July 28, 2014

ස්‌වප්නමය කල්පිත

මිථ්‍යා ගතික වූ
භාවාත්මක උත්කර්ෂණය සහිත
අත්‍යානන්දන සිතුම් වේද
අධිතාත්විකත්වීයෙන් විමසන්නේද
ඒ වත් බැඳි චිත්තරාග
නිර්මාපකයා සිතනුවත් නොතබාම
හුදෙක්‌
ස්‌වප්නමය කල්පිතයක
පදනමක්‌ සේ
අටවා බිළාලයකුලා හෙරලි ඇට
ගාන්නාටියෙන් මෙරමාලවා
දසුන් වෙන්වාදී මනඃකල්පිත
ආත්මීය ලෝකයක ගිල්වන්නේය.
වියත්කැල නුවණින්
විමසාසිටිනුයෙන්
අනේකප්‍රකාර දෛව නියුක්තයන්
හුදෙක්
සකය සේ
අනෙකක්මතටම වන්නේය.

7 comments:

  1. මෙලෝ මගුලක් තේරුනේ නෑ. ලියන රෙද්දක් තේරෙන්න ලියපන්කො

    ReplyDelete
    Replies
    1. අහා... ලොකු දෙයක් නෑ

      Delete
  2. හෆ්ෆේ සෑහෙන්න බර වැඩි කවියක්නේ..

    ReplyDelete
    Replies
    1. හී හී... එහෙම එව්වත් ලියන්න එපැයි ඉතින්

      Delete
  3. අෆ්ෆා‍‍‍‍‍‍‍.... මේක මාර සම්භාව්‍යයයි නේ.. පරණ පුස්කොල පොතක් කියවලා සිංහල පොඩ්ඩක් පොලිෂ් කරන් එන්නම්..

    ReplyDelete
    Replies
    1. එල එල...
      එහෙම කරන එක කොච්චර සිරාද

      Delete
  4. මේකේ තේරුම ලියන්නම් ළඟදීම

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!