#‎StreetHarassmentHurts‬ | අපේ ලොවටත් සඳක් පායන්න.


"මචං, දවසක් එයිද උඹෙත් මගෙත් නංඟිට අක්කට පාරෙ බැහැලා බය නැතුව යන්න.
හිතට වැදුන මුහුණකට දවසක ගිහින් ආදරෙයි කියන්න.
උඹේ නංඟිගෙ මඟුලට ගොඩවැදිලා ආයුබෝවන් කියන්න.
උඹෙ දුවට මගෙ පුතාගෙන් අවමානයක් නොවෙන්නට?"




වාරියපොලෙන් පටන් ගත්තු මේ සිද්ධිය දැන් ගොඩක් දුර ගිහින්. Facebook අඩවිය පුරාම, #StreetHarassmentHurts වදන් වැහි වැහැලා. හැමෝටම තමාගෙ අදහස් තියෙනවා, ඇත්ත, හැබැයි ඒ අදහස් හැමවෙලේම නිවැරදිද කියන එක ප්‍රශ්නයක්. ඒක මේ tag එකට ලැබෙන ප්‍රතිචාර වලින් හඳුන ගන්න පුලුවන්.






වාරියපොලෙන් මෙහාට එමු. ඔය ටැග් එක පුරාවට, එක කෙල්ලෙක් පෙන්නහන් බලන්න එයාට කොල්ලෙක් විසිල් කරනවට කැමතියි කියලා දාපු post එකක්? කොහේවත් නෑ නේද? මෙච්චරකල් වැඩිය කතාබහ නොවුනත්, අම්මලා තාත්තලගෙන් අහල බලපන් එයාලගෙ දෝනිලා ගෙදර එනකන් කොච්චර හිත් ගින්දරෙන්ද බලං ඉන්නෙ කියලා. උඹ කියයි කොලු කමට පොඩ්ඩක් විසිල් කරා කියලා, වෙන්න පුළුවන්. ඒත් උඹෙ කොලු කම ඒ කෙල්ලට බලු කමක් වෙන්න පුළුවන්.


වාරියපොල කෙල්ල පොඩ්ඩක් දුර ගියා වැඩි වෙන්න පුලුවන්, ඒත් ඒක හේතුවක් කර ගන්න එපා හැම දෙයක් ඉස්සරහටම පාවිච්චි කරන්න. ඒ කෙල්ලටත් සමහරවිට එක දිගටම වෙච්ච අකටයුතු නිසා මෙහෙම උනාද කියන්න උඹවත් මමවත් දන්නෙ නෑනෙ. කොල්ලා සමාව ඉල්ලුවා, ඇත්ත, ඒත් සමාව ඉල්ලන්න තරම් දෙයක් කරපු එක ගැන ඌ ලැජ්ජ වෙන්න ඕන. අනිත් එක සමාව ඉල්ලුව පලියට සමාව දෙන්න ඕන කියලා නීතියක් නැහැනෙ?



ඇත්ත, හැම කෙල්ලම පත්තිනි අම්මලා නොවෙන්න පුලුවන්, ඒත් ඒක මතය කර ගැනීම වැරදියි හැම අවස්තාවටම. උඹ එක පාරක් විසිල් කරලා තප්පර දෙක තුනකට යාළුවොත් එක්ක හිනා වුනාට, ඒ කෙල්ල සමහරවිට ගමනාන්තය වෙනකන් බයෙන් ගියොත්, උඹට හොඳක් වෙනවද බං?



කෙල්ලෙක් ඇඟ නිරාවරනය වෙන විදියට ඇඳන් ගියොත් මොකද බං? ඒක ඒකිගෙ විකාරයක්නෙ? උඹට උඹේ අදහස් දක්වන්න අයිතිය තියෙනවා වගේම, එයාට වාචිකව පීඩනයට පත් නොවී නිදහසේ ඉන්නත් අයිතියක් තියෙනවා.

• We Have 30 Basic Human Rights: Do You Know Them? 
Universal Declaration of Human Rights


පාරෙ හැමදාම උඹ ඒ දකින කෙල්ලට කැමතිනම්, කෙලින් ගිහින් කතා කරපන්. අකමැති උනොත් ගනං ගන්නෙපා, හැමෝම හැමෝටම කැමති නෑනෙ බං, ට්‍රයි කරපං, හැබැයි ඒකිට වදයක් වෙන්නෙපා. කැමති උනොත් ජය! අපිටත් කියලා දෙන්නත් එක්ක පාටියක් දියන්, අනිවා එන්නම්.


ඇහැට පේන දේකට ආසාවල් ඇති වෙනවා තමයි. ඒ හැම ආසාවම අපිට හැම වෙලේම සපුරා ගන්න බැහැ කියන එක තේරුම් ගනින්. හැමෝම නිවැරදි නොවෙන්න පුළුවන්, ඒත් වැරදි නිවැරදි කරන්න එක පාරම බැහැනෙ? අපි අපිව හදාගන්නකන් රට හදන්නෙ කොහොමද?


"ආදරය කරපං. කෑදරය නවත්තපං."




යමන් එක පාරම, එකම මඟට,
උඹට උඹේ නංඟිට බය නැතුව යන්න පුළුවන් පාරක.
ඉරත් පායන සඳත් පායන,
සැවොම හිනැහෙන අපේ ලොවකට.

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

9 comments :

  1. අදහසක් දක්වන්නම ඕනි දෙයක්.. මේ පොස්ටුවේ සදහන් වන්නේ කෙලින්ම එක පැත්තකට ඇගිල්ල දික් කරගෙනයි.. කෙල්ලෙක් පාරක ඇග තද වෙන්න ලාවට ඇග පේන්න ඇදගෙන යන එක අවුලක් නොවෙන්න කිසිම හේතුවක් නෑ.. උබලා මේක සාධාරනීය කරන්නේ අපේ අම්මා නංගි අක්කා ගැන කියලම් මේ දේ ගැන ගොඩක් හිතපන්.. ඉස්සර මේ රටේ ගෑනු ඇදුම් ඇන්දේ ඇග වැහෙන්න ඒත් දැන් උන් ඇදුම් අදින්නේ කැපිලා පේන්න.. ඕක සිද්ධ උනේ සුද්දා ලංකාවට ආවට පස්සේ.. තව ටික දවසක් ගියාම කොල්ලෝ පාරේ උබේ නංගි අක්කා ජංගිය ගහගෙන යන තැනට මේ සමාජේ පත් වෙයි.. එදාට කොල්ලෝ කටින් නවතින්නෑ වෙන දේවල්වලනිනුත් නවතියි.. එදාටත් බැනපන් කෙල්ල නිවැරදියි කොල්ලා වැරදියි කියලා.. ඇස් වලින් පේන දේ කියන්නේ සිත කියන දෙයට භෞතික ලොකය පෙනිමයි කියන දෙයයි උබ කෙල්ලෙක්ගේ ඇග නිර්මාණය වෙන්නේ කොල්ලෙක්ව ආකර්ශනය කරගෑනිමටයි කියලා උබලා හොදටම දන්නවා ඇති.. එහෙව් එකේ ඇග පෙන්නන් යන එකියෙක්ට කොල්ලෙක් කෑ ගැහීම වරදක් කියලා කියන උන් පිරිමිද කියලා ආයේ හිතන්න වෙයි (හැගීම් පාලනය වයස අනුව වෙනස් වෙයි)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයැන්ම ගෑනු ළමයෙක්ගෙ අඟ පසඟ හැඩ ගැහෙන්නෙ පිරිමි කෙනෙක්ව ආකර්ශනය කරගන්න තමයි. ඒත් ඒ ආකර්ශනය වෙනුවෙන් කරන ප්‍රතිචාරවල තියෙන පිලිකුල් සහගත ගතිය ගැන අදහසක් ගන්න පුළුවන් මේ දාලා තියෙන දේවල් දැක්කම. මම කියන්නෙ නෑ ගෑනු ළමයි ලංකාවෙ සදාචාරය පිටින් යන එක හරි කියලා, ඒත් එහෙම දෙයක් දුටු තැනදි මෙහෙම දේවල් කීමෙන් වෙන්නෙ පිරිමි කෙනෙක් විදියට ඔබත් මමත් පහත් වෙන එක විතරයි. ආසාවල් ඇති වෙනවා තමයි, ඒවා පාලනය කර ගන්නෙ නැත්නම් ආයෙත් අපි යන්නෙ ගල් යුගයට. ස්තූතියි අදහස් පල කරාට. :)

      Delete
    2. පට්ට කෙල්ලෙක් දැක්කම අදහස් පහල වෙන එක සාමාන්‍ය දෙයකි. හැබැයි ඒ පළියට කෑගැහීම පිරිමිකම නොවන බව තේරුම් ගන්න. එවැනි පුරුදු මේ ශිෂ්ට සමාජයට ඔබින නොවෙනා දේවල් බවත්, ඔබට එච්චර පුකේ අමාරුවක් තිබෙනවානන් කට පියාගෙන ගෙදර ගිහින් අතේ පාරක් ගහන එක කාටත් ඇඟට ගුණ දේ බවත් මතක තියාගන්න.

      Delete
    3. අනිත් කාරණය නම් කොල්ලන් අනවශ්‍ය විහිලු කරන්නේ අසංවරව ඇඳුම් අඳිනා කෙල්ලන්ට පමණක් නොවේ. ඉස්කෝලේ යන කෙල්ලන්ටද, සාරි අඳින කෙල්ලන්ටද වෙන එකක් තබා බුර්කා අඳින මුස්ලිම් කෙල්ලන්ටද ඔබ වැනි පහත් මානසිකත්වයක් ඇති මෝඩයන් ඉන්න දෙන්නේ නැත. එමනිසා ඔබේ ඔය මහ ලොකු "කෙල්ලන්ගේ ඇඳුම්" තර්කය රෝල් කර කෙලින් තියා වාඩි වෙන ලෙස ඉල්ලමි.

      Delete
    4. ^^මේන්න මේක ශුද්ධව කියන්න තමයි උත්සාහ කරේ. ස්තූතියි ප්‍රතිචාරයට.

      Delete
  2. සයිලන්ට් සිඟර්August 25, 2014 at 10:12 AM

    ඕක බොහොම සරල සිද්දියක්. මේ ලෝකේ ගැණු පිරිමි ආකර්ෂණය වෙන එක බොහොම සාමාන්‍යයි. දෙයියනේ ඕක නැත්නම් කොහොමද මේ ලෝකේ පවතින්නේ. හැබැයි ඒ ආකර්ෂණය වර්තමාන සමාජය ඉදිරියේ මෝඩයෙක් වගේ ඉස්සරහට දාන්න ගියාම ගැටළු වෙනව. කොල්ලගේ තමා මුල් වැරැද්ද. එත් මිනිහට පාඩමක් උගන්නන්න ඕනේ නම් පොලිසියට අරන් යන්න තිබ්බ. මොකද ඔහොම ගහන්න කිසිම මනුස්සයෙක්ට අවසරයක් නැ.

    ඒ ළමයාගේ ඇඳුම ගැන නම් කිසිම ගැටළුවක් නැ. රටේ නීතියට පටහැනි නැත්නම්, අනිත් අයට බාදාවක් නැත්නම්, තමන්ට හොඳ නම් කොහොම ගියාම මොකො. එක ඒ ගැණු ළමයාගේ අයිතිය. එහෙම යද්දී දකිද්දී කොලෙක්ට මොකක් හරි වෙනව කියන්නේ ඒ කොල්ලට තමාව පාලනයකරගන්න බැරි ප්‍රශ්නයක් තියනවා. ඒවගේම ගැහැණු ළමයෙක්ට තමන්ව පාලනය කරන්න බැහැ (ඒ ගහපු සහ වචන මාලාව අනුව) කියන්නේ එයටත් අරකිව්ව වගේ ප්‍රශ්නයක් තියනව. ගැහැනුන්ටත් පිරිමින්ට වගේම ගැටළු, ආශාවල්, ප්‍රශ්න, උවමනාවල් ඕනෙතරම් තියනව. ඒ වගේ දෙයක් ඔතනින් රිලීස් කරා වෙන්නත් බැරි නැ.ඔය සිදුවීම ගැන ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ, ඔය ගැහැණු ළමය කල දේ හොඳයි කියල අනුමත කලොත් ඉදිරියට කෙල්ලෙක් දිහා බැලුවත් කම්මුලට ගහන තත්වයක් උදාවෙයි. ඒවගේම කොල්ල හොඳ කලොත් කෙල්ලොන්ට පාරේ බැහැල යන්න බැරිවෙයි.


    පිඇස්
    ඔය ප්‍රශ්නේ ඔලුව උඩ තියන් කෑගහන උදවිය එක්කෝ ඕකෙන් ප්‍රසිද්දියක් ගන්න හදන අය, නැත්නම් යමක් කරලා ආත්ම තෘප්තියක්(මෙයාල වරදක් නැ මොකද මෙගොල්ලොන්ගෙන් මේ ප්‍රශ්න වලට යහපත් වෙන්නේ) ගන්න අය හෝ තමන්ගේ ලිංගික අසහනය(මේකත් ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම අදාලයි) ඔතනින් එලියට දන්න හදන අය.

    ReplyDelete
  3. Hats off bro !!! ලංකාවේ ඒත් කවදාවත් හදන්න බෑ

    ReplyDelete
  4. ඉතාම හොඳ එකතුවක් වගේම, කාලීන මාතෘකාවක්. මේකේ අනික් පැත්ත ගැනත් ලියන්න ඕනේ. ඕනෑවට වඩා දඟලන කාන්තාවන් ඉන්නවා. ඒ අය නිසා හොඳ පිරීමත් නරක තැනට එනවා.

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට