HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ජර්මනියෙන් එන ලුනු වතුරෙන් ධාවනය කළ හැකි විස්මිත කාරය!

සාමාන්‍යයෙන් කියන්නේ ස්පෝට්ස් කාර් පරිසර-මිතුරු ඒවා නෙවෙයි කියලයි. ඒත් මේ අලූත්ම කාරෙක එහෙම නෑ. දුවන්නේ ලූනු වතුරෙන්. පැයට හැතැප්ම 217.5ක (පැ. කි.මී. 350ක) වේගයෙන් පදවන්නත් පුළුවන්.

මෙහි ඇති පෙරළිකාර ධාවන පද්ධතිය නිසා රාත්තල් 5,070ක් (කි.ග‍්‍රෑම් 2,300ක්) බර මේ කාරය පණ ගන්වා තත්පර 2.8ක් ඇතුළත පැ.හැ. 60ක (පැ.කි.මී 100ක) වේගයකට ඉහළ නංවන්න පුළුවන්. මෙය නම් කර ඇත්තේ ‘ක්වොන්ට් ඊ-ස්පෝට්ස්ලිමොසීන්’ කියලයි.


2014 මාර්තුවේ ස්විට්සර්ලන්තයේ ජිනීවාවල පැවති මෝටර් රථ සංදර්ශනයේ දී මේ ලූනු වතුර ඉන්ධන තාක්ෂණය මුල්වරට මහජනයාට හඳුන්වා දුන් අතර දැන් මෙයට යුරෝපයේ මහා මාර්ගවල ධාවනයට අවසර ලැබී තිබෙනවා.

 
සාමාන්‍යයෙන් ස්පෝට්ස් කාර් පරිසර මිතුරු ඒවා නෙවෙයි කියලයි කියන්නෙ. ඒත් ලූනු වතුරෙන් දුවන මේ කාරය එහෙම නෑ. පැයට හැතැප්ම 217.5ක (පැ. කි.මී. 350ක) වේගයෙන් පදවන්නත් පුළුවන්.

අශ්වබල 920ක (කිලෝවොට් 680ක) ජවයක් ඇති මේ කාරය තුළ ඇති විදුලි මෝටර් හතර කි‍්‍රයා කරන්නේ විද්යුත් විච්ෙඡ්දනයෙන් බලය සැපයෙන ක‍්‍රමයකටයි. ඒක කි‍්‍රයා කරන්නේ හයිඞ්‍්‍රජන් ඉන්ධන කෝෂවල ඇති ආකාරයටයි. බලශක්තිය ලෙස පාවිච්චි කරන්නේ ලවණ ජලයයි.

එහි ටැංකි දෙකක් තියෙනවා. ඒ එක් ටැංකියක ඇති ලවණ දියරය පෙරණ පටලයක් හරහා අනෙක් ටැංකියට මාරු වෙනවා. මේ කි‍්‍රයාවලියේ දී විදුලි ආරෝපණයක් සිදු වෙනවා. එහිදී ජනනය කෙරෙන විදුලිය සුපිරි කැපෑසිටරයන් හෙවත් ධාරිත‍්‍රකයන් මගින් ගබඩා කර රථයේ රෝදවලට සවි කර ඇති මෝටර්වලට බෙදා හරිනු ලබනවා.

 
‘ක්වොන්ට් ඊ-ස්පෝට්ස්ලිමොසීන්’ (Quant e-Sportlimousine) නම් මේ කාරය රාත්තල් 5,070ක් (කි.ග‍්‍රෑම් 2,300ක්) බරයි. තත්පර තුනක් ඇතුළත පැ.හැ. 60ක (පැ.කි.මී 100ක) වේගයකට නගින්නත් පුළුවන්.

 
මෙය මුලින් ම මහජනයාට දැක ගැනීමට ලැබුණේ 2014 ජිනීවා මෝටර් රථ සංදර්ශනයේදියි.

කාරයේ තියෙන ලීටර් 200 ජල ටැංකියෙන් කි.මී.600ක් (සැ. 373ක්) දුර යන්න පුළුවන්.

ආසන හතර නිසා හතර දෙනකුට පහසුවෙන් යන්න පුළුවන්. මෙහි දිග මිටර් 5.25ක්; පළල මීටර් 2.2ක්; උස මීටර් 1.35ක්. අඟල් 22 රෝද සමග දෙපැත්තෙන් ඉහළට ඇරිය හැකි දොරවල් දෙකක් තියෙනවා.

තාම මිලක් නියම කරල නැහැ. සමහර විශේෂඥයන් කියන්නේ මෙයින් එකක් අවම වශයෙන් පවුම් මිලියනයක් විතර වේවි කියලයි.

ජර්මනියේ ලීචෙන්ස්ටීන්හී නැනෝෆ්ලෝසෙල් ඒජී (NanoFlowcell AG) කියන සමාගම තමයි, මේ අපූරු කාරය නිපදවලා තියෙන්නෙ. ඔවුන් සැලසුම් කරලා තියෙන්නෙ මුලින් ම ජර්මනියේ හා යුරෝපයේ මහා මාර්ගවල ධාවන අත්හදා බැලීම් කළ පසු මේ කාරයේ විවිධ මාදිලි කීපයක් නිපදවන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.

මෙහි ඇති බැටරිවල බලශක්ති ධාරිතාව මේ හා සමාන බර ඇති ලිතියම්-අයන් බැටරියක මෙන් පස් ගුණයක් වැඩියි කියලයි ඔවුන් කියන්නෙ.

”අපේ ලොකු සැලසුම් තියෙනවා. මෝටර් රථ කර්මාන්තයට එහා ගිය ඒවා. අපි මේ තාක්ෂණය ගෘහස්ථ බලශක්ති පද්ධතිවලටත්, දුම්රිය, නාවික, ගුවන්යානා ආදි අංශවලටත් ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා.” කියා මහාචාර්ය ජෙන්ස් පීටර් එලර්මාන් (Professor Jens-Peter Ellermann) කියනවා. ඔහු තමා නැනෝෆ්ලෝසෙල් ඒජී ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා.

 
ජර්මනියේ ලීචෙන්ස්ටීන්හී නැනෝෆ්ලෝසෙල් ඒජී සමාගම ළඟදීම ජර්මනියේ හා යුරෝපයේ මහාමාර්ගවල ධාවන අත්හදා බැලීම් කරන්න බලාපොරොත්තු වෙනවා.

 
මේ කාරයේ ඇති බැටරිවල බලශක්ති ධාරිතාව මේ හා සමාන බර ඇති ලිතියම්-අයන් බැටරියක මෙන් පස් ගුණයක් වැඩියි කියලයි ඔවුන් කියන්නෙ.

 
”මෝටර් රථ කර්මාන්තයට එහා ගිය ලොකු සැලසුම් අපට තියෙනවා. මේ තාක්ෂණය ගෘහස්ථ බලශක්ති පද්ධතිවලටත්, දුම්රිය, නාවික, ගුවන්යානා ආදි අංශවලටත් ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා.” කියා නැනෝෆ්ලෝසෙල් ඒජී ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති මහාචාර්ය ජෙන්ස් පීටර් එලර්මාන් (Professor Jens-Peter Ellermann) කියනවා.




Post a Comment

4 Comments

  1. මගේ Office එකේ අයටත් දැනගන්නmail එකක් දාන්නද?
    ලිපිය එල ද බ්‍රා.

    ReplyDelete
  2. තෙල් බලය සිඳුනු ලොවක්!!

    ReplyDelete
  3. This is a scam. Google the for the inventor's name and you’ll find he did the same scam and got away with millions of dollars hyping a Solar powered car that he said could run indefinitely.

    This prototype is just a full scale model of an idea. It doesn’t even contain the over hyped power train, that is yet to leave the drawing boards.

    The tanks for the electrolyte to be pumped through the fuel cell would be several times bigger than the whole car!!

    Unfortunately many people will be influenced by the media hype to invest in this scam and the con artist will get away with more millions.

    ReplyDelete
  4. The manufacturing company of this car is registered in the tiny European country of Liechtenstein (only 160 square kilometres), and NOT IN GERMANY.

    ReplyDelete