පාර කියන තරුව…..

Share

ජීවිතය දිග ගමනක්……අතරමඟ නවාතැන් පොළවල් ගොඩක් තියෙනවා. නවාතැන් පොළවල් සීයක් තිබුනත් අපි ඒ හැම තැනකම නවතින්නේ නැහැ, හැම තැනම නැවති නැවති ඉන්න ගියොත් අපිට යන්න ගමනක් ඉතුරු වෙන්නේත් නැහැ.

ජීවිතේ අඳුරු කාලවලදි අපිට ආලෝකයක් ඕනි වෙනවා, ඒ යන මඟ හරිද කියල දැනගන්න….අඳුරේ අතපත ගාමින් යන්න පුලුවන් ගමනක් නෙවෙයි ජීවිතය කියන්නේ, අවදානම කියන දේ ජීවිතය පුරාවටම තිබුනත් අඳුරත් එක්ක ජීවිතයට එකතු වෙන අවදානම ආලෝකයක් එකතු උනාම නැති වෙනවා….සම්පූර්ණ මඟම නොවුනත් යන මඟෙන් කොටසක් හරි එළිය කරන්න පුලුවන් ආලෝකයක් තියෙනවනම් ඇත්තටම ඒ ජීවිතේ හිමිකාරයා ගොඩාක් වාසනාවන්තයි….හඳ අඳුරේදි මුලු ලෝකයම එලිය කරනවා…ඒත් හඳ හැමදාමත් පායන්නෙ නැහැ….හඳ නැති උනාම මඟ හොයාගන්නේ පහන් එලියකින්…..තරු කැටවලට මග කියන්න පුලුවන්…ඒත් මග එළිය කරන්න පුලුවන්ද????

අඳුරු අහසක
දුරින් ඉන්න තරුවක්
පාර කියනවා මට
ලඟට එන්නට…..

නිවී දිලිසෙන
මලානික නුඹ
අඳුරු මාවත
එලිය කරනට
පලක් නැත නුඹ ලඟින් සිටියද….

මඟක් හසරක්
නොම නොදැන යන
අයාලේ යන හීන පොදි බැඳ
තනිව මාවත සොයා යන්නෙමි
එපා තරු එලි මඟ කියන්නට……

Image Source: http://jacquierobinsonphotography.files.wordpress.com