Outlander [S01 : E02] | ලියෝ මාළිගයේ ඔත්තුකාරිය… [සිංහල උපසිරැසි සමඟ]
මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ දෙවන කොටස. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා දෙවන කොටස දෙන්න මේ තරම් ප්‍රමාද වීම ගැන. දැනට මේ කතා මාලාවේ කොටස් තුනක් විකාශය වෙලා ඉවරයි. ඒ වගේම තමයි හෙට දින විකාශනය වෙන්නේ, මේ කතා මාලාවේ හතරවන කොටස. ඉදිරි සතිය ඇතුලත ඒ කොටස් දෙකටත් හැකි ඉක්මනින් උපසිරැසි ලබා දෙන්නට උත්සහ කරන බව කියන ගමන්, ස්තුති කරන්න කැමතියි, අලුත් කතා මාලාවක් ගෙන ඒම ගැන අදහස් දැක්වූ සැමටම. ඒ වගේම බලාපොරොත්තු වෙනවා, දිගටම කතා මාලාව එක්ක රැඳිලා ඉඳීවි කියලා.
පසුගිය කොටස ගැන මතක් කළොත්, දෙවන ලෝක යුද්ධය අහවර වීමත් සමඟම තම සැමියා සමඟ දෙවන වරට මධුසමය ගත කිරීමට ස්කොට්ලන්ත කඳුකරයට යන ක්ලෙයාර් බේචම්ප්ට අනපේක්ෂිත අන්දමින් 1743 වසරට යෑමට සිදුවෙනවා. ක්ලෙයාර්ගේ සැමියා වන ෆ්‍රෑන්ක් රැන්ඩල්ගේ මුතුන් මිත්තෙක් 1743 වසර වන විට බ්‍රිතාන්‍යය පාලනය යටතේ තිබුණු ස්කොට්ලන්ත කඳුකරයේ, අශ්වාරෝහක බල ඇණියක කපිතාන් ධූරය දරනවා. හමුවන පළමු වතාවේම ක්ලෙයාර්ට ඔහු පිළිබඳව කලකිරෙන්නේ ඔහු, ඇයට අතවර කරන්නට උත්සහ කරන නිසයි. නමුත් රතු කබා කාරයන්ට (ඉංග්‍රීසි හමුදාවේ) එරෙහිව කැරළි ගසන ස්කොට්ලන්ත වැසියන් පිරිසකගේ භාරයට පත් වන ක්ලෙයාර්ට, හෙදියක් ලෙස තමන් සතු හැකියාව ඉතාම ඉක්මනින් පෙන්වන්නට සිදු වෙනවා. නමුත් 18 වන ශතවර්ශය 20 වන සියවසට සාපේක්ෂව වෛද්‍යය ක්‍රම අතින් එතරම් දියුණු යුගයක් නෙවෙයි. එනිසා ක්ලෙයාර්ගේ දක්ෂ කම් ඔවුනතර කැපී පෙනෙනවා. ඒ කොහොම වෙතත් 20 වන සියවසේ සිටි තමන් 18 වන ශතවර්ෂයට පැමිණ ඇති බැව් ඇයට ඉතා ඉක්මනින් පැහැදිලි වුවත් ඒ බව පිළිගන්න ඇය සූදානම් නැහැ. ඇය 18 වන ශතවර්ෂයට ගමන් කිරීමට දින දෙකකට පෙර තමන්ගේ සැමියා සමඟ ගොස් නැරඹූ නටබුන්ව තිබුණු ලියෝ මාළිගය වෙතයි ගියවර කොටස අවසානයේ ඇය නැවත වරක් ගමන් කළේ. අද එතැන් සිට…
3901 downloads
<< Previous Episode All Episodes Next Episode >>
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro…
Supiriii..elaga ekath ikkamanata danndo..
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල සහෝ
සබට තුති
ඔබට ජය…….
thanks . ithuruwa ikmanata onaaa.
තෑන්ක්ස් යශෝධ ජයම වේවා..
උපසිරැසියට තුති..
පුලුවන් තරම් ඉක්මනට ටීන් වූල්ෆ් සීසන් 3 ඉතුරු සබ් ටිකත් දෙන්න………….. 😀
නියමයි යශෝධ අයියේ .. 😛
මේක පට්ට කතාවක් වීගෙන එන්නෙ.
ඉක්මනින් ඉතුරු ටිකත් දෙමු.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
elakiri machoooo,,, thankz wewa
thanks macho
aiyo bagena bgodak balan hitiya,,, ekata moko sabata godak thuti 🙂
ස්තුතියි යශෝධ! ඉතුරු ටිකත් ඉක්මනට දෙමු.
මේකත් මැක්සා කතාවක් වගේ.
ජය වේවා.
තෑන්ක්ස් යශෝධ ජයම වේවා..
උපසිරැසියට තුති..
thanks
thank you!
උපසිරැසියට තුති…… 🙂
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඔබට ජය .. 🙂
niyami onna bawa thaz… subapatum.
Thanks.
Outlander දෙවන කොටස සඳහා ඩිරෙක්ට් ලින්ක් මෙතනින් ලබාගන්න. http://j.oc.gs/jjgin