Monday, July 28, 2014

ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ Goal.com හොඳම ක්‍රීඩකයා සම්මානය දිනයි!

ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ 2013-14 තරඟවාරයේ ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙස Goal.com
තෝරා ගන ඇත. ඔහු Goal.com සම්මානය දිනු තෙවන අවස්ථාවයි. 29 හැවිරිදි රොනල්ඩෝ 2013-14 තරඟවාරයේ ගෝල 51 ක් ලබාගත් අතර  යුරෝපීය ශූරයන්ගේ කුසලානය හා කොපා ඩෙල් රේ කුසලාන රියල් මැඩ්රිඩ් කණ්ඩායමට ලබාගැනීමට මුල් විණි.

ඔහු යුරෝපීය රන් සපත්තුව ලුවිස් සුවාරිස් සමග බෙදාගත්තේය. Goal 50 ලෝකයේ විශාලතම පාපන්දු වෙබ් අඩවියයි. එහි මාධ්‍ය වේදීන් 50ක් විසින් රොනල්ඩෝ තෝරාගන ඇත. පසුගිය වසරේ ජයග්‍රාහකයා වන ලයනල් මෙසීට තෙවන ස්ථානය හිමි විණි.

ජයග්‍රාහී රොනල්ඩෝ "මගේ ලේවල දුවන්නේ පාපන්දු" බව පවසයි.

No comments: