සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


නව පරපුරේ කවියකු මෙන්ම සහෘද බ්ලොග් කරුවකු වන ප්‍රසාද් වීරසිංහගේ නවතම පද්‍ය නිර්මාණ එකතුව 'කවියක් බිමින් තබමි' දොරට වැඩීමේ උළෙල 2014 අගෝස්තු මස 28 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 3.30 ට කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එහිදී, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් "කවියක් බිමින් තබා මහමෙරක් උසුලා සිටීම" යන මැයෙන්ද, කිවියර සුමින්ද කිත්සිරි ගුණරත්න මහතා විසින් "නව කවිය හා විචාරය" යන තේමාවෙන්ද ආරාධිත දේශන පැවැත්වීමට නියමිතය.


කවියක් බිමින් තබමි ,ප්‍රසාද් වීරසිංහගේ දෙවැනි පද්‍ය නිර්මාණ එකතුවයි. කවි ලොවට එළැඹෙමින් ප්‍රසාද් විසින් එළිදක්වනු ලැබූ 'ගිනි පුපුර' පද්‍ය සංග්‍රහය 2013- වයඹ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ඇගයීමට පාත්‍ර වූ අතර විචාරක පැසසුමද නොමදව හිමි කර ගැනීමට සමත්වූයේය.

කාව්‍යකරණයෙහි ලා ප්‍රසාද් කුසලතා  පළකළේ පාසල් සමයේ පටන්මය. මාතෘකානුකූල පද්‍ය රචනාකරණය වෙනුවෙන් සමස්ත ලංකා ජයග්‍රහණ  දිනා ගැනීමට ඔහු සමත් වූ අතර 2007 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමෙන් අනතුරුව සිය නිර්මාණ පළ කිරීමේ අවකාශය ලෙස ඔහු 'තොටුපොළ' බිත්ති පුවත්පත තෝරාගත්තේය. අනතුරුව, www.sandapahana.blogspot.com තම බ්ලොග් අඩවිය ඔස්සේ සහ අනෙකුත් සාහිත වෙබ් අඩවි හරහා කාව්‍ය නිර්මාණ සයිබර් අවකාශයට එක් කළේය. දිවයින, රාවය, ලක්බිම, පුවත්පත්වල කවි පිටු ද ප්‍රසාද්ගේ කවියෙන් සැරසිණ.

සමකාලීන කවීන් හා විචාරකයන්ගේ දිරිගැන්වීම් අනුව යමින් කෘතියක් ලෙසින් ඒ කවි දොරට වඩින 'කවියක් බිමින් තබමි' එළිදැක්වීමේ උළෙලට සහභාගී වීමට - කවියට හිතැති හැමට විවෘත ආරාධනා මෙසේ එක්කෙරේ.

29 comments:

  1. ජය වේවා ප්‍රසාද්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශක ! එදාට හම්බෙමුකෝ එහෙනං !

      Delete
  2. ජයෙන් ජය ප්‍රසාද් ඔබට...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මහේෂ් !

      Delete
  3. නිර්මාණ දිවියේ නොනිමි ගමනක ඇරඹුමක් වේවා.

    ReplyDelete
    Replies
    1. දෙවැනි පොත..දෙවැනි පොත

      Delete
    2. දන්නවා. ඒත් මේ සුබ පැතුමට ප්‍රමාද නෑ නේද???

      Delete
    3. කිසිම පමාවක් නෑ ! දේශක කිව්වා වගේ දෙවෙනි එක නං තමා . ඒත් අලුත් පටන්ගනිල්ලක් !

      Delete
  4. සාහිත්‍ය මාසයේ පොත් වලින් අඩුවක් නෑ වගේ . සුබ පැතුම් ප්‍රසාද්ට

    ReplyDelete
  5. කවියට මිලක් නැති සමාජෙක කවි පොතක් එළි දක්වනවා කියන්නෙත් අභියෝගයක්.සුබ පැතුම් අ අභියෝගේ ජය ගන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ශක්තියට ! ඒක ජයගන්නම වෙන අභියෝගයක් !

      Delete
  6. කවියන්ට අපේ මනාපය හා උණුසුම් සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මාතලන් !!

      Delete
  7. සුබපැතුම් හදවතින්ම..

    ReplyDelete
  8. සුබපැතුම් !!!
    (කවරේ නම් ගති) 

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මදාරා ! කවරේ අපේ ඉසුරු වීරසිංහ මුදලි අය්යාගේ වැඩක් !

      Delete
  9. ප්‍රසාද්ගේ කවි පොතට උණුසුම් සුබ පැතුම්!! . ස්තුතියි නලින් මේ වගේ සටහන් ඔස්සේ සහෘද ලියන්නෝ වෙනුවෙන් දෙන සහයෝගයට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිලක් ! නලින් අයියා ඉතින් කවදත් එහෙමනේ .

      Delete
  10. Replies
    1. ස්තුතියි පත්තර මල්ලි !
      ඉවාන් පොත ගැන ද ඇහැව්වේ ?? සන්ථව ප්‍රකාශනයක් !

      Delete
  11. මම ටිකක් ප්‍රමාද වෙලා මේක දැක්කේ , සමාවෙන්ට ඕනේ පමාවට .

    මුලින් ම නලින් අයියට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කරන්න පුළුවන් හැම උදව්වක් ම මේ වෙනුවෙන් කරනවා ට. ( පළවෙනි පොතේ දී වගේ ම )
    සහෝදර බ්ලොග් ලියන්නන්ගේ සහ පාඨක සහෘදයන්ගේ සුබපැතුම් හරිම ශක්තියක් !

    ආයෙමත් ආරාධනා හෙට ( 28 ) හවස , පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරය ට හවස 3.30ට ඇවිත් , බිමින් තියන කවියක් අහුලාගෙන යන්න !!!

    ReplyDelete
  12. නොනිමි ගමනක ඇරඹුමක් වේවා. එන්න බැරිවුණත් හදවතින්ම සුබ පතනවා ප්‍රසාද් ඔබට

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT