ඔබත් දායක වන්න google සිංහල පරිවර්තනයට.

8:12 AM


මම විශ්වාස කරනවා ඔබ කවුරුත් දන්නව ඇති කියල google translate පිලිබඳව.ගූගල් translate වලින් භාශා 81 ක්පමණ වෙනත් භාශා වලට පරිවරතනය කිරීමේ හැකියාව තිබෙනවා.නමුත් මෙය සිංහල භාශාව අඩංගු වන්නෙ නෑ.ගූගල්සමාගම මීට පෙර අවස්ථා කීපයකදීම පැවසුවා ලගඳීම සිංහල පරිවර්තන  සේවාවත් ලබාදෙන බව.මෙය කල්ගතවෙන්න බලපාපු ප්‍රධානම හේතුව තමයි අනිත් භාශාවන්ට  වඩා සිංහල භාශාව වඩාත් සංකීර්ණ භාශාවක් වෙනඑක.ඒකනිසාම සිංහල භාශාවට අදාල translate ඇල්ගොරිතමයන් සාදන්නටත් විශාල කාලයක් ගතවෙනවා.
ඉතින් මේ සැප්තැම්බර මාසේ 1 වෙනිදා ඉඳන් 7 වෙනිදා  දක්වා ගූගල් සමාගම sinhala translate week නමින් විශේෂ වැඩසටහනක් පැවැත් වුවා.ඒ වැඩසටහනේ අරමුණ වුනේ සිංහල පරිවර්තනය සඳහා අපෙන් උදව්වක් ගන්න එක.ඉතින් ඔයාලටත් පුලුවන් ගූගල් සිංහල පරිවර්තනයට ඔයාලගෙ සහයත් ලබාදෙන්න මෙන්න මේ සබැඳියෙන් ගිහින්. https://translate.google.com/community අපි හැමෝගෙම උත්සහාය මත තමා ගූගල් සිංහල පරිවර්තනය සිදුවෙන්නෙ .ඒකට ගතවන කාලයත් අපේ උත්සහාය කැපැවීම මතම පවතීවි.මෙම පරිවර්තනය සම්පූර්ණ වුනදාට අපිට පුලුවන් වෙයි youtube,G+,adsense ආදී ගූගල් සමාගමේ හැම සේවාවකම සහාය සිංහලෙන්ම ලබාගන්නේ වගේම ඔයාලගෙ හිතේ නිහතමානී ආඩම්බරයකුත් ඇති කරගන්න පුලුවන්.මොකද ඔයාලත් මේ සිංහල පරිවර්තනයට පුංචි හරි සහයෝගයක් ලබාදුන්න කියල!එහෙනම් අදට මම ගිහිල්ල එන්නම් සුබ දවසක් ඔයාලා හැමෝටම!

Share this

Related Posts

Previous
Next Post »

7 comments

Write comments
September 7, 2014 at 1:07 PM delete

ඕකෙන් හොද වැඩත් වෙනවා, අපේ අයට ඇඩ්සෙන්ස් ගන්නත් පුළුවන් වෙයි ඒ වගේම Crack , patch , keygen දාපු බ්ලොග් වලත් බඩු හම්බෙනවා එකනම් ෂුවර්..
Any Way Good පොස්ට් නිපු....

Reply
avatar
September 7, 2014 at 6:29 PM delete

Recon අනිවාර්යයෙන්ම බං!මේකෙන් හොදක් මිසක් නරකක් නම් නොවෙන බව මට විශ්වාසයි

Reply
avatar
September 7, 2014 at 7:54 PM delete

අපි බලමු.. මමත් දන්න කියන වචන 10ක් විතර දැම්මා....
මේක බුකියේ Share කලානම් ඉමනටම මේකේ ප්‍රතිලාබ ගන්න පුළුවන් වේවි.

Reply
avatar
September 8, 2014 at 12:29 PM delete

මේක සිමිපල් කේස් එකක්නේ බං පුලුවන්නමි කටිටියට එකතුවෙලා ඉවන්ටි එකක් ඔගනයිස් කරන්න google translation week කියල හරි දවස් ටිකක් දාගේන මෙමිබර්ස්ල ගොඩක් එකතුකරගේන සුපිරි ගේමක් දුන්න හැකි ඔකෙන් වෙන හොදම දේ තමයි ඉංගිසි සහ වෙන ඔනැම භාශාවකින් තියෙන සයිට එකක් සිංහලට හරවගෙන කියවන්න පුලුවන් වෙන එක මේක ඉක්මනට හදා ගන්න පුලුවන් වෙන්නේ අපේ අයගේ කැපවිම උඩම විතරයි හරිනමි ගුගල්ලටත් වඩා අපිටයි මේකට උනන්දුව තියෙන්න ඔනේ

Reply
avatar
September 8, 2014 at 1:08 PM delete

ඔව් මචන් අනිවරෙන්ම අපේ උනන්දුව මේකට ඕනෙ,හොඳ අදහසක් ඉවෙන්ට් එකක් දැම්මනම් ගොඩක් අය මේ ගැන දැනගනීවි

Reply
avatar
October 31, 2014 at 4:09 PM delete

මමත් පොඩි සප් එකක් දුන්නා.............
සුපිරි පොස්ට් එකක්

Reply
avatar
October 31, 2014 at 8:53 PM delete

ආහ් ඔව් ඔව් මම දැක්කා සප් එකටයි කමෙන්ට් එකටයි දෙකටම ස්තූතියි !! :)

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon