Thursday, July 24, 2014

වින්ඩෝස් 8.1 මීළග සංස්කරණය අගෝස්තු 12 පැමිණීමට නියමිතය

මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් වින්ඩෝස් 8.1 හි දෙවන සංස්කරණය අගෝස්තු 2 වන දින එළිදැක්වීමට සූදානමින් සිටී. මෙම තොරතුර රුසියානු වෙබ් අඩවියක් මගින් පසුගිය දින ලොවට හෙලිවින. කෙසේ වෙතත් මෙම නව සංස්කරණයේ ඉදිරිපස පෙනුම සහ ගතිගුණ අතින් කිසිවක් දියුණු කොට නොමැති බවයි මොවුන් පවසා සිටින්නේ.



මීළගට පැමිණෙන්නට නියමිත වින්ඩෝස් 9 මෙහෙයුම් පද්ධතිය නම් කර ඇත්තේ වින්ඩෝස් තර්ස්හෝල්ඩ් (Thershold) ලෙසය.එය මෙම වසර අවසානයේ එලි දැක්වෙන්නට නියමිත බව මොවුන් විසින් දන්වා තිබේ. මෙම මෙහෙයුම් පද්ධතිය විසින් පරිගණකයට සම්බන්ධ කරන ඕනෑම උපකරණයක් ඉතාමත් ඉහළ කාර්යක්ෂමතාවයෙන් Windows 9 සමග පවතින බවත් Windows 8.1 වලට වඩා නව ගුණාංග එහි පවතින බවත් පවසා ඇත. 

කෙසේවෙතත්  නවතම ගුණාංගත් සමග පැමිණෙන windows 9 තර්ස්හෝල්ඩ්” මෙහෙයුම් පද්ධතිය  Windows 8.1 මෙහෙයුම් පද්ධතියට වඩා බොහෝ සෙයින් ජනප්‍රිය වීමට ඉඩ ඇති බවත් දන්වා ඇත.




3 comments:

හදනවා කියලා මේකත් මාර හැදිල්ලක්නේ. සැරෙන් සැරේ එක ඒවා release කරනවා. එතකොට මේ අලුත් සංස්කරණය එන්නේ Windows 8.2 කියලද?

ඒක නම් හරියටම දන්නෙ නෑ. නමුත් Windows 9 නම් එන්නෙ Windows "Thershold" කියල.. :)

Thershold kiyala wachanayak english wala na.
Threshold kiyala kiyala nam kiyanawa uparma agayak awama.

Comment එකක් දාන්න