HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පැසිපික් සාගරයේ මතු වූ දීප්තිමත් රතු ආලෝකයේ අබිරහස!

ගුවන් නියමුවකු හා සහය ගුවන් නියමුවකු පසුගිය අගෝස්තු 24 වැනිදා දීප්තිමත් රඹ හා රතු පැහැයෙන් යුත් අද්භූත ආලෝකයක් පැසිපික් සාගරයේ එක් ඉසව්වක දී දැක තියෙනවා.

මේ අමුතු ආලෝක දැක තියෙන්නේ හොංකොංවල සිට ඇලස්කාවේ ඇන්කර්රේජ් බලා පියාසර කරමින් තිබූ බොයිං 747-8 නම් ජෙට් යානයේ ගුවන් නියමුවන් දෙපොළයි. රුසියාවේ කම්චට්කා අර්ධ ද්වීපයට දකුණු දෙසින් තමයි මේ ගුප්ත ආලෝකය පෙනිලා තියෙන්නෙ.

විශාල ප‍්‍රදේශයක පැතිර තිබූ මේ අබිරහස් ආලෝකය කුමක් දැයි තවමත් හෙළිදරවු වී නැහැ. දැනට හිතන විධියට මෙය ගැඹුරු සාගර පත්ලේ පිහිටි යෝධ යමහලක් (ගිනි කන්දක්) පුපුරා යාම නිසා ඇති වූවක් විය හැකියි.

 
මේ ඔවුන් දුටු අමුතු ආලෝකයයි. හොංකොංවල සිට ඇලස්කාවේ ඇන්කර්රේජ් බලා පියාසර කරමින් තිබූ බොයිං 747-8 නම් ජෙට් යානයේ ගුවන් නියමු වැන් හෙය්ස්ට් කැමරාවට නඟුවේ. රුසියාවේ කම්චට්කා අර්ධ ද්වීපයට දකුණු දෙසින් සිරස්ව විහිදුණු අකුණු සැරයක් සමගයි, මේ ගුප්ත ආලෝකය පෙනිලා තියෙන්නෙ.

මෙවැනි අත්භූත ආලෝකයක් ඇති විය හැක්කේ කෙසේ ද?

ඒ නියමුවන් දුටුවේ යැයි කියන සිරස් විදුලිය කෙටීමක් එක්කම මේ ආලෝකය මතු වීම නිසා මෙය ගිගුරුම් කුණාටුවක් නිසා සංසිද්ධියක් යැයි අනුමාන කළ හැකි වුවත් එවැනි දෙයක් ඇති වූ බව ඒ කලාපයෙන් වාර්තා වී නැහැ.

පිළිගත හැකි එක දෙයකට ඇත්තේ සාගර පත්ලේ ඇති යමහලක් (ගිනිකන්දක්) පුපුරා යාම නිසා ඇති වූවක් ද යන්නයි.

එවැනි පුපුරා යාම් සිදු විය හැකියි. 2013 නොවැම්බර් 21 වැනිදා සාගර පත්ලේ සිදු වූ එවැනි පුපුරා යාමක් නිසා ජපානය ආසන්න මුහුදෙන් ‘අලූත් දුපතක්’ මතු වුණා.

මේ සඳහා දිය හැකි අනෙක් පැහැදිලි කිරීම ධීවරයන්ගේ බෝට්ටුවලින් නිකුත් වූ ආලෝක ධාරවන් නිසා මෙවැන්නක් ඇති විය හැකියි යන්නයි.

මේ අද්භූත ආලෝකය දිස්වන්නට පෙර සතියේ අභ්‍යවකාශයේ සිටින රීඞ් රයිස්මාන් දැක තියෙනවා, බැංකොක් වෙරළෙන් ඔබ්බෙහි මෙවැනි ම අමුතු ම ආලෝක ධාරාවක්.

 
අභ්‍යවකාශගාමී රීඞ් රයිස්මාන් බැංකොක් වෙරළෙන් ඔබ්බෙහි දැක ඇති අමුතු ආලෝක ධාරාවයි, මේ. වෙරළෙන් ඔබ්බෙහි විහිදුණු මේ ආලෝක ධාරාව ධීවරයන් විසින් දැල්ලන් වැනි සතුන් ආකර්ෂණය කර ගැනීමට භාවිත කෙරුණු එල්ඊඞී ආලෝක ධාරා එක්වීමෙන් සැදුණක් ලෙසයි, දැන් විශ්වාස කරන්නේ.

ඒත් ඒ හේතුව ප‍්‍රතික්ෂේප කෙරුණේ එම ප‍්‍රමාණයේ අත්භූත ආලෝකයක් ඇති කිරීමට නම් ධිවර යාත‍්‍රා පනහක්වත් එක තැනකට එන්න ඕනෑ. ඒත් ඒ තරම් බෝට්ටු සමූහයක් ඒ අවස්ථාවේ ඒ ප‍්‍රදේශයේ යාතා‍්‍රා කරමින් තිබුණේ නැහැ.

ලන්දේසි ජාතික ගුවන් නියමු ජේපිසී වැන් හෙයිස්ට් පැහැදිලි කරන විදියට පැය දහයක ගුවන් ගමන අරඹා එහි අඩක් දුර යද්දී ඔහු ඉදිරියේ ඈතින් එක් වරම ඉහළට විහිදි ගිය විදුලි සැරයක් දැක ඇත. එයින් මිනිත්තු 20කට විතර පස්සේ ඒ දෙසින් ම තද රතු හා රඹ පැහැති ආලෝක ධාරාවක් දිස්වී ඇත.

මේ අමුතු අත්දැකීම ඔහුගේ සිත සසල කළා පමණක් නොව ඒ සිදු වූයේ කුමක් දැයි සිතා තැනීමටවත් ඔහුට නොහැකිවුණා.

”එදා රෑ පැසිපික් සාගරයේ රුසියාවේ කම්චට්කා අර්ධද්වීපයට දකුණෙන් දක්නට ලැබුණු ඒ අමුතු සිදුවීම මගේ නියමු ජීවිතයේ දී මා ලැබූ ලොකුම ත‍්‍රාසජනක අත්දැකීම කියා කියන්න පුළුවන්.” ඔහු පසුව කීවා.

එදා ඒ පෙදෙසේ කිසිදු අකුණු ගැසීමක් සිදු වුණේ නෑහැ. කාලගුණ රේඩාර්වලින් වාර්තා වුණේ නෑ, අකුණු ඇති විය හැකි තත්වයක් පරිසරයේ මතුවන බවක් ප‍්‍රකාශ කෙරුණේත් නැහැ.

”මේ දීප්තිමත් ආලෝකය අබිරහස් එකක්. මේ විදියේ ආලෝකයක් දැල්ලන් අල්ලන බෝට්ටුවලින් නිකුත් වුනත් මේ හරියේ එවැනි ධිවර බෝට්ටු ගැවසෙන්නේ නැහැ.

”අපි වඩාත් ළංවෙද්දී ඒ දීප්තිය තවතවත් වැඩි වුණා. ඒ රඹ (රතු මුසු කහ) පැහැති ආලෝකයවලාකුළුවලත් අවට අහසේත් පැතිරුණා. ඒ ආලෝකය විහිදුණේ සම්පූර්ණයෙන් ම සාගර ජලය පමණක් පැවති ප‍්‍රදේශයකින්.” ඔහු වැඩිදුරටත් කීවා.

”අපි හිතන්නේ මෙය මහා සාගරය මැද පත්ලේ ඇති යමහලක් විදාරණය වෙලා නිකුත් වූ දෙයක්. අපි එතැනට ඉහළින් පියාසර කළා මිනිත්තු 30ක් ඇතුළත.”

ගුවන් නියමුවා අපේක්ෂා කළා ඒ යමහලෙන් නිකුත් වූ අළු ඉහළට විහිදේවි කියා. ඒත් අවාසනාවකට එහෙම දෙයක් සිදු වුණේ නැහැ.

ඔවුන් ගුවනේ සිටියදීම ගුවන් විදුලියෙන් අසන්නට ලැබුණා, අයිස්ලන්තයේ, චිලි හා ඇමරිකාවේ සැන් ෆ්රැුන්සිස්වල භූමිකම්පා හටගත් බව. ඔවුන් ගිය ගමන් මාර්ගයේ පහළින් විදාරණය විය හැකි යමහල් කීපයක් තිබුණ ද ඒවා අලූතින් සකි‍්‍රය වූ බවක් ගැන සඳහනක් තිබුණේ නැහැ. එවැනි වාර්තාවක් ආවත් සාගර පත්ලේ තිබූ යමහලක් විදාරණය වුණොත් ඒ බව පවත්නා ක‍්‍රම මගින් වාර්තා වෙන්නේ නැහැ.

 
ඔවුන් හොංකොංවල සිට ඇලස්කාවේ ඇන්කර්රේජ් බලා පියාසර කළ යානයේ නියමුවන් ඒ අමුතු ආලෝකය දුටුවේ මේ රතු පාටින් සලකුණු කළ ස්ථානයේදියි.

 
නියමුවා කියන්නේ මේ ආලෝකය සාගර පත්ලේ වූ යමහලක් පිපිරීමක් නිසා ඇති වූවක් මිස ධීවර බෝට්ටුවලින් විහිදුණු එකක් නොවන බවයි. ඒ ගැන දැන් පරීක්ෂණයක් සිදු වෙනවා.

”අපි මේ පිළිබඳ වාර්තාවක් ගුවන් ගමන් පාලක මැදිරියට දුන්නා. දැන් මේ ගැන පරීක්ෂණයක් සිදු වෙනවා. මේ යමහලක පිපිරීමක් නම් එයින් අලූත් දූපතක් මතු වුවහොත් මගේ නම ඊට තියාවි කියා මා බලාපොරොත්තු වෙනවා, මොකද මම එය මුලින් ම වාර්තා කළ තැනැත්තා නිසා.” නියමුවා අවසාන වශයෙන් කීවා.

 
”අප ළං වෙත්ම එහි දිප්තිය වැඩි වුණා. ඉහළ වූ වලාකුළුවලටත් අහසටත් ඒ ආලෝකය පැතිරුණා. ඒ ආලෝකය ආවේ සාගරය මැද ජලය විතරක් ඇති කලාපයකින්.”

 
පැසිපික් සාගරය වටා ‘ගිනි වළල්ලක්’ (Ring of Fire) යනුවෙන් හැඳින්වෙන කලාපයක් තියෙනවා. අශ්ව ලාඩමක හැඩයට ඇති මෙය සැතැපුම් 25,000 (කිලෝමීටර් 40,000) ක් දුරට විහිදෙනවා. අපේ පෘථිවි ග‍්‍රහයාගේ සකි‍්‍රය හා සකි‍්‍රය විය හැකි යමහල් සියයට 75ක් ඇත්තේ මේ කලාපයෙයි. එහි දැනටමත් හඳුනා ගත් යමහල් 452ක් තියෙනවා. සමහර විට සාගර පත්ලේ ඇති මෙවැන්නක් නිසා වෙන්න ඇති ඒ අබිරහස් ආලෝකය විහිදෙන්නට ඇත්තේ.



Post a Comment

0 Comments