21 August 2014

කවුරුද ආවේ ඌවට ,කවුරුද ආවේ

කාලය වර්තමානයයි . ස්ථානය ඌවේ පිටිසර බද ගමකි . වැසි දිය නැතිව පීඩා  විඳින ගැමියෙකුගේ නිවසට එක දවසක් තුළ  ආගිය අමුත්තන් රැසකි . මේ ඒ පිලිබඳ විස්තරයයි.

ආයුබෝවන් ලොකු උන්නැහේ 

ආයුබෝවන්ඩ ..මහත්තයා කවුද ?

මාව දන්නේ නැත්ද ?

නෑ දැකලා නම් නෑ  මේ පලාතේ 

මේ පැත්තේ වතුර නෑලු නේද 

අනේ ඔව් මහත්තයෝ , මහත්තයා වතුර දෙන්නද ? යෝදියේ ඔය බූලිය  අරන් වරෙන් 

නෑ  නෑ  බූලිය  ගෙන්න ඕනේ නෑ . මෙන්න වතුර බෝතලයක් මා ගානේ 

බෝතලයක් ? ආ මේ මහත්තයාගේ මූණත් ගහලා ලේබලේ 

මෙහෙමයි ලොකු උන්නැහේ , මේ වතුර නැති එකට වග කියන්න ඕනේ වැස්ස . එක වෙලාවට ආවේ නෑනේ 

හා හා ..ඉතින් මහත්තයා මොනවද කරන්න හදන්නේ 

ලොකු උන්නැහේ එදාට උදෙන්ම ගිහිල්ලා මට කතිරේ ගහන්න කෝ . ඉතිරිය ඊට පස්සේ බලමු 

මහත්තයෝ එතකොට වහීවිද ?

වහියි වහියි , මම බාප්පාට  කියලා තියෙන්නේ . බඩු ෂුවර් 

ඈ  මහත්තයෝ , මහත්තයාගේ බාප්පා දෙයියෙක්ද 

(නිහඬ සිනා )
***********************************
කවුද ගෙදර 

මොකෝ මහත්තයලා ?

නෑ  අපි මේ නිකන් ආවා අංකල් 

ඒ කිව්වේ ?

අපි මුලින් ගියා සත්තු වත්තට , ඊට පස්සේ පින්නවල ,  ඊට  පස්සේ හම්බන්තොට වරායට . දැන් ..

ආ ඒ කියන්නේ මහත්තයලා මේ ටිරිප් එකක් යන ගමන්ද විනෝදෙට ?

ට්‍රිප් එකක්ම නෙමෙයි අංකල්  , අපි නිකන් බලලා යන්න ආවා 

මට තාම තේරුනේ නෑ මහත්තයෝ 

මේ අපි ආවා නිරීක්ෂණ චාරිකාවක් 

මහත්තයෝ ඔය නිරික්සන එකෙන් අපිට තියෙන වාසිය මොකක්ද ?

එහෙමම කියලා මොකුත් වාසියක් නෑ  අංකල් 

එතකොට මහත්තැන්ලට වත් තියෙන වාසිය ?

අපිටත් එහෙම මොකුත් වාසියක් නෑ  අංකල් 

එහෙනම් මොකෝ මහත්තයෝ ?

නිකම්ම ගෙදර ඉන්නත් කම්මැලියි නේ අංකල් 

මේ මහත්තයෝ ....
(මෙය පවුලේ සැවොම කියවන බ්ලොග් එකක් බැවින් ඉතිරිය වාරණය කිරීමට සිදුවිය )
**********************************************

ආයුබෝවන්ඩ ලොකු උන්නැහේ 

ආයුබෝවන් මහත්තයා . මොකෝ ඔයගොල්ලොත් ආධාර බෙදනවද 

නෑ අපි ප්‍රතිපත්තියක් හැටියට ඒවා නෑ  නේ 

හ්ම්ම් 

මේ ප්‍රශ්නෙට හේතුව මේ ක්‍රමේ නේ . එක මුලින්ම වෙනස් කරන්න ඕනේ 

හරි හරි . මුළු පළාතේම ගොඩකට ඔය මහතැන් ලා කියන කරමේ අල්ලලා ගිහින් . ඉතින් මහත්තයෝ මේ සැරේ වත් වෙනසක් වෙයිද 

මම හිතන්නේ නෑ  ලොකු උන්නැහේ . මේ සැරෙත් හට්ටි මුට්ටි , සීට් ටික අරන් උන්ටම බැනලා , උන්ටම තමයි දෙන්නේ ඔන්න බලන්න 

ඉතින් මහත්තයෝ මහත්තයලත් මොනවා හරි දුන්නනම් හරි නේ 

එහෙනම්  මාමේ මේක තියාගන්නකෝ 

මොකෝ මේ ආයෙත් චිට්  එකක් ....?

නෑ  නෑ  ඕකේ  තියෙන ලියලා  තියෙන දේ බලන්නකෝ 

බලාපොරොත්තුව !

ඔව් ඔන්න මම බලාපොරොත්තුව දුන්නා 

ඒත්  මහත්තයෝ මේක තම්බලා කන්නත් බෑ , දියකරලා බොන්නත් බෑ , අඩුම ගානේ අර බව්සරෙන් බෙදන වතුර ටිකක් පුරවා ගන්න වත් බෑනේ 

පලි 
කට්ටිය ඒවා මේවා කිව්වට ලොක්කගේ සංකල්පයක් අනුව වැස්ස පටන් අරන්ලු . ඉතින් බාප්පා දෙයියෙක් නෙමෙයිද අප්පා ?

15 comments:

  1. හෙහ්, මූණ ගහලා දුන්න බෝතලෙන් පස්සේ වහිනවද දැන්.. ආස්චර්යේ කියන්නේ නිකන්යැ ඉතින්..

    ReplyDelete
  2. බාප්පාට කිව්වනම් බඩු සුවර්

    ReplyDelete
  3. මෙන්න මෙතනට කෙලින්ම අදාල නැති කවියක්

    බාප්පයි මායි ගිය කළ රා බොන්න
    පීප්පෙන් අරං ගැසුවෙමු ඇති වෙන්න
    බාප්පා ඔහු ද මා දැයි පවසන්න
    ඩෝප් පිට අපට බැරිවිය හඳුනන්න

    ReplyDelete
    Replies

    1. මෙන්න ඒකට එච්චරම ගැල්පෙන්නේ නැති පිලිතුරු කවියක්

      බාප්පයි පුතයි ඉඳ ගෙන රා බොන්නේ
      බාප්පා පුතා කවුරුද නොපෙනෙන්නේ
      රා නරක් උනොතින් හෙම වැඩ වරදින්නේ
      බාප්පට විතරක් නෙමෙයි එතකොට බඩ යන්නේ

      Delete
  4. හුකැස්...
    සබාවේ තදින් සිනා

    ReplyDelete
    Replies
    1. බුරුසු රැවුල කරකවා රැවුම්...සබාව නිහඬ වේ

      Delete
  5. කපටියෝ මුදුනෙ ඉන්නවා
    මෝඩයෝ බර උහුලනවා
    ඒ වගෙ දවස ගෙවනවා
    කැරකෙන ලෝකෙක අපි හැල්මේ දුවනවා
    කැරකෙන ලෝකෙක අපි හැල්මේ දුවනවා

    ම්හ
    දැනුයි මට කම්පනාවට ආවේ....

    ගායනය - ඇන්ටන් ජූඩ්

    ReplyDelete
    Replies
    1. කියන්න ඕනෑ ඔක්කොම කියලා

      Delete
    2. ඇයි මචෝ මේක ...

      පෙ‍ර‍හැ‍ර‍ එ‍න‍වෝ‍ ක‍ස‍ පු‍පු‍ර‍න‍වෝ‍
      පෙ‍ර‍හැ‍ර‍ එ‍න‍වෝ‍ ල‍ස්‍ස‍න‍යි‍
      පෙ‍ර‍හැ‍ර‍ එ‍න‍වෝ‍ ක‍ස‍ පු‍පු‍ර‍න‍වෝ‍
      පෙ‍ර‍හැ‍ර‍ එ‍න‍වෝ‍ ල‍ස්‍ස‍න‍යි‍ වේ‍ද‍න‍යි‍
      ත‍න‍ම් දෙ‍න‍ත්‍ ත‍ම්‍ දෙ‍න‍ත්‍ ත‍න‍ම්‍ දෙ‍න‍
      තන‍ම්‍ දෙ‍න‍ත්‍ ත‍නෙ‍නා‍

      පො‍රොන්දු මිටියක් හිසින් දරාගෙන
      වියන් රෙද්ද යට රන් කරඬුව ගෙන //
      ගෙයින් ගෙයට පැන ගමින් ගමට එන//
      බලන් වඩින රඟ පොරොන්දු පෙරහැර මේ//

      අත්පිට තබමින ඇත් පිට නගිමින
      පොරොන්දු මිටි ගෙන බල පෙරහැර එන

      අත්පිට තබමින ඇත් පිට නගිමින
      පොරොන්දු මිටි ගෙන
      බල පෙරහැර එන
      බැඳ බැඳ වෙස් මුහුණින් ද
      වැඳ වැඳ දණ නමමින් ද
      සොඳ සොඳ බණ දෙසමින් ද
      වඩින රඟේ.. ////

      නා‍ට්‍ය‍ය‍ - ක‍නේ‍රු‍ ම‍ල්‍ (ජයලත් මනෝරත්න)

      Delete
  6. ඔ යෙස් බාප්ප දෙයිය තමයි

    ReplyDelete
    Replies
    1. එහෙනම් . පුතා ටොයියා . අපි බයියෝ

      Delete
  7. මමත් මේ සැට් එක ගැනම ලියන්න හිතාගෙන ඉන්නේ.. ඒත් ඉතින් මේ කතාවම තමයි.. මේක ඊට ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ලියන්න ලියන්න . එක එක රහ නේ . ඔබේ ලියවිලි වෙන රහක්

      Delete
  8. ම් ..... වැස්ස ඉතිං ඕකට උත්තරයකුත් නෙවිනේ. කොහොමටත් කාලෙකට වහිනවා, කාලෙකට පායනව. ඕක දන්න දා ඉඳන් හැමදාම වෙන දේ නේ. පායන කාලෙටත් වතුර හිඟයක් ඇති නොවෙන්න ඒ මිනිස්සුන්ට ස්ථිර විසඳුමක් දුන්න නම් අර මින්නේරි දෙයියොන්ට වගේ මිනිස්සු බාප්පටයි පුතාටයි දෙයියන්ට වගේ සලකන්නත් පුළුවන්. මේ නාස්තියෙ හැටියට ඕවගේ වැඩකට වියදම් කරන එකත් මහ වැඩක්යැ? හැබැයි ඉතිං ජල ප්‍රශ්නෙ විසඳුනොත් ඡන්ද කාලෙට ඒ පැත්තෙ අලුත් හතුරෙක් හොයාගන්න බාප්පල පුතාලට සිද්ධවෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ තියෙන්නේ සිම්පල් ප්ලෑන් නේ . නියගෙට වැස්ස . ඒ වගේ ඒවා

      ඒ ප්‍රස්නේ විසන්දුනොත් ගොඩක් කට්ටිය වෙන දේවල් හොයා ගන්න වෙනවා

      Delete

Have commented