Wednesday, July 23, 2014

යකඩ ටියුලිප් මල ලුවිස් වෑන් ගාල් මැන්චෙස්ටර් යුනයිටඩ් වැඩට බහී!

මුරණ්ඩුකම නිසා මැන්චෙස්ටර් යුනයිටඩ් හා ලෝක කුසලාන නෙදර්ලන්ත පුහුණු කරු ලුවිස් වෑන් ගාල් හැඳින්වෙන්නේ යකඩ ටියුලිප් මල ලෙසින්. ඔහු ලෝක කුසලානයේ තැවුනේ එක වරයි! ඒ ටිම් කර්ල් ආජන්ටීනා තරඟයේ දඬුවම් පහරට පෙර ආදේශ කිරීමට නොහැකි වීම ගැනයි.





ඔහු දැනට ඇමරිකාවේ මැන්චෙස්ටර් යුනයිටඩ් සමග පුහුණු සංචාරයක. ඔහුගේ සහය පුහුණුකරු මැන්චෙස්ටර් යුනයිටඩ් ශූර ගිග්ස්. "තමන් පුහුණු කරන්නේ තරු නොවන බවත් ක්‍රීඩකයන්" බව ඔහු පවසනවා.

ශාරීරිකව මෙන්ම මානසික ශක්තිය ලබාදීම ඔහුගේ පුහුණුවේ ප්‍රධාන අංගයක්. එය නෙදරලන්තය ලෝක කුසලාන තරඟාවලියේදී දැක ගත්තා. පසුගිය ප්‍රීමියර් ලීග තරඟාවලියේ මහත් පසුබෑමකට ලක්වූ මැන්චෙස්ටර් යුනයිටඩ් ඉදිරියට ගෙන ඒම ඔහුගේ ඉලක්කය. ඔහුගේ සාර්ථක හෝ අසාර්ථක වීම ලඟදීම බලාගත හැක.

No comments: