බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Saturday, August 9, 2014

✿ අසෝකමාලා ✿


මම ..
අසෝකමාලාව ..
මගේ පාඩුවේ ..
මලක් නෙලාගෙන
ජීවත් උන ..

මම ..
අසෝකමාලාව ..
ප්‍රේමයක් වෙනුවෙන් ..
ජීව්ත ආසාව ..
අත්හල ..

මම ..
අසෝකමාලාව ..
වශියක් බැඳ, ගුරුකමක් කර,
සාලියව අල්ල ගත්තැයි ..
කැත කතා ඇහුව ..

මම ..
අසෝකමාලාව ..

පෙම් කල නිසාවෙන් නොව ..
සාලියට ..
පෙම් කල නිසාවෙන් ..
මතකයේ රැඳුන ..



6 comments:

  1. කදිම සංකල්පනාවක් රෝස්

    ReplyDelete
  2. කොහොම වුනත් ප්‍රේමය හන්දා මතකයේ රැදුනනේ.. ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්, සාලිය ට ප්‍රේම කල නිසා .. රජෙක්ට ප්‍රේම කල නිසා ...
      ඒ නිසා විතරයි මතකයේ රැඳුනේ
      ස්තූතියි කොමෙන්ටුවට :)

      Delete
  3. සාලියලාට පෙම් කලවුන් කොතෙක් සිටියත්
    සැවොම අමතක වී ගියේ.
    සැඩොලිය වෙමි මා අශෝක මාලා
    තවමත් රැදෙනා පෙම් කවි අතරේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඔව් ඒ විදියට හිතන්නත් පුලුවන් ...
      ස්තූතියි කොමෙන්ටුවට :)

      Delete