Pages

Sunday, August 3, 2014

ඇය..

හිරු නොනැගෙන වසන්තයක්,
ගැන සිතනා හද මඩලක්..
අමාවක සැන්දෑවේ,
සඳ රැස් විහිද සැලෙනා කල්..
පිපෙනා මල් පර නොවෙනා
ලෝකයකට පෙරුම් පුරණ..
දෙව් ලොවකට උරුම කියන
පාරමි මුණගැසුණා මට..
සත් ගුණවත් සන්තාපයේ
සිහින මාලිගා තනනා කල,
ලෝකයටම එළිය ගෙනෙන,
සුභාෂිණිය වූවා ඇය..
සැමගේ සිත සනසන,
නිවහල් ඔසුවක් වූ සඳ..
රෑ අහසේ තරු අතරේ,
තනි වෙන්නට එපා තවත්..
ඔබ පතනා ප්‍රාර්ථනා,
ඔබේ පිවිතුරු ආයාචනා,
මතු දිනකදී සුවඳැති මල් යායක් වී පිබිදේවා..
ඔබේ පවර සිතුවිලි දල රල පෙළ නැග වැජඹෙවා..
ඔබ නොදන්නවා වුනාට..
ඔබේ දෙනෙතට නොපෙනුනාට..
ඔබේ සතුට පතනා මම
නිරතුරුවම ඔබ ලඟින්ම..

1 comment:

Your comments are highly appreciated ...
- Sharmila :)

Live Tweets -- Follow Me

    Total Pageviews