Tuesday, July 22, 2014

සුවාරෙස්ගේ ආගමනය - නේමා හා මෙසීගේ අනාගතය!

තව සුළු කාලයකින් ලෝකයේ හොඳම ප්‍රහාරකයකු වන සුවාරෙස් ලිවර්පූල් සිට බාසිලෝනාවට පැමිණේ. එය මෙසීට හා නේමාට බලපාන්නේ කෙසේද? නේමාගේ ක්‍රීඩාව වම් පැත්තේ නිසාත්, ඔහුගේ කාර්යය ගෝල ලබාගැනීම සහ ගෝල ගැනීමට සහය නිසාත් සුවාරිස්ගේ ආගමනය ඔහුට වාසියක්ය?  ගැටුළුව ඇතිවන්නේ මෙසීටය.





2011-2012 බාසිලෝනාවේ ලයනල් මෙසීගේ හොඳම තරඟ වාරය වූ අතර ගෝල 73ක් ලබා ගත්තේය. 2010-11 තරඟවාරයේ ඔහු ගෝල 53ක් ලබාගත් අතර ලාලීගා, යුරෝපීය ශූරයන්ගේ ශූරතාවය, කොපා ඩෙ‍ල් රේ, යුරෝපා සුපිරි කුසලානය, ලෝක සමාජ කුසලානය ආදී තරඟාවලි රාශියක්ද, ලෝකයේ හොඳම ක්‍රීඩක සම්මානයද 2011-2012 කාලය තුල ලබාගති.



2013-2014 තරඟ වාරයේදී ඔහු ලබාගත්තේ ගෝල 41ක් ‍පමණය. එම තරඟවාරයේදී බාසිලෝනාව බ්‍රසීලයේ නේමා බඳවා ගත් අතර ඔහු 26කදී ගෝල 15ක් ලබාගත්තේය.

ලයනල් මෙසී බාසිලෝනා කණ්ඩායමට ක්‍රීඩා කල ප්‍රථම තරඟ 24කදී ලබාගත්තේ ගෝල 9කි.  වසරින් වසර ගෝල 73 දක්වා වැඩිවී 60 හා 43 ලෙස අඩුවීය. ලෝක කුසලානයේ අවසාන තරඟයට ආජන්ටීනාව පැමිණියද ඔහුගේ සුපුරුදු දක්‍ෂතා මතු නොවූ බව පෙණුනි. වයස 27ක් වන මෙසී ආබාධ තත්වයක පසුවන බවද පෙනුණි.



මේ අතර ලිවර්පූල් ගෝල යන්ත්‍රය ප්‍රහාරක ලුවිස් සුවාරිස් ලිවර්පූල් කණ්ඩායමෙන් බාසිලෝනාවට පැමිණීම මෙසීගේ ස්ථානයට බ‍‍ලපෑමක් කරයි. ලුවිස් මැද ප්‍රහාරක ලෙස ක්‍රීඩා කරන නිසාත්, නේමා වම් අර්ධයේ ක්‍රීඩා කරන නිසාත් මෙසීට සිදුවන්නේ දකුණු පැති ප්‍රහාරක ලෙස ක්‍රීඩා කිරීමට හෝ මැද පෙලට පසු බැසීමයි.



කෙසේ වෙතත් අතිමහත් අත්දැකීම් රාශියක් සහිත මෙසී තම ක්‍රීඩා විලාසය වෙනස් කරගන නේමා හා සුවාරිස්ට ඉඩදී ඉවත්වේ යයිද සිතිය නොහැක.  සුවාරෙස්ගේ තරඟ තහනම නිසා ඔහුට බාසිලෝනා තරඟ සඳහා එකතු වීමට තව මාස තුනක් ගතවේ. බාසිලෝනාව ලා ලීගයේ ප්‍රථම තරඟ වල මෙසීගේ වෙනසක් නොවූවත් සුවාරෙස්ගේ ආගමනය තු‍ල මෙසීගේ ක්‍රීඩාව වෙනස් වීම අනිවාර්ය වේ.


මෙසී දකුණු ප්‍රහාරක වීමේදී ඉවත් වන්නේ පෙඩ්රෝය. නමුත් මෙසී පෙඩ්රෝ මෙන් හරස් දැමීම් නොකරන නිසා එම සැලසුම සාර්ථක වේයයි සිතිය නොහැක. මේ අනුව මෙසී , නේමා හා සුවාරෙස්ගේ පසුපස සිට තරඟ මෙහෙයුම් අංශයට මාරු වේයයි සිතිය හැක.


එය එවිට බලපාන්නේ මැදපෙල සාවි, බිස්කෙට් හා එනියස්ටාටය. මේ අනුව සුවරෙස්ට ඉඩ දීමට ඉවත්වන ක්‍රීඩකයා මෙසීද නැතහොත් මැද පෙල ක්‍රීඩකයකුද යන්න ගැටළුවකි. කෙසේ වෙතත් සුවාරෙස්ගේ පැමිණීම බාසිලෝනාවට ක්‍රීඩාව මෙන්ම , ක්‍රීඩා සැලසුම් වලටද බලපෑ හැකි අතර ටිකි ටාකාට වඩා වේගවත් තරඟ රටාවකට මාරුවීමද සිදුවනු ඇත.



No comments: