nikan karakawala atha ariya wagei denune. pudumath hithuna me wage film ekakata me tharam hondata subs deela thiyena eka gena. athi sarthakai. jayaweewa!

    Reply
  • එල සහෝ
    සබට තුති

    Reply
  • සබට තෑන්ක්ස් 😀

    Reply
  • Balanna asay trailer eka nobaluwath.mokada oya katawa lassana lipiyak tyenawa.Jaya Wewa!!

    Reply
  • supiri wadak thanks.mind eka gana karapu programme ekak dannako

    Reply
  • එල සහෝ
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • බොහොම ස්තුතියි,ජයවේවා.

    Reply
  • movie eka baluwa macho. Maruma story ekak. “Mathakayan amathaka keruwat amataka wenne nah”…. xD Patta movie eka !

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. නියම කතාවක් වගේ. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks, නියමයි

    Reply
  • Thanks, නියමයි .

    Reply
  • Good Work Friend, Thanks!

    Reply
  • බොහොම ස්තුතියි උපසිරැසියට !
    කතාව නම් පට්ට වගේ .
    මේක හොය හොය හිටියේ .
    දිගටම සබ් දෙන්න .
    සුභ පතනවා .
    😀

    Reply
  • thanks for the sub, i love that movie,

    Reply
  • සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • නියමයි සමීර අයියේ.. 😛
    බලන්න ඔනේ කියලා හිතන් හිටපු එකක්.
    ගොඩක් අවධානයෙන් බලන්න වෙයි වගේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • Maxximum Film ekak Thama………………. Aniwaryayen balanna….. ‘The Definition Of Love’ kiyanne mokakda kiyala therevi….

    Reply
  • Godakalekin Comment Ekakwath Danna Bariuna Saho. Ekata Samawenna. Oya Dunnoth Ithin Eka Supiri Thamai Kiyala Api Dannawa. Gahamaraganna Ewa Nathiunath Movie Eka World Famous Num Sinhala Sub Nodi Kohomada Neda? Action Balana Ayata Ithi Anthimatama Hondai Kiyanna Puluwan Movie Ekakata Awe “FALCON RISING” Neda? Puluwannam Ekata Sub Denna Saho.
    Thanks For The Sub..!

    Reply
  • supiri film ekak මචං,
    ට්‍රෛලේර් ඒක දැක්ක ගමන් මම දැනගත්තා ඒක…
    මේ බාන්න දාල තමයි කමෙන්ටුව දාන්නේ..
    සමාවෙයන් මචං පරණ දීපු එව්වට අදහසක් දාන්න බැරි උණු එකට..
    ඉස්සරහට දෙන එව්වගේ අනිවා දානවා හොඳේ…
    එහනම් ඔන්න සබ් එකත් ගත්තා,..
    ගහ මරාගන්න එව්වා නැතිව මේ වගේ සුපිරි ෆිල්ම් දෙමු හොදේ..
    ජය වේවා..

    Reply
    • ela thanks balama balamu

      Reply
  • සමීර චතුරංග” aiya…tv series 1k daneko…please sex 5/1 hari sex nathi 1k….

    Reply
  • ඔවා දාන්න එපා දෙයියනේ භාර ගත්ත වැඩ අමතක කරලා එව බලන්න පුරුදු වෙනවා ඊලගට අයියො මොනව උනත් සබ් එකට තැංකු සහොදරයා එවගේම මේ කරන සේවය වෙනුවෙන් ඔයාලා ඉන්නකන් බයිස්කොප් එක වැටෙන්නේ නැ අපිත් සප් එක දෙනව එළටමබයිස්කොප් එකට ජයෙන් ජය!

    Reply
  • ස්තුතියි සැමි.. ලිපිය කියෙව්වම නම් මෙක සුපිරි කථාවක් කියලා තමයි තේ‍රුනේ නම්..

    ජය ‍වේවා!

    Reply
  • මට හරියන ජාතියේ එකක් වගෙයි……….
    බොහොම ස්තූතියි මචෝ.

    Reply
  • එල එල සහෝ….
    සබ් එනකම්මයි බලාන උන්නේ මේකේ සබ් එක….
    ඔන්න මමත් ගත්තා..
    ජය වේවා…

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍අ‍මු‍තු‍ම ‍තේ‍මා‍වක්‍ ‍රැ‍ගත්‍ ‍ක‍තා‍වක්‍ ‍ව‍ගේ.
    ‍අ‍නි‍වා ‍හො‍යන්‍ ‍බ‍ලන්‍‍න ‍ඕ‍නේ.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

    Reply
  • එක පාරක් බැලුවා ඇල්ලුවේ නම් නැ මට
    සිංහල නැති නිසාද දන්නේ නැ කමක් නැ සිංහලත් එක්ක
    ආයේ පාරක් බලමුකෝ. සබට තුති සමීර අයියේ..ජය!! 🙂 🙂

    Reply
  • බොහෝම ස්තූතියි සමීර සහෝ උපසිරසට.. ජයම වේවා…..! එලස්ස්ස්…. 😀

    Reply
  • niyamai sameera sahoo
    niyamai
    sabata ttuthi
    jayama wewa…!!!

    Reply
  • niyamai subapatum superi move akka thaz sahooo.

    Reply
    • Umbata hondatama sure da Yify BRrip 1ta sub 1 haduwa kiyala?eaka wada karanne nah broh!please hariyata hadanna!Thank you

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *