Thursday, August 21, 2014

ගම්පහ කෙළඹ HIV ආසාදිතයින්ගේ වැඩිවීමක්


ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවලින් HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දැකිය හැකි බවත්, 1987 වසරේ සිට 2013 දක්වා HIV ආසාදිතයන් 1845ක් වාර්තා වී තිබෙන බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (21දා)පැවැසූ  බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාවේ මුල්ම HIV ආසාදිතයා 1987 දී ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් වාර්තා වී තිබේ.  එදින සිට 2013 දක්වා HIV ආසාදිතයන් සංඛ්‍යාව 1845ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.
HIV  ආසාදිතයන්ගෙන් 60%ක් පුරුෂ පක්ෂය වන අතර 40%ක් කාන්තාවන් බවත්, අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා, අසාදිත ගැබිනි මවගෙන් දරුවාටත්, හවුලේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිරිංජර් මාර්ගයෙනු HIV රෝගය පැතිර යාමට හේතු වී තිබෙන බවත් හෙතෙම පැවැසූ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියයි. 

No comments:

Post a Comment

මොනව හරි කියන්න

Me anantha rathriye