Thursday, August 21, 2014

දෙක පැනලා තුනට යන ගමනෙදි…

මීට අවුරුදු දෙකකට කලින් පොඩියට පටන්ගෙන අද වෙනකොට මෙච්චර දුරක් යන්න පුළුවන් වුන එක ගැන ආඩම්බරයක් හිතේ තියාගෙන මේ පෝස්ට් එක ලියන්න පටන් ගත්තේ. මෙතෙක් දුරක් යන්න උදව් වුන හැමෝටම ස්තූති කරන්න මේ ලිපිය වෙන්කරගන්නවා අද.

මීට අවුරුදු දෙකකට කලින් හොදම යාළුවෙක්ගේ අදහසක් අනුව තමයි දැනගත්තේ බ්ලොග් කියන්නේ මොකක්ද කියලත්. ඊට කලින් ඉන්ටනෙට් ගියත් බ්ලොග් ගැන දැනගෙන හිටියේ නෑ ඇත්තටම. බ්ලොග් එකක් හදන හැටි, ලිපි දාන විදිය ගැන මූලිකව කියල දුන්න ඒ යාලුව නිසා තමයි අද මේ විදියට බ්ලොග් එකක් තියෙන්නේ. මේ හැම දේකටම ස්තූතියි කැටිපේ.

මූලික දේවල් දැනගත්තට පස්සේ අද වෙනකන් බ්ලොග් එකේ හැම දෙයක්ම තනියම කරගන්න පුළුවන් වුන එක ගැන තියෙන්නේ ලොකු සතුටක්. මේ හැම දෙයක්ම ඉගෙන ගත්තේ ඉන්ටනෙට් එකේම ලිපි වලින්. එකින් එක කිව්වේ නැතත් ඒ හැම ලිපියක්ම ලියලා දැනුම බෙදාගත්ත හැමෝටම ස්තූතියි.

මීට අමතරව බ්ලොග් ටෙම්ප්ලේට් එකේ ඉදලා බ්ලොග් ගැජ්ට් එකට යනකන් හැම දෙයක්ම බ්ලොග් එකට එකතු කරගන්න උදව් වුන හැමෝටම ගොඩක් ස්තූතියි. ඒ හැම දෙයක්ම හදපු, එඩිට් කරන්න උදව් වුන හැමෝටම ස්තූතියි.

බ්ලොග් එක කරගෙන යනකොට අදහස් දක්වපු, බලලා ගිහිපු හැමෝටමත් ස්තූතියි. ඔයාලා නිසා අද වෙනකොට Pageviews 295000ක් ඉක්මවා ගිහිල්ලා. මේ හැම දෙයක්ම ඔයාලා ලගට ගෙනියන්න උදව් කරපු facebook.com, twitter.com, google.com, syndi.lankeeya.lk, kottu.org වගේ වෙබ් සයිට් වලටත් ගොඩක් ස්තුතියි.

කැම්පස් එකේදි එකට ඉන්න ඔයාලත් එක්ක ගොඩක් දේවල් බෙදාගන්නත් මේ බ්ලොග් එකම උදව් වුනා. ඒ හැම දෙයක්ම කරද්දි අදහස් දක්වලා එකට හිටිය හැමෝටමත් ස්තූතියි.

අමතක වෙලා හරි නොකියවුනා නම් ඒ හැමෝටම අවසානයට උදව් කරපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා.

ලඟදිම Birthday Gift එකත් අරගෙන එන බලාපොරොත්තුවෙන් අදට නවතින්නම්..

http://lessonforfree.blogspot.com


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

3 comments:

  1. සුබපැතුම් සහෝදරයා

    ReplyDelete
  2. දිගටම ලියන්නට හදවතින්ම සුභ පතනවා සහෝ...
    :)

    ReplyDelete
  3. සුබ පැතුම්, සුබ උපන්දිනයක් වේවා..

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...