Monday, July 28, 2014

සුවාරිස් තම සගයා සුටුරිජ් කොන්කලා - ලිවර්පූල් දැන් හොඳට කරයි - කැරගර්කි

බාසිලෝනාවට ගිය ලුවිස් සුවාරිස් ඔහුගේ ලිවර්පූල් ප්‍රහාරක සගයා වන ඩැනියෙල් සුටුරිජ් පසුගිය තරඟවාරයේදී කොන්කල බවත්, ඔහු නැති නිසා ලිවර්පූල් කණ්ඩායමට වඩා හොඳ කාලයක් එනු ඇතැයි පාපන්දු විශාරද හා ස්කයි ස්පෝට්ස් තරඟ විචාරක ජැමී කැරගර්කි යනවා.
පසුගිය තරඟවාරයේ ලිවර්පූල් කණ්ඩායමට ගෝල 25ක් ලබාදුන් ස්ටුරිජ්, සුවාරිස්ගේ කරදරය නැති නිසා වැඩියෙන් ඉහලට නැගෙනු ඇති බව ජැමී කියයි. මම විස්තර විචාරය කරපු එවර්ටන් ලිවර්පූල් තරඟයේදී ඔවුන් බහින්බස් වනු මා දුටුවා. පුහුණුකරු ස්ටුරිජ්ව එලියට ගත්තා. මම නම් එලියට ගන්නේ සුවාර්ස්ව. වෙනත් අයෙකු ගෝල ලබාගන්නවාට ප්‍රහාරකයෝ සමහරවිට ඉරිසියයි. මම කියන්නේ නෑ දෙන්නා අහිතවත්ව හිටියා කියලා. ඔවුන් දෙදෙනාටම ප්‍රධාන මිනිහා වෙන්න ඕනෑ වුනා. දැන් ප්‍රශ්නයක් නෑ ස්ටුරිජ් තමා ප්‍රධාන මිනිහා! ඔහු හොඳටම කරයි. ස්ටුරිජ්ට යුරෝපයේ හොඳම ප්‍රහාරකයකු වෙන්න දැන් අවස්ථාව. ඊට අවශ්‍ය හැම දේම ඔහු ලඟ තියනවා. පංතිය, හැකියාව සහ වේගය! ඔහු හැම විදියකටම ගෝල ගන්නවා. කාගර් හරිද?

No comments: