I want my father or at least save my little brother!


“At around 3am, about eight or nine casualties arrived at the emergency room all at once. The last to come in were four siblings – two of them little children, both about three years old, with relatively superficial wounds,” he wrote.

“Then came the older of the four siblings, a boy in his early teens. His head and face were covered in blood and he was pressing a rag to his head to staunch the flow. But his focus was on something else: ‘Save my little brother!’ he kept screaming.” (https://au.news.yahoo.com/world/a/24511237/gaza_boy_goes_viral/).

ගාසා තීරයේ ඊශ්‍රායලය කරන යුධ අපරාධ වලට එරෙහිව ඊශ්‍රායලයේ ඇතුළුව ලෝකය පුරාම උද්ගෝෂණ තිබුනා. මේවට සහභාගී වෙලා හිටපු පිරිස් කුඩා වුවත්, මේ බටහිරත් තවත් විශාල පිරිසක් මේ අපරාධ වලට එරෙහියි. නමුත් ලෝකේ අයියාගේ සහයෝගය තිබෙන නිසා සහ අදාළ කණ්ඩායම් දෙකේම ඉන්න ගොන් අයියල නිසා පලස්තීන දරුවන් තුවාල ලබන එක, අංගවිකල වන එක,අනාථ වන එක හා මිය යන එක නැවතෙන එකක් නැහැ.

යුක්රේන කැරලි කරුවන් විසින් බිම දැමුවා යයි සැක කෙරෙන ගුවන් යානයේ සිටි ඕස්ට්‍රේලියානුවන් ඇතුළු අනෙකුත් පිරිස් වල මළ සිරුරු එයාලගේ රටවල් වලට ගෙන එන්නට මං පාදා ගැනීමේ හා මේ යානය බිම වැටුන එක ගැන සොයන්න වැඩපිළිවෙලක් ගොනු කර ගන්නට අගමැති ටෝනි ඇබට් ගත්ත ක්‍රියා මාර්ග පැසසුම් කටයුතුයි කියන්න පුළුවන්. ලෝකයේ අනෙකුත් රටවල් වල නායකයන් අතර, ඔහු ඒ ක්‍රියාවලියේ නායකත්වය ගත්තා. දැන් මා වුනත් අර ප්ලේන් එකේ හිටියා නම්, ඔහු මගේ මළකඳ මේ රටට ගෙන එන්න මනුස්සයන් වශයෙන් ගත හැකි සියලුම පියවරන් ගන්න බවට සහතික වූ පරිදිම ක්‍රියා කරනු ඇති.

ඔය අතරේදී ඕස්ට්‍රේලියාවට ඉන්දියාවෙන් ආ සරණාගත බෝට්ටුවේ හිටපු 157 ත් දෙනා පසුගියදා ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමිය වෙත ගෙන ආවේ, මාසයක් පමණ කාලයක් මහා මුහුදේ, ඕස්ට්‍රේලියානු රේගු නැවක සිර කර තැබීමෙන් පසුව. මේ පිරිසෙන් 37 ත් දෙනෙක් ළමුන්.

මේ කතා වලට මා මෙයට වැඩි යමක් එක් කරන්නේ නැහැ.

ප ලි
ඒකීය පුද්ගලයන් වශයෙන් අප ජිවත් වන රටවල් ඇතුලේ, අපගේ නායකයන් පත් කර ගන්න විට, අඩුම වශයෙන් තමන්ගේ රටේ මිනිසුන්ගේ ජිවිත අගය කරන මිනිසුන් පත් කර ගන්න ඕනේ කියන එකයි මේවායින් ගන්න පුළුවන් ආදුරුසය. ඉන් එහාට යන මනුෂ්‍යත්වය අපට තාම සිහිනයක්.

6 Comments

Filed under Opinion

6 responses to “I want my father or at least save my little brother!

  1. මම දැක්ක බ්ලොග් අවකාශේ පුරාම ඊශ්‍රායලයට සුදු හුණු ගාලා තියෙනවා. මේ පෙන්වන්නේ ලාංකීය පෝස්ට් වෝ එෆෙක්ට්ස් වෙන්න ඇති.
    මොකද දාස් ගණන් මැරෙද්දිත් අපේ බොහෝ අයට ප්‍රශ්නේ කාගේ අයද මැරෙන්නේ කියලානේ. නැතිව ඒ මැරෙන්නේ මිනිස්සු කියන එක හිතන්න අපේ මිනිස්සු මේ තරම් කම්මැලි මොකද කියලා වෙන විසඳුමක් මට නම් හිතාගන්න බෑ.
    ටෝනි ඇබට්ගේ ක්‍රියාව අගය කරන්න මාත් එක් වෙනවා. රටක ජනතාව වෙනුවෙන් පෙනී හිටින නායකයෙක් අපිටත් හිටියා නම්ම්ම්ම්……….

    නිතර කියෙව්වට සත දෙකක් දාන්නේ කලාතුරකින්.

  2. ගණන් ගන්න එපා රංගි. මාත් ඔබ ලියන දේවල් කියවනවා වුනත්, යමක් ආපසු ලියන්නේ කලාතුරකින්. 🙂

    ඔබ අසරණ මිනිසුන් සමග වැඩ කරන කෙනෙක් නිසා, මේ මිනිසුන්ගේ ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන් ඇති. මා ගාසා තිරයේ ජිවත් වුනා නම්, මගේ දරුවන් ගේ අනාගතය, ඔවුන්ගේ ජීවිතය කොහොම වෙන්න පුලුවන්ද ?

    මා ඉමෝෂනල් වන්නේ කලාතුරකින්. පොත් පත්තර කියවීමේදී කොහොමත් නැහැ. බිරිඳ කියන්නේ මගේ හදවත ගලක් කියල. අර ප්‍රවුර්තිය කියවන විට මට කඳුළු ආවා. මොකද අපටත් දරුවන් ඉන්නවා.

    අනික් සේරම පැත්තක තියමු. කුඩා දරුවන් කියන්නේ, මේ කිසිම ක්‍රියාවකට දායකත්වයක් දක්වන පිරිසක් නොවේ. අර බෝට්ටුවේ සිටපු දරුවන් 37 දෙනාද ඒ වගෙයි. මහ මිනිසුන්ගේ වැඩ වලට දරුවන් හිලවු කිරීම තිරිසන් කමටත් එහා යන දෙයක්.

    ලංකාවේ ඔය ඊශ්‍රායලයට පක්ෂ කට්ටිය (ටින් ටින් නංගිලා හා මල්ලිලා) රංගි, මා මෙයට කලින් සටහනේ ලියපු විසංවාදී මිනිසුන්ම තමා. ඔවුන් ගැන අප අනුකම්පා කිරීම හැර වෙන කළ යුතු යමක් නැහැ. 😦

  3. kathandarakaraya

    ඔය යුක්රේනයේ මිය ගිය ඔසී වැසියෝ 29 දෙනා වෙනුවෙන් ඇබොට් ඩෙලර් මිලියන් 29ක් වැය කරාවි. ඒ මිය ගිය අයගේ සිරුරු ආපසු ගෙන්වාගන්න.

    ඒ වගේම බෝට්ටුවකින් එන එක් අයෙකු වෙනුවෙනුත් ඔහු ඩොලර් මිලියනයක් වැය කරනවා, නමුත් ඒ ඒ අයව රටට වැද්දා නොගෙන ඉන්නයි!

    කෙහොම හරි රයිගමත් එහෙනං මිලියනයක් විතර වටිනවා!

  4. ඒකනේ කකා කියන්නේ! මිලියනය මැරුණට පස්සේ නිසා ඇති දෙයක් නැහැ. 10% ක් වගේ දැන් ඉල්ලා ගන්න බැරිද දන්නේ නැහැ.

    ඇත්තම කියුවොත්, දෛවයේ සරදම් තමා!

  5. මේ හැම තැනකම පීඩනය දරුවන්ට. ගාසා තීරයේ අහන්න දකින්න තියෙන දේවල් බලපුවාම (එතන විතරක් නෙමේ )…මේ අසරණ දරුවන් කරලා තියෙන වැරැද්ද මොකක්ද කියලා හිතන්න බැරිද…රුසියාවට සම්බාධක පනවන ගමන්,,,,ඊශ්‍රායලය ගාව සටන් විරාම ඉල්ලා ආයාචනය කරනවා….

  6. ලෝක බලවතුන්ගේ දෙපිට කාට්ටු කම තමා. මෙයාල ඇවිත් කුඩා රටවල් බේරා ගනීවි කියල සිතන්න බැහැ. අපේ යුද අපරාධ හොයන්න කමිටු දාල. මෙහෙ ටීවී වල ලයිව් යුධ අපරාධ පෙන්නනවා. අපේ ලාමක ටින් ටින් ලත් මේවටම හුරේ දමනවා බං !

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.